අජන්ත කුමාර අගලකඩ
දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින් (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ දුම්වැටි අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවත් එය බදු ආදායමටද දැඩිව බලපා ඇති බවත් සමරවීර මහතා එහිදී පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.
සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
මංගල සමරවීර ඇමැතිවරයා යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබාගන්නා තෙක් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ද දැන ගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට් තනි තනියෙන් විකුනන්න තහනම් කලොත් මිනිස්සු පැකට් පිටින් මිලට ගනීවි. එහෙම කරහම නිතරම පැකට් එක සාකුවේ තිබෙන නිසා වැඩිපුර බෝවී,
බහුතරයකට මේ පුවත අමන්දානන්දය උතුර උතුර උතුරා වාන් දමනවාට කිසිදු සැකයක් නැත්තේය.
රත්තරන් බිත්තර දමපු කිකිලිට කරපු දේ තමයි සිගරට් කොම්පැනියට කලේ. දැන් අපිට සිගරට් නොබෝනවාට බද්දක් ගහන්න
දැන් සිගරැට් කොම්පැනියෙන් ආපු ආදායම නැතිනිසා කුඩු විකුණන එක නීත්‍යානුකූල කරල ඒකට අලුත් බද්දක් ගහන්න සිගරට් අලෙවිය අඩුවුණාට කුඩු අලෙවිය වාර්තාගත විදියට ඉහල ගිහින්නෙ
බොහොම හොඳයි මාත් බොන එක නවත්තලා මාස 2ක් වෙනවා. ඔය මල ජරාව නිසා ජීවිතේ විනාශ කර ගන්න එපා..
දුම් පානයේ ආදීනව ගැන ජනතාව දැනුවත් වෙලා ඇති. දැන් මේ ජනතාවට කියන්නේ දුම්පානය වැඩිකරන්න කියලද ?
අනේ මංගල ඇමතිතුමෝ ඕයිට වඩා වියදමක් යනවා දුම්වැටි නිසා ලෙඩ වෙන අයට බේත් කරන්න.
ඔය වැඩ වලින් අපට හිතා ගන්න ආර්ථිකය ගොඩනැංවීමට ඔබලාට තිබෙන හැකියාවේ තරම. මුලු රටේම ආර්ථිකය කඩා වැටිලා. ඔහේලාට ඕන කලේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලා බලයගෙන තමන් හැදෙන්නට මිස රටට සංවර්ධනය කිරීමට නොවේ. අනික නුඹලාට කරන්න සංවර්ධනයක් ඔවුන් ඉතුරු කලේ නැත.
එතකොට පැකට් එකක් අරන් සිල්ලරට රුපියල් 60 විකුණලා පොඩි මිනිහට බිස්නස් කරන්න පුළුවන්. පැකට් නොවෙයි එ්කට වඩා විකුණන්න තහනම් කලානම් හරි.
ආ ඕක ගැන කරදර වෙන්න එපා...... සිගරට් නොබොන අපට ඕක ගෙවල දන්නා පුළුවන්
ඉස්සර සිගරට් මිල පීකොක් සත 2 යි, ඕකිඩ් සත 3යි, ත්රීරෝසෙස් හා ෆෝරෝසෙස් සත 6 යි, ස්පෝට්ස්මන් සත 8යි, නෙවිකට් හා බ්‍රිස්ටල් සත 8 යි, ආඩත් හා ගෝල්ඩ් ලීෆ් සත 10 යි.
අපිට දැන් සිගරට් බොන්නද කියන්නේ ?