(මහින්ද නිශ්ශංක)
දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ලබන 1 වැනි දා සිට වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ යටතේ රුපියල් 10ක් වන අවම ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බව පවසන දෙපාර්තමේන්තුව අවම ගාස්තුවෙන් යා හැකි දුර කිලෝමීටර 10 සිට කිලෝමීටර 7 දක්වා අඩුකර ඇති බව ද කියයි.
දුම්රිය ගාස්තු වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල හා මහා භාණ්ඩාගාර අනුමැතිය ලැබී ඇති අතර ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දුවන්නේ කොහොමද? දැනට මහනුවර සිට කොළඹ කොටුවට සාමාන්‍ය දුම්රිය ගාස්තුව රුපියල් 109.00. උදේට බනිස් ගෙඩියක් කාලා කහට එකක් බිවුවොත් රුපියල් 50.00. නැගලා යයි නේද?
ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නේ නැත්තම් නම් තමා පුදුමේ.
වැඩි කරන්නම් බලාගෙන ඉන්න. එත් දුම්රිය වෙලාවට දුවන්න ඒ වගකීම ගැන කවුරුත් නැ බැලුවොත් වැඩ වර්ජන
කොහෙන් බැලුවත් මජනයට පීඩා ගෙනදෙන .රට අගාදයට ඇදගෙන යන මහා අය පන්නා දැමිය යුතුය
ගමන් ගාස්තු වැඩිකළාට කමක් නෑ. ඒත් වෙලාවට දුම්රිය ගමන්කරනවද කියලත් බලන්න ඕනෑ. අනික නුවර සිට කොටුවටත්, කොටුවේ සිට නුවරටත් සුදුසු වේලාවන් වලට දුම්රිය ධාවනය වෙනවා නම් හොඳයි. හොද සේවාවක් ලබාදීලා ගාස්තුව වැඩි කළාට ගැටලුවක් නෑ. උදේ නුවරින් ධාවනය වන දුම්රිය කොටුවට යන්නේ 8.15 - 8.30ට... ඉතින් වේලාවට වැඩට යන්නේ කොහොමද? ගාන විතරක් නෙවෙයි අවම යටිතල පහසුකම්වත් ලබාදෙනවා නම් හොඳයි..