ඉන්දිකා රාමනායක
හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිය බිරිඳ බැලීමට බත් පාර්සලේ සඟවා හොරොයින් මිලිග‍්‍රෑම් 4220 ට අධික ප‍්‍රමාණයක් බන්ධනාගාරය තුළට යැවීමට උත්සහ කළ පුද්ගලයෙක් බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
මොහු බත් පාර්සල්වල දමා සිය බිරිඳට මත්කුඩු රැගෙන යන බවට කෙසෙල්වත්ත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත පොලිසිය මොහු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ තිබේ.
පොලිසිය කෙසෙල්වත්තේ සිට මොහු පසුපස හඹා ගොස් බන්ධනාගාරය ආසන්නනේ දී ති‍්‍රරෝද රථය නවත්වා මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබු බාස්කට් එකේ පුද්ගලයන් 10 දෙනෙකුට පමණ සෑහෙන පරිදි බත් තිබී ඇති අතර පොලිසිය එය පරික්ෂා කිරීමේ දී එහි බත් අතර පොලිතින් බෑග් දෙකක දමා තිබී මෙම හෙරොයින් ප‍්‍රමාණය පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd