ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරවීමට පොලිස්පතිවරයා අද සවස තීරණය කර තිබේ.
ඒ අනුව එම පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd