(ඩයනා උදයංගනී)

 

භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවසීය.

       

මේ පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යවරයා සමඟ ලබන සතියේදී පවත්වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

       

ආරම්භයේ දී භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන මෙම රක්‍ෂණ ක‍්‍රමය ඉන් පසුව සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

බුද්ධ ශාසනය රැකගැනීමේදී භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූත්වයේ රැදීසිටීම දිරිගැන්වීම ද කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය ඇතුළු පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

       

එමෙන්ම ආගමික ස්ථාන පදනම් කරගනිමින් සදාචාරවත් ජනතාවක් බිහිකරගැනීමේ වැඩපිළිවෙළක් ද රජය විසින් සැලසුම් කර ඇතැයි කී අමාත්‍යවරයා දරුවන්ට දහම් පාසල් අනිවාර්ය කිරීමට ඉදිරියේදී සිදුවනු ඇතැයි පැවසීය.