මුදිතා දයානන්ද
බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සෙවීමට තමන්ගේ නියෝගයෙන් ප‍්‍රධාන ලේකම්වරයා පත් කළ කමිටුවත් වැරදි තොරතුරු සපයා තමන් නොමග යැවීමට කටයුතු කර ඇතැයිද එය තේරුම් ගත් පසු තමා වෙනම ස්වාධීන නිලධාරී කණ්ඩායමක් සමඟ කළ පරීක්ෂාවේදි නියම තොරතුරු හෙළි වූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13) පැවසීය.
තමන්ට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරින් සම්බන්ධයෙන් ඉදිරියේදි තීන්දුවක් ගන්නා බවද නානායක්කාර මහතා පැවසීය.
නානායක්කාර මහතා මෙසේ පැවසූයේ රාජගිරිය, ජනජය සිටි හි පවතින ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙම පුටු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා පළමු පුවත්පත් දැන්වීම පළ කළේ කවදා දැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට නානායක්කාර මහතා ලබාදුන් පිළිතුරු අනුව පාර්ලිමේන්තුවේ බදු පුටුවක් මිලදී ගැනිමට තීන්දු කළ බව කියන සභා කටයුතු කාරක සභාව පැවති 2018 පෙබරවාරි 21 වැනි දාට පෙර, එනම් 2017 දෙසැම්බර් 21 වැනි දා බවද බවද හෙළි විය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙසේද පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ සභා ගර්භයට මන්ත‍්‍රීවරුන් සඳහා මිලදී ගන්නා පුටු එක පුටුවක් ලක්ෂ හයහමාරකට මිලදී ගන්න යන බවට ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලට අනුව මේ ගනුදෙනුව අත්හිටුවන ලෙස මා ආණ්ඩුකාර ලේකම් මගින් පළාත් ප‍්‍රධාන ලේකම්ට දැනුම් දුන්නා. පළාත් ප‍්‍රධාන ලේකම්වරයා මගින් මේ ගැන සෙවීමට පළාත් නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් පිරිස් හා පුහුණු සිරිසෝම ලොකුවිතාන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළා. එම කමිටුවේ වාර්තාව අනුව මෙම ගනුදෙනුව නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් අනුව සිදුව ඇති බවත් පුටුව ඇණවුම් කිරිමට පෙර සාම්පල් පුටුවක් ගෙන්වා ගත් බවත් ආදී ලෙස තොරතුරු වාර්තා කර තිබෙනවා.
එහෙත් මා කළ සොයා බැලීමේදි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුකර නැහැ. ඒ වගේම සාම්පල් පුටුක් මේ දක්වා ගෙන්වාගෙන නැහැ. මෙහේ නිෂ්පාදිත වෙනත් පුටුවක් ගෙන්වා සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කීප දෙනෙකු වාඩි කරවා පෙන්වලා ඔවුන්වත් නොමග යවලා. ඇණවුමට අත්සන් කළ යුත්තේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි හෝ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හෝ ලේකම් වුවත් එවැනි කටයුත්තකට කිසිම බලයක් නැති පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තමයි මෙයට අත්සන් තබා තිබෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බොරුකාරයෝ මහ බොරුවලින්ම දුවන රටේ, මේවා පුංචි බොරු.
නියමෙට ගොනාට අන්දවන්න හදලා තියනවා ඔක්කොල්ලම . පෝලිමම අල්ලස් කොමිසමට හා එෆ් සි අයි ඩී එකට භාර දෙන්න . රොත්ත පිටින් පඩි නැතිව වැඩ තහනම් කලාම ගෙදර ඉන්න අඹු දරුවෝ කියලා දෙයි හරියට වැඩ කරන හැටි. අට පාස් නැති එවුන් හොර මැරකම් හා ගැහිල්ලටනම් අචාර්ය උපාධි 10 කටත් වැඩිය අරගෙන තියනවා වගේ. හොර මොලේ තියන්නනම් ඔය පුටුවත් මදි.
දැන් ඔය ලක්ෂ හය හමාරේ පුටුවල වාඩිවෙන්න හදන සමහරුන්ගේ ගෙවල්වල තිබුණ ඔක්කොම භාණ්ඩවල වටිනාකමත් ලක්ෂ හය හමාරට අඩුයි පළාත් සභාවට එන්න පෙර තිබුණ.
ලොකු තැන පටන් පොඩි තැන දක්වා කලින් හිටපු අයත් එම අඩිපාරේ ගිය එහෙය්යියනුත් කරපු සෙල්ලම් " ජම්මෙට වැඩිය ලොකුයි පුරුද්ද " කියන්නාක් මෙන් දිගටම කරගෙන යන බව දැන් බහුතරයක් ජනතාවට අවබෝධ වී ඇත.
"ගෙවල්වල තිබුණ ඔක්කොම භාණ්ඩවල වටිනාකමත් ලක්ෂ හය හමාරට අඩුයි පළාත් සභාවට එන්න පෙර තිබුණ." හැබැයි මෙතනට ආවයි කියලා උන්ගේ වටිනාකමත් වැඩි උනේ නැහැ.