(ආරියරත්න රණබාහු)
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය සංවිධානය කළ 61 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී රාජ්‍ය සම්මාන ලැබූ සිංහල කෘති මෙසේය.
1. හොඳම ස්වතන්ත්‍ර නවකතාව
යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි
2. හොඳම ස්වත්රන්ත්ර කෙටි කතා සංග්‍රහය
ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනෙවිරත්න
3. හොඳම ශ්‍රාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය
බෞද්ධ සුඛ සංකල්පය හා ආචාර ධර්ම - ඉරෝමි ආරියරත්න
4. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර)
කළුතර දිසාව - වික්ටර් පෙරේරා
5. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර)
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන - ඒ.ඞී. සෝමපාල
6. හොඳම පරිවර්තන ශ්‍රාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය
සිංහල නාම පදයෙහි ඉතාහාසය - දිලිනි ආරියවංශ
7. හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (පරිවර්තික)
නූතනත්වය, පශ්චාත් නූතනත්වය සහ සමාජ විද්‍යාත්මක න්‍යාය - පේ‍්‍රමකුමාර ද සිල්වා - අබේරත්න අත්තනායක
8. හොඳම ස්වත්රන්ත්ර පද්‍ය සංග්‍රහය
ගිරිමුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන
9. හොඳම ස්වත්රන්ත්ර ගීත රචනා සංග්‍රහය
සඳකත්මිණ - සුනිල් සරත් පෙරේරා
10. හොඳම ස්වත්රන්ත්ර නාට්‍ය කෘතිය
සොක්රටීස් ඔපෙරා පිටපත - එරික් ඉලයප්ආරච්චි
11. හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය
වැලිකතර තිර රචනය - තිස්ස අබේසේකර
12. හොඳම පරිවර්තන නවකතාව
මුහුද යට දිවයින - නිලූක කදුරුගමුව
13. හොඳම පරිවර්තික කෙටිකතා සංග්‍රහය
අලූත් මනාලයා - උපාලි ලීලාරත්න
14. හොඳම පරිවර්තික නාට්‍ය කෘතිය
තට්ට ගායිකාව - කංචුකා ධර්මසිරි ලොහාන් රණවීර
15. හොඳම පරිවර්තික යොවුන් සාහිත්‍ය කෘතිය
ඉරි ඇඳුමේ සැඟවුණ කඳුළ - සීතා මහේන්ද්‍ර
16. හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය
හිඹුටුදෙනිය කඳු පාමුලින් - පියසිරි මාතරගේ
17. හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය
අහස් යන්තරය - කරුණාරත්න නානායක්කාර
18. හොඳම පරිවර්තික ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය)
මමයි මගේ අක්කා ක්ලාරායි - දේවිකා වඩිගමංගාව
19. හොඳම ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය)
වෙසක් කූඩුව - චන්දසේන කොඩිතුවක්කු
20. හොඳම ළමා සාහිත්‍ය කෘතිය (පළමුවැනි කාණ්ඩය)
දේදුන්නක් පායලා - සුනිල් සරත් පෙරේරා
21. හොඳම පිට කවර නිර්මාණය
121110 වැලිකඩ සංජය ඈපා සෙනෙවිරත්න
22. 2017 වර්ෂයේ ප්‍රකාශිත ග්රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත වැඩිම ග්රන්ථ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd