(ජේ.කේ.එල් චාමින්ද)
‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා‘‘ යැයි මලිදුපුතා බහුදින යාත්‍රාව නැවක හැපීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන (26) හැවිරදි එරන්ද පුෂ්පකුමාර සිද්ධිය පිළිබඳ කීවේය.
මලිදුපුතා බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්ව ගොස් තිබේ .මසුන් ඇල්ලීම සඳහා බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකු ගමන් කොට ඇත.
මහ මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් හය දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් ධීවර කාර්මිකයෝ සිව් දෙනකුගේ මළ සිරුරු අද (12) රාත්‍රී නාවික හමුදාව මගින් ගාලු වරායවෙත රැගෙන එනු ලැබීය.
ධීවර කාර්මිකයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇතිඅතර දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර බිහිසුණු සිද්ධිය විස්තර කරමින් මේසේ කීවේය.
‘‘ඊයේ (11) සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා.
අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.රාත්‍රී 12.00ට විතර බෝට්ටුවේ වීල්එක කල්හාර අයියාට දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරලුනා.
මම මුහුදට විසිවුනා. මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.
මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.
නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මාව බේරගත්තා. බෝට්ටුව නැවේ හැප්පෙන්න පැයකට විතර කලින් තමයි මම බෝට්ටුවේ විල් එක කල්හාර අයියාට දුන්නේ ‘‘ යැයි එරන්ද පුෂ්පකුමාර කිවේය.
මියගිය ධීවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජි.එන් කරුණාතිලක මහතාගේ නියෝගයකට අනුව මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මගේ පෞද්ගලික අදහස. ජීවනෝපායක් ලෙස අහිංසක සතුන්ගේ දිවි නැසීම සුබ පල ගෙන දෙන්නක් නොවේ.
කෝ මේවට නීති ? මේ මාස කීපයට කොච්චර අසරණ ධීවර ජනතාව කීදෙනෙක් නැති වුනාද ? මොකක්ද ධීවර අමාත්‍යංශ, සංස්ථා, නාවික හමුදාව කරන්නේ ? මොනවද පළාගිය නැව අල්ලන්න කරන්නේ ? මිනීමැරීමේ වරදට නැවේ කපිතාන් ඇතුලු පිරිසට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය ?
ඔය මරණ බය අහිංසක මාලුන්ටත් දැනෙනබව තේරුම් ගන්න.
බලන් ගියහම නැව් පෙන්නේ නැති අයත් ඉන්නවා.
පැරකුම් සහ දම්මි ජිවිතේ කිසිදු දිනක මාළු අනුභව කරලා නැත්නම් ඔබ දෙදෙනාගේ අදහසට එකග වෙමි. නැත්නම් ඔබ පැවසුවේ මෝඩ අදහසක් බව මතකට තබා ගන්න.
මරණ බිය කාටත් එක සමානයි. මේ අපේ රස්සාව. අපේ රස්සාවට ගරහන්න එපා.