නිමන්ති රණසිංහ
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් තුන්වැනි පාර්ශව වෙත මුදල් ගෙවු බව කියන චෙක්පත් 102 කට අදාළ වවුචර් පත් එම සමාගම විනාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්,ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද (13) සඳහන් කර සිටියේය.
බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද අධිකරණයට කැඳවු අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
බැඳුම්කර කොමිසම සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසම පැවති අවස්ථාවේ දී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝග මත මෙම වවුචර් පත් භෞතිකව විනාශ කර බවට එහි සේවකයකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පාපොච්චාරණයට අනුව එම කරුණු හෙළි වී ඇතැයි ද වැඩිදුරටත් කරුණු අනාවරණය විය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය සැප්තැම්බර් 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වව්චර් නැතිවට බැංකුවේ මුදල් ගෙවපු අයගේ විස්තර ඇතිනේ...
කොහොමත් නිදොස් කොට නිදහස් කරනවා ඉදිරි කාලයේදී...
එජාපෙ ලොක්කන්ට දීපුවා වෙන්න ඇති.
රජයේ මෙන්ම පුද්ගලික අංශයේත් ගෙවීම් කිරීමේදී මුදල්පොතක් පාවිච්චි කරනවා නේද?.... එය විනාශ කරන්නේ නැහැනේ. විස්තර එහි ඇති..
ඕක දෙයක් ද මත්වතුරෙනුයි වංචාවලිනුයි රටම විනාසකර තිබියදී. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් දෙයක් ද?