සුජිත් හේවාජුලිගේ
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටවත් ඇතුළත්වීමේ හැකියාවක් නැතැයි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීප‘‘ යට අද (14) පැවැසීය.
‘‘ප්‍රායෝගිකව ඒක වෙන්න බැරි දෙයක්‘‘ යැයිද උන්වහන්සේ පැවැසූහ.
අතුරලියේ රතන හිමයෝ මෙසේද පැවැසූහ.
‘‘ජනාධිපතිවරයා විසිවැනි සංශෝධනයක් ගේන්න, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න රටේ ජනමතයක් ඇති කළේ නැහැ.ඒ වගේම විධායකයේ නරක ලක්ෂණ ඉවත් කරනවා විනා මුළු විධායකය ඉවත් කරනවා කියලා එතුමා කිව්වේ නැහැ.
විධායකය සම්පුර්ණයෙන්ම ඉවත් කළාම රටේ ඒකීයභාවයට තියෙන බලපෑම එතුමා තේරුම් ගන්න ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ නැහැ.ව්‍යවස්ථාවෙන් පෙරලියක් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවල කල්ලියක්.
විධායකය සංශෝධනය කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා අපට ලියලම දීලා තියෙනවා.
ජෙවීපී එකයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි අද හිතන විදිහ සමානයි.ජාතික සංස්කෘතිය පිළිබඳ ඒ දෙගොල්ලෝම අද ඉන්නේ ලිබරල් මතයක.ඒ නිසා දෙගොල්ලෝ මේ වෙලාවේ එකට ගැළපෙනවා.
අද ජේවීපී එක ඉටු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අභිලාෂයක්‘‘ කියලා මට හිතෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කළයුතු වඩාත්ම වැදගත් දේ තමයි වහාම වැඩි ඡන්දයෙන් පළාත් සභා අහෝසි කරන එක.., නැතිනම් අනිවාර්යයෙන්ම රට බෙදෙනවා. නැවත ජාතිවාදී