තායිවන සිද්ධියේ ශලීලගේ ඥාති සොහොයුරෙක් අත්අඩංගුවට තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක ජාලයට ඇතුළුවී ඇමරිකානු ඩොලර් 2,104 ක් මුදල් වංචා සිදුකර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින ප්‍රධාන සැකකරු වන ශලීල මුණසිංහගේ ඥාති සොහොයුරක් අද (17) විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 17 October 2017
අනීකා ජීවිතාරක්ෂාව පතා රට හැරයයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට දුන් බව කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මිය හිටපු මුදල් ඇමැතිගේ සමීප ඥාතියකු බව කියන 17 October 2017
’’නිතිය උතුරෙත් දකුණෙත් එකයි’’ - පොලිස්පති අධිකරණ නියෝග නොතකා විරෝධාවේ නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන්නේ එකම නීතිය බවත් උතුරු දකුණේ කියා එහි කිසිදු වෙනසක් නොමැති බවත් පුජිත් ජයසුන්දර මහතා අද (17) පැවසීය. 17 October 2017
විසිතුරු ආභරණ විකිණු ඉන්දීය කතුන් තිදෙනෙක් රිමාන්ඩ් සංචාරක වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පිටකොටුව ප්‍රදේශයේ පදික වේදිකාවේ කාන්තා විසිතුරු ආභරණ විකුණූ බව කියමින් පිටකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනක් ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. වැලිගොඩපිටිය මහතා අද (17) නියෝග කළේය. 17 October 2017
ආනන්ද සමරසේකරගෙන් අපේක්ෂිත ඇප අයදුමක් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අද(17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කළේය. 17 October 2017
‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘ පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත් ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී යසපාල කෝරළගේ මහතා අද(17) බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය. 17 October 2017
බන්ධනාගාර සිරකරු ඝාතනයේ විත්තිකරුට මරණ දඩුවම් මහර බන්ධනාගාරය තුළ සිරකරුවෙකුව සිටියදී තවත් සිරකරුවකුව පිහියකින් ඇණ ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (17) මරණ දඩුවම නියම කැරිණි. 17 October 2017
ශ්‍රිලනිපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු නවයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ. 17 October 2017
නැ’හිර - සබරගමු සබේ ඡන්දය ගැන තීන්දුවක් ඉල්ලයි පසුගිය දින විසුරුවා හරින ලද උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ඡන්දය කඩිනමින් පැවැත්වීමට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය. 17 October 2017
මීනිමැරිමේ වරදකරුට මරණ දඩුවම පිහියකින් පහරදී තුවාල සිදුකර පසුව වයරයක් ආධාරයෙන් එල්ලා පුද්ගලයකු මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ වැරදිකරු වු අයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (17) මරණ දඩුවම නියම කළේය. 17 October 2017
වයඹ සබේ මාසික රැස්වීමට සභාපති ටිකිරි අධිකාරි නෑ පිස්තෝලයක් නිතිවිරෝධී ආකාරයෙන් භාවිතා කිරිමේ චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මහතාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට තොරතුරු පැතිරයාමක් හේතුවෙන් අද (17) පැවති මාසික සභා රැස්වීමට සහභාගී විමෙන් වැළකී සිටියේය. 17 October 2017
යාපන සරසවි සිසුහු උපවාසයක අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද(17) උදෑසන විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූහ. 17 October 2017
රත්නපුර මහ වැසි අවදානම තවමත් රත්නපුර දිස්ත්‍රික්කයේ මහ වැසි ඇදහැළුන හොත් අවදානම් බැවින් මේ වනවිට හඳුනාගත් ස්ථානවලින් වහා ඉවත්වන්නැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. 17 October 2017
මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජික නිහාල් බැඳුම්කර ගැන කියයි තමා ඞී.එෆ්.සී.සී. බැංකුවේ සභාපති ධුරය දරන සමයේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂක රවී තම්බයියා මහතාත් තමන්ගේ මස්සිනාලා බව බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත් මහ බැංකුවේ මුල්‍ය මණඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහතා එහෙම ඥාතීන් සිටියා කියා ඒ කාලයේදී බැඳුම්කර ගනුදෙනු වලදී අගතියක් සිදුවී නැතැයිද පැවසීය. 16 October 2017
සරසවි අස්සේ මත් ද්‍රව්‍ය බෙදන හැටි ජනපති හෙළි කරයි විශ්වවිද්‍යාල තුළ නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ ප්‍රකාශ කළේය. 16 October 2017
අධ්‍යාපන ඇමැතිගෙන් රතු එළියක් ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 16 October 2017
