නිමන්ති රණසිංහ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති ඇමැති සරත් ෆොන්සේකාගෙන් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා පසුගිය නඩු වාරයේ අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අද ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය වෙත කැඳවනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඝෝඨාභය මහතාණෙනි, දේශපාලන ජීවිතයේ ඕවා බොහොම සුළු දේවල්ය. විලුඹෙන් ඉහළට ගන්න එපා. දස දහසක් සිංහලයින්ගේ සොහොන් ඉදිවීම වැළැක්වූ ඔබට ඔබගේ පියාගේ සොහොන ඉදිකිරීමට ද්‍රෝහී වූ මේ සිංහලයින්ට මතු ජාතිජාතිවත් වචනයකින්වත් උදව් නොකිරීමට සිත තබාගන්න. ඔබ සිංහලයින්ට කළ දේ දෙමළුන්ට කළානම් ඔවුන් ඔබ වෙනුවෙන් කෝවිල් ඉදිකරනු ඇත.
එකල තිබුණු අසීමිත බලය මෙලෙස අකාලයේ නැතිවෙයි කියලා මේ අයට හිතුනේවත් නැති නිසයි රාජ්‍ය හස්තය භාවිතා කර මෙතරම් අපරාධ කලේ...
මම මේ කට ඇරගෙන බලාගෙන ඉන්නේ එළියට එනකොට සේරම කට්ටිය දීලා අදින " වොයිස් කට්" ටික අහන්න.
වොයිස් කට් අහන්න දෙයක් නැහැ... එතරම් විශාල කුමන්ත්‍රණයක් මෙතන සිදුවෙන්නේ...
නිකම් කාලේ කන වැඩ මේවා සාමාන්‍ය වැසියෙකුගේ නඩුවක් අහල ඒවා ඉක්මනින් ඉවර කරන්න ......මේ කට්ටියගේ නඩු අහල කවදද දඩුවම් කරන්නේ
උසාවි ගානේ ඒවට මේවට එනවා ඇරෙන්න මෙයාට වෙන වැඩක් නැහැනේ.. බුකිය කලඹන චරිතයක් වෙලානේ දැන්..
හරියට හිනා වෙලා අත වනන්නේ හොඳ වැඩක් කරන්න යනවා වගේ. යකෝ මේ යක හොරකම් කරලා එකේ නඩුව අහන්න යන්නේ. මෙයාට අපේ ශ්‍රී ලංකාවේ අය ඡන්දෙ දීල ජනාධිපති කරයිද එකත් කියන්න බැහැ අපේ රටේ ඉන්නේ බත් කන හරක්.
ජනාධිපති සිහිනය බොඳවූ වගයි.