(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකන්ද යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුට අයත් නිල මෝටර් රථයකින් සොරකම් කරන ලද නාන කාමර කට්ටලයක් රැගෙන ගිය යුද සෙබළ රියදුරු හා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
පිලියන්දල කැස්බෑව මාර්ගයේ පිහිටි වෙළඳසැළකින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
යුද හමුදා නිල මෝටර් රථයකින් සොරාගත් මෙම භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව කැස්බෑව නගරයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ලුතිනන් කර්නල්වරයා අත්තිඩිය ප්‍රදේශයේ මංගල උත්සවයකට ගිය අතරවාරයේදී යුද හමුදා සෙබළ රියදුරු මෙලෙස පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමඟ භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියමන පැහැදිලිද? මටනම් හිතුනේ කර්නල්වරයාගේ වාහනයේ තිබුණු බඩු සොරා බවයි.