විනීතා එම් ගමගේ
විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.
13 බලාත්මක කරලා බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ දෙන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියොත් ඒක කරන්න නොලැබෙන නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ව්‍යාජ සටන් පාට හදන්නට පටන්ගෙන ඇතැයි ද අභයතිස්ස හිමියෝ කීහ.
ඡන්දයෙන් පත් කිරීම වෙනුවට ජනාධිපති පත්කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමට යෝජනා වී ඇති මෙම සංශෝධනය ගෙන එන්නට ඇති සියලු ඉඩ අහුරාලිය යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.
මේ සංශෝධනයට විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට එළියට බහින්නැයි ජනතා නියෝජිතයන්ට අභියෝග කළ උන්වහන්සේ එසේ එන ජනතා නියෝජිතයන් මල් මාලා දමා පිළිගන්නට ජනතාව සුදානම් යැයි ද පැවැසූහ.
අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ අද (13) පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ සමනේසනා කතිකාවේ පළමු සැසියේ දී අදහස් දක්විමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පෙරමුණේ උනත් කමක් නැහැ රට ගැන හිතලා වැඩ කරන එක හොඳයි. 20 කියන්නේ ස්වාධින රජයන්ට මග.
20 කියන්නේ ස්වාදීන රජයකට මගක්ලු. දන්නා තරම තමයි ඔය. නිකන්වත් හිතෙන්නේ නැද්ද නැවත මල්ටිබැරල් ගහන්න වුනොත් හෝ රටේ ආරක්ෂාව පිළිබඳව විනාඩි 5 තීරණයක් ගන්න වුනොත් එ්ක කොහොමද කරන්නේ කියලා. රටක ආරක්ෂාවට හදිස්සි වූත් නිවැරදි වූත් තීරණ ගත හැකි හා ගත තීරණ ක්රීයාත්මක කල හැකි දක්ෂ නායකයෝ රටක සිටිය යුතුය. ඔවුන්ට ඒ සඳහා අවකාශ ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබිය යුතුය. එසේ නොතිබුනානම් අද සිංහලයා කොහෙද? එහෙනම් සිංහලය පරාදීනවෙලා සුලුජාතිකයා ස්වාදීන වෙලා.
අපේ හාමුදුරුවනේ මහජන මතය ඇති කොරන්න. කියන බණ ට ඔය අදහස හෙමින් ඇතුලත් කරන්න එකයි අපේ හාමුදුරුවනේ දක්ෂකම.
බෞද්ධ භික්ෂුවකට දෙතිස් කථා සුභද අසුබද අදාළද?
අද දේශපාලකයෝ බන කියනවා, චීවර ධාරීන් දේශපාලනේ කරනවා.
20 නිසා මධ්‍යම පාලනය දුර්වල වුවොත් ස්වාධින රජයන් 4-5 පමණ හැදෙන්න පුළුවන්. අනෙක් අතට අර 225 අතරින් රටේ ප්‍රධානියා පත් කෝලොත් මොනවගේ කෙනෙක් එයිද කියල කියන්න බැහැ. ඔය කට්ටිය ගැන විස්වාසයක් තියන්න බැහැ.