(ඩයනා උදයංගනී)
ඇතැම් ආගමික ස්ථාන තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ව බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
කෝවිල් පරිශ්‍ර තළ සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන් මහතා කළ යෝජනවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කර ඇති අතර ඊට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
හින්දු ආගමේ නාමයෙන් කරගෙන යනු ලබන සත්ව හිංසාව නියාමනය කිරීමට ආයතන ගත ව්‍යුහයක් නොමැති අතර කෝවිල් පාලනය තනි පුද්ගලයෙකු හෝ ජනතාව විසින් පත්කළ කළමනාකරණ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන බව නිරෝෂන් පෙරේරා මහතා කීවේය.
සත්ව බිලි පුජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිළි නොගන්නා අතර සත්ව බිලි පුජා තහනම් කිරීමත්, දඩුවම් පැමිණ විය හැකි වරදක් ලෙස නීතිගත කිරීමත් සිදු කළයුතු බවට හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම් වල මතය වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොවිල් වලටත් තහනම අදාළද?
ලොකු දෙයක්
අපි දියුණු රටක්, රජ්‍යයක් වෙන්නනම් අපි මෙවැනි දේවල් අපගේ රටින් තුරන් කල යුතුයි! යක්කු, පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ, මෙවැනි මිත්‍යාවන් අපේ රටට කරපු කිසිම සෙතක් ශාන්තියක් නැහැ! ඉතින් මෙව්වට තමයි කුඩා දරු දැරියන් අහිංසක සත්ව සිව්පාවන් බිලිවෙන්නේ .
යහපාලකයෝ ඔවුන්ගේ පැවැත්ම සඳහා මුළු රටම බිල්ලට දීලා තිබෙන්නේ . බිලි පූජා තහනම් කරනවානම් කලයුත්තේ වහාම ඡන්දයකට යාමයි.