(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
රජයේ ඉන්න සියළු දෙනාම නායකයින් බවත්, සියළු දෙනා සියළු දෙනාටම බැන ගන්නා බවත්, ගුවන් විදුලියට රූපවාහිනියට සවන් දුන්නොත් උදැසනම පටන් ගන්නේ වෛරයෙන් හා අවසන් කරන්නේ වෛරය වපුරවමින් බවත් එමෙන්ම රජය ආගමික පරිසරය විනාශකර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(15) දින පස්වරුවේ දි අනුරාධපුරයේදි පැවසීය.
රුවන්වැලි සෑ පුදබිමේ අද (15) පැවැති මහ සඟ සමුළුව අමතා හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ශාන්ති අරුණෝදය සංසදය මගින් මෙම මහ සඟ සමුළුව සංවිධානය කර තිබුණි. මෙම සමුළුව සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදි මහා සංඝරත්නය හිටපු ජනාධිපතිවරයාට පිරිත් සජ්ජායනය කරමින් ආශිර්වාද සිදු කරනු ලැබීය.
මෙහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසිය.
“රජය ආගමික පරිසරය අද වනවිට විනාශ කර තිබෙනවා. ඒ වාගේම අද රජයේ සියල්ලෝම නායකයෝ. සියළු දෙනාම බැන ගන්නවා. වෛරය වපුරනවා. ගුවන් විදුලියට, රූපවාහිනියට සවන් දුන්නත් උදේ පටන් ගන්නේ වෛරයෙන් අවසන් කරන්නේ වෛරය පතුරුවලා. ඔවුන් අර ස්වාමින් වහන්සේ කිව්වා වගේ නම් ජප කරමින් බැණගෙන යනවා. මේ ආකාරයට වෛරය ක්‍රෝධය වපුරලා සමාජයම වෙනත් මඟකට හරවමින් සිටිනවා.
පාසලේ දරුවන්ට ගහන සමාජයක් අද ගොඩ නැගිලා තිබෙනවා. එදා පාසල් වල අතින් පයින් ගහගත්තා. අද කඩු කිණිසි අරන් මරාගන්න තත්වයක් උදාවෙලා තියෙනවා. මෙවැනි තත්වයක් උදාවෙන්නේ ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයට කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අද විනාශ වෙමින් යන මේ මේ රට ගොඩ නගන්න ස්වාමින් වහන්සේලා එකතු වෙලා සංවිධානය වි කටයුතු කිරිම ගැන අපි ස්තුතිය පුද කරමින් මේ සංවිධානයට වඩාත් ශක්තිමත් වෙමින් ඉදිරියට යාමට හැකිවේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා...“ යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා රුවන්වැලිමහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රෙස්න, ෂෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එස්.රංජිත් සමරකොන් මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක්ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔබතුමාගේ දරුවෝ ඔබ රජෙක් වගේ හිටිය කාලේ දළදා මැදුර අසල කාර් රේස් තිබ්බේ නැතිද? ඒ රේස් දවසේ හැන්දෑවේ රුසියානු නළඟණන් ගෙනත් දළදා මැදුර අසල රැඟුම් කලේ නැතිද? අස්ගිරියේ ලොකු හාමුදුරුවෝ කාර් රේස් තියෙනවාට විරුද්ධ වුණාම ඔබලා එය ශත පහකටවත් ගණන් ගත්තද? දළදා හාමුදුරුවන් වැඩ සිටින ස්ථානය අවට ආගමික පරිසරයක් නොවෙයිද...? මහින්ද මහත්තයෝ...දැන් ඇති ලබන සැරේ ඡන්දයට ජයග්‍රාහකයෙක් මිනිස්සු දැනටමත් සොයාගෙන අවසන්. ඒ තමයි නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා. අවුරුදු 70 රට කාපු කොළ සහ නිල් දේශපාලන පක්ෂ ලබන සැරේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා හරියටම ප්‍රංශයේ සිදුවුණා වගේ...
අනේද මන්දා මේ හිටපු ජනාධිපතිද කියල හිතෙනවා දැන් මේ කතා කරන්නේ.
ඔබතුමා හිතේ අමාරුවට කියන කතා දැන් කවුරුවත් ගණන්ගන්නේ නැහැ.
ඇඟිල්ලක් දික් කරනකොට,ඇඟිලි හතරක් තමන්ගේ පැත්තට.පන්සල්වල දේශපාලනය කරනකොට ආගමික පරිසරයක් කොයින්ද උන්නැහේ. අවුරුදු 70 ක ශාපය අවසන් කෙරුමට නාගානන්ද මැතිඳුට භාරයි.
ඇත්ත ඇත්ත අපිට මතකනේ දළදාව ඉස්සර පර වහල කාර් රේස් පැද්දේ බුද්ධාගමට ගරු කරන්නනේ , ශ්‍රී පදේ කන්ද වටේට අඩි 20 පාරක කපල අරබින්ට හෝටල් ගහන්න දුන්නේ බුදදහම ට තියෙන අප්‍රමාණ භක්තියටනේ............
ජාත්‍යන්තරය දිනාගන්නවා, දැවැන්ත ආයෝජන ගෙනෙනවා, අරක කරනවා මේක කරනවා කිය කියා ලෝකේ වටේ කරක් ගහන්නේ නැතුව දැන්වත් ඉගෙන ගන්න. තව කී කාලයක්ද ඉතුරු වෙලා තියෙන්නේ.
මේ වගෙ ජාතියයි, ආගමයි ගැන කැක්කුමක් තියන නායකයෝ ලෝකේ හොයාගන්න ලේසි නැහැ. ශ්‍රී දළදා මාලිගාව ළඟ පුත්තු රේස් පදිද්දී ජාතියයි, ආගමයි මතක් වුනේ නැද්ද?
අනේ... මේ අපේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද?