මුදිතා දයානන්ද
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු මිලදී ගැනීමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නැතැයි පවසන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ගිවිසුමක් නැති ඇණවුමක් නැවැත්වූවැයි කියා සතයකවත් පාඩුවක් සභාවට සිදුවන්නේ නැතැයිද පැවසීය.
ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මේ බව පැවසුයේ රාජගිරිය ජනජයසිටි හි පිහිටා තිබෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේදි අද (13) පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
පාර්ලිමේන්තුවට සමාන පුටුවක් මිලදි ගැනීමට සභා කටයුතු කාරක සභාවේදි තිරණ කර තිබුණත් එහි මිල ගණන් දැනුම් දී තිබුණේ නැහැ. ඒවගේම අමාත්‍ය මණ්ඩලයත් මේ මිල ගණන් දැන නොසිටි බව තමයි ඔවුන් කියා සිටියේ. ටෙන්ඩර් කැඳවීමේදි පළමු වතාවේ ලැබී තිබුණේ එක් අයදුම්පතක් පමණයි.
ඒ අය ප‍්‍රතික්ෂේප වුණේ කෙසේ දැයි පුටුගැන සෙවීමට පත්කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නැහැ. දෙවන වතාවට ලැබුණ අයදුම්පත් තුනමත් අසමත්. එසේ තිබියදි තමයි මුල්‍යමය යෝජනාව පමණක් විවෘත කර බලා මෙට්‍රොපොලිටන් සමාගම තෝරාගෙන තිබෙන්නේ. එය සම්පූර්ණ වැරදි කි‍්‍රියාවක්. පුටු මිලදි ගැනීමට පෙර ටෙන්ඩරයෙන් අනුමත වූ පුටුවේ සම්පූර්ණ විස්තරයක් මා වෙත ලබාදෙන ලෙසද ප‍්‍රධාන ලේකම්ට දැනුම් දෙනවා.
මේ විදිහට ජනතා මුදල් නාස්ති කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා මෙරට මේ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අහෝසි කර මෙරට නිෂ්පාදිත, මෙරට ආර්ථිකයට ගැලපෙන සාධාරණ මිලකට නව පුටුවක් මිලදී ගන්නා ලෙසත් එලෙස මිලදි ගැනීමට තීරණය කරන පුටුවේ මිල ගණන් ඇතුළු විස්තර මා වෙත දැනුම් දෙන ලෙසත් මා ප‍්‍රධාන ලේම්කවරයාට ලිඛිතව දන්වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි. ඔබ තුමා ඇත්තම තමා කියන්නේ. අපි පිළිගන්නම් හොදේ.
සැපට ඉදගෙන ඉන්න පුටු මිලදී ගන්න යනවා මේ කට්ටිය. දවසට පැය කියක් වැඩ කරනවද ඕනෑම තැනකට ගියොත් වැඩක් කරගන්න ඇමති, මන්ත්‍රී අද නැහැ හෙට එන්න කියනවා ඉතින්. මෙහෙම අයට ලී පුටු ටිකක්. ඇනවුම් කරන්න.
මහා නස්පැත්තියක් වෙන්නයි යන්නේ.
අනේ ආණ්ඩුකාරතුමෝ, ආර්ථිකයට ගැලපෙනවා කියන පුටුවේ ගාණ කීයද? ආයතනයකට ගැණුම් ඇණවුමක් යවනවා කියන්නේ ලංසු ලේඛනයේ තිබෙන කොන්දේසි බලාත්මක වෙනවා කියන එක. අදාළ පිරිවිතරය අනුමත කරන්න කලිනුයි මේවා හිතන්න තිබුණේ.
මෙරට ආර්ථිකයට ගැලපෙන්න දෙනවානම් ඉතින් ලී බංකු තමයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේතුවේ ලෝඩ්වරුන්ට වාඩිවෙන්න පුලුවන්නම් මේ ගොයියන්ට බැරිමෝකෝ? ඒගොල්ලන්ට සංසන්දනය කොරනකොට මෙගොයියෝ කව්රුද අපිට?
ලක්ෂ 10 කට වුණත් කමක් නැහැ. ඇමරිකාවෙන් ගෙන්වලා විදුලිපුටු දෙනවා නම් හැබැයි රිමෝට් එක ජනතාවට දෙන්න.