එයාර්බස් සමාගමේ වගකීම ගැන එරාන් කියයි ශ්‍රී ලංකාවට ගුවන් යානා විකිණීමේදී අදාළ සමාගමට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවැසීය. 16 October 2017
කන්දකැටිය ඇළේ ගිලා බැසීමට හේතුව පාෂාණ බලපෑමක් කන්දකැටිය කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරුඇල මැද සිදුවෙමින් පවත්නා ගිලා බැසීමට හේතුව ඇළ පතුලෙහි වූ පාෂාණ තට්ටුවට යටින් පිහිටි හුණුගල් පාෂාණයක බලපෑමක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා පැවැසීය . 16 October 2017
ලක්ෂ දෙකකට තවමත් නියඟයෙන් පීඩා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති වුවද දිස්ත්‍රික්ක 18 ක ජනතාව තවමත් නියඟයෙන් පීඩා විඳින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 October 2017
සයිටම් අර්බුදය විසඳන්න ජනපතිට අගමැතිට මැදිහත්වන්නැයි ඉල්ලයි ත්‍රෛනිකායික මහ නා හිමිපාණන් වහන්සේලා කළ ඉල්ලීම අනුව සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිත් අගමැතිත් වහා මැදිහත් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 16 October 2017
තරු හෝටලයේ දී සිදුවූ අකරතැබ්බයට වන්දි ඉල්ලයි විදුලි සෝපානයේ සිරවී දහඩියෙන් තෙත් වී මහත් කම්පනයට හා ලැජ්ජාවට පත්ව සිටි තමන් ඉන් එළියට එන විට නැකත් වේලාව පසු වී තිබු නිසා කලින් සුදානම් කරගෙන තිබු පරිදි නැට්ටුවන් පෙරටු කරගත් පෙරහරකින් යෑම පසෙක දමා කෙළින්ම ගොස් විවාහ රෙජිසට්රාර්වරිය ඉදිරියේ අත්සන් කළේ ප්‍රතිඥා දීමවත් නොකොට යැයි කොළඹ තරු පංතියේ සුපිරි හෝටලයකින් රුපියල් ලක්ෂ 50ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් නීතීඥ වරුණ නානායක්කාර මහතා පැවසීය. 16 October 2017
‘නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි’ - ඇමැති මනෝ ගනේෂන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කර එම ප්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටු කර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ලෙසට තමන් රජයට අවධාරණය කරන බව රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (16) පැවසීය. 16 October 2017
‘බැඳුම්කර වංචාවට අගමැති වගකිව යුතුයි‘ - වාසු බැඳුම්කර කොමිසම ඉදිරියට පැමිණ කරුණු පැහැදිලි කිරීමට කැමති බව අගමැතිවරයා පවසන්නේ එම කොමිසම ඉදිරියට ළඟදීම සාක්කි දීමට කැඳවන බවට හෝඩුවාවක් ලැබුණු නිසා විය හැකි යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 16 October 2017
වන අලි ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළෙක් මරුට මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබළෙකු අද (16) මාදුරුඔය රක්ෂිතයේ වනගත සටන් පුහුණුවක නිරතව සිටියදී වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි. 16 October 2017
කෝටි 10 ක් වංචා කළ ගුරුවරිය අත්අඩංගුවට ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වංචා කළ බව කියන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් කඩවත සූරියපාලූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2017
හොරෙන් විදුලිය ගත්තැයි ශලීල මුණසිංහට තවත් නඩුවක් තම නිවසට අයථා ලෙස විදුලිය ගත්තැයි චෝදනාවට ලක්ව සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ලබන පෙබරවාරි 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(16) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 16 October 2017
දළුවත්තගේ පහර දීම ගැන පොලිස් කොමිසම පරීක්ෂණ අරඹයි හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව ඉකුත් 6 වැනි දා හම්බන්තොට දී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය පිළිබඳ ජාතික පොලිස් කොමිසම අද (16) සිට පරීක්ෂණ ආරම්භ කර ඇත. 16 October 2017
නාමල් ඇතුළු පහකට ඇප හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය. 16 October 2017
සීඅයිඩියවත් නීතිපති දෙපාර්තමේන්තුවවත් ප්‍රකාශ ගනිද්දී බලපෑම් කළේ නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නීතීපති දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශ ගන්නා විට බලපෑම් කළේ නැතැයිද 2014 සිට 2015 දක්වා මේ කටයුතු සිදු කළේ කසුන් පළිසේනගේ උපදෙස් මත යැයිද ලියවිල්ලට ‘Informant’ ශිර්ෂය යෙදුවේ කසුන් පළිසේන වාචිකව දුන් උපදෙස් මත යැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු මහතා පැවසීය. 16 October 2017
පිටිදූවේ සිරිධම්ම හිමියෝ සමාව ගනිති පසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ. 16 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026