(සුජිත් හේවාජුලිගේ)
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුතු කිසිවකුටත් දඬුවම් දී නැතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ඒ ඛේදවාචකයට වගකිවයුතු අයට දඬුවම් දී මියගිය අයට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවැසුවේ කොළොන්නාව මණ්ඩාවල ‘‘ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස්‘‘ නිවාස සංකීර්ණය ජනාතා අයිතියට පත් කිරීමෙන් පසුව එම නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී අද (12) පැවැති උත්සවයේදීය.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට කියන්නේ මොකටද? ඔය ලගම ඉන්නේ කියන්න ඕන කෙනා. අනික ඔබ තුමන්ලා පත්කරලා තිය්නෙන්නේ වැඩ කරන්න මිසක් කියව කියවා ඉන්න නොවේ.
අර අහිංසක කොල්ල ඇමති වාහනයට යට කරලා ගිය එකටත් තවම දඬුවම් දීල නැහැ.
එච්චරද ? වාහනවල හප්පලා අබ්බගාත කරලා මහපාරේ දමල ගිය තරුණයාගේ පමිණිල්ලට තවම මුකුත් උනේ නැහැ . වැඩ කෙසේ වෙතත් කටින් බතල කොළ හිටවනවන්න නම් දක්ෂයි....
ඔබ ඒකාබද්ධයේද? ආණ්ඩුවේ නොමෙයිද?
මුලින්ම දඩුවම් කරන්න ඕනේ පසුගිය ආණ්ඩුවේ පරිසර ඇමති වැනි ලොකු ඇමතිකම් දැරුව සහ මේ ආණ්ඩුවේත් කොලබ දිශාවේ මේ කුනුකන්ද ඇතුළු පරිසරයට සම්බන්ධ වගකිව යුතු තනතුරක් දරන කටින් බතල කොළ හිටවන අයට.
ඇමතිතුමා, මහ බැංකු බැදුම්කර වංචාව නිසා මුළු රටටම වෙච්ච ඒ ඛේදවාචකයටත් වගකිවයුතු අයට දඬුවම් දී යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටින්න.