ඔස්ටි්රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නැවත කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ටි්රයාවේ ශ්‍රී ලංකා තානාපතිනි පි‍්‍රයානි විජේසේකර මහත්මිය ඇමතීමට අවශ්‍ය වී තිබෙන අතර ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරීන් පැය හතරකට ආසන්න කාලයක් පි‍්‍රයානි විජේසේකර මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගෙන ඇත. එහෙත් එය සාර්ථක වී නැත.
අවසානයේදී තානාපති කාර්යාලයේ මුරකරුවකු දුරකතනයට පිළිතුරු දෙමින් එම අවස්ථාවේ තානාපති කාර්යාලයේ කිසිවකු නොමැති බව සඳහන් කර ඇත. එම මුරකරු ඒ බව තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මියට දැනුම් දී තිබෙන අතර ඉන්පසු විජේසේකර මහත්මිය ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ එය ද සාර්ථක වී නැත.
උපදේශිකා දයානි මෙන්ඩිස්, සහායක නිලධාරි ගෙහාන් දිසානායක සහ තානාපතිනියගේ පෞද්ගලික සහායක යන අය කැඳවූ අනෙක් පිරිස වෙති.
මේ අතර නව තානාපතිවරයකු සහ කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් ඔස්ටි්රයාවේ වියානා වෙත යවන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
සන්ඬේ ටයිම්ස්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිවරියගේ මොබයිල් එකට කෝල් එකක් ගන්න බැරි වුණාද? අනික තානාපතිවරිය වැරැද්දක් කළානම් එතුමියට දඬුවම් දෙනවා මිසක් මුළු කාර්ය මණ්ඩලයටම දඬුවම් දෙන්නේ මොකටද? මහජන සල්ලි නාස්තිකරන බොරු වැඩ...
හොඳ වැඩේ රෑට නිදා ගන්නවට... මින් මතුවට ලංකාවේ වෙලාව අනුව නිදාගන්න.
කජු ප්‍රශ්නයක්ද?
තානාපති කාර්යාලයේ රාජකාරී වෙලාව තුල කිසිවෙක් නොසිටියේ නම් මා සිතන්නේ එය බලවත් වරදක් බවයි. ජනාධිපතිතුමා මෙවැනි දැඩි තීරණ ගැනීම සතුටට කාරණයක්. ලංකාවේ මහජනයා බිල්ලට තබා වර්ජන කරන වෛද්‍ය, පුද්ගලික බස්, දුම්රිය සංගම් වල ක්‍රියාකලාප ගැනද මෙවැනිම දැඩි තීරණ ගන්නවා නම් වඩාත් හොඳ යයි සිතමි.
මම මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කලේ දහයට නිදා ගන්නවා නම් එකොළහට දුරකථනයෙන් කතා කලේ හීනෙන්වත්ද කියලයි...
අපිට ආරංචි විදිහට ඔස්ට්‍රියාවේ වේලාවෙන් රෑ තමයි කතා කරලා තියෙන්නේ. ඔච්චර හදිස්සියක් තිබ්බා නම් තානාපතිවරියගේ ජංගම දුරකථනයට කතා කරන්න තිබ්බනේ. අපේ ගොඩක් අය හිතන් ඉන්නේ ලෝකෙටම ඉර පායන්නේ, බහින්නේ එකම වෙලාවට කියලා. මේ වගේ සුළු දේකටත් තානාපති ආපහු ගෙන්වන එකේ, අර කටාර් වල ඉස්කෝලෙකට වැඩ කරගන්න දෙන්නේ නැතුව කරදර කරන, ජනාධිපතිතුමා ඉදිරිපිටම බදු, වංචා කරන හැටි කියන, තානාපතිවත් ගෙන්න ගන්නකෝ... ඔයාලා ඔක්කොම එකයි හලෝ. වාසි පිලට හෝයියා. සාමාන්‍ය ජනතාවට තමයි ඔක්කොම කරදර...
හදිසි අවස්ථාවලදී තානාපති නිලධාරීන් සම්බන්ධ කරගන්න විදි විදේශ කටයුතු අමාත්‍යංශය සතුව ඇති. සාමාන්‍යයෙන් කරන්නේ විදේශ ලේකම් කියනවා තානාපති සම්බන්ධ කරන්න කියලා. නැත්නම් ජනාධිපති කාර්යාලයේ අවශ්‍ය ටෙලිෆෝන් නොම්මර ලියලා තියාගන්න.
නිකන් කාලය සහ සල්ලි ගිලින තානපතියන්ට හොඳ පාඩමක්...
යන පාර මුල ඉඳලාම වරද්දගත්තාම, ඊට පස්සේ කොහේ යනවද දන්නේ නැහැ. අනේ පව්!!! එ්ත් අපිට, වෙන කාටවත් නෙමේ...
පිටරට තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා විශේෂයෙන්ම පිළියෙළ කරණ දුරකථන නාමාවලියක් ව්. සෑම වසරක දීම පිළියෙළ කරලා බෙදාහරිනවා තානාපති කාර්යාල වලට සහ ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයකටම. ඉතින් මෙයින් පිටපතක් ( 2017/2018 ) අනිවාර්යෙන්ම ජනාධිපති කාර්යාලයේ සහ ජනපති නිල නිවසේ තියෙන වනේ. තානාපති කාර්ය මණ්ඩලයේ සේවය කරණ රියදුරු තැනගේ සිට තානාපති/ මහකොසාරිස් තුමා දක්වා ජංගම සහ ස්ථාවර ( ලෑන්ඩ් ලයින්ස් ) දුරකථන අංක ( නිවස / කාර්යාලය / ජංගම අංක ) එහි ඇතලත් වෙනවා. මට නම් හරිම ප්‍රහේලිකාවක් අතිගරු ජනාධිපති තුමාට තානාපති තුමිය සම්බන්ධ කරගන්න බැරි වුනේ කොහොමද කියලා. ප්‍රියානි විජේසේකර මැතිණිය වීශ්‍රාමික පාර්ලිමේන්තු මහා ලේකම් වරියක් රාජ්‍ය පරිපාලනය, පාර්ලිමේන්තු කටයුතු ගැන ප්‍රාමාණික දැනුමකින් හෙබි නිලධාරිණියක්. එසේ වතුදු මේක වෙනත් න්‍යාය පත්‍රයක පිළිබිඹුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකි යයි සිතේ.
ප්‍රියානි විජේසේකර මහත්මිය පාර්ලිමේන්තුවේ හිටපු කොමසරිස්තුමියයි. මම දන්නා හැටියට නම් එතුමිය කාර්යශුර පරිපාලන නිලධාරිනියක්. මට හිතෙන්නේ නම් මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලයි. අපි ටිකක් බලාගෙන ඉමු. සත්‍ය ටික දවසකින් එලිවේවි.
මේවා ලෝකයම හිනස්සවන වැඩ. මේවා කොහෙවත් වෙන්නේ නැති ලෝකයේ උතුම්ම රටේ විතරක් වෙන දේවල්.
කොහොමත් අපේ රටෙන් යන තානාපතිල කරන දෙයක් නෑ. කරන්නේ මෙහෙ ඉන්න දේශපාලකයෙකුට කඩේ ගිහින් කොහේ හරි හොද රටටක් අල්ලගෙන ඒකේ තානාපති කම ගන්නවා. ඊට පස්සේ පවුල පිටින් ගිහින් සල්ලි හම්බ කරනවා. ඒ රටවල ජීවත්වන අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඒ අයට වැඩක් නෑ.
කටිටියම ෂොපින් ගිහින් ඇති...
කජු සිද්ධිය වගේ වැඩක් වෙන්න ඇති...
ජනාධිපතිතුමා නරකද ඔහොම්ම අර කටාර්වල විකාර කරන පොරවත් ගෙන්න ගත්තා නම්...