සුජිත් හේවාජුලිගේ
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය.
‘‘රට සුරකින ජන පවුර‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇරඹෙන මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ රට පුරා පෝස්ටර් ප්‍රදර්ශනයක් හා කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පත්‍රිකා බෙදා හැරීමක් ඇතුළත් වන බවද උන්වහන්සේ කීහ.
‘‘රට සුරකින ජන පවුර‘‘ බහුජන සංවිධාන රැසකින් සමන්විත වූවකි.මේ වැඩපිළිවෙළ අදාළ සංදේශයකට තමන් වහන්සේද අත්සන් කළ බව රතන හිමයෝ කීහ.
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට නරකද සංසාරෙන් එගොඩ වෙන්න කියලා හිතාගෙන පටන්ගත්තු අරගලය නිමා කෙරුවානම්.
වැඩිම උනොත් 50ක් ඉදීවි
අනේ හාමුදුරුවනේ අපිට සංසාරෙ කෙටි කරගන්න බණක් කියනවා මිසක් ඔය වැදි බණ කියලා අපිව අපායට තල්ලු නොකර හිටියා නම් නේද හොද?
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඕක කරන්න හැකිවෙන එකක් නැහැ. ප්රබල කට්ටියක් සූදානම්ලු සිංගප්පූරු අතුනුබහන් මෙහෙ ගෙනෙන්න.
අනික් අයගේ ආයුෂ තක්සේරු කරන එක්කෙනා දවස් දෙකක්වත් මට ෂුවර් නැහැ.