(ඩී.කේ.රත්න)
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
කොළඹ නාරහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරියක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පොලිස් සැරයන්වරිය ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ එකතු වී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් විදේශීය රටවල රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කර ඇත.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කළ බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම පොලිස් සැරයන්වරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය මෙහෙම නම් කරන්නේ අනික් අය ගැන කුමන කතාද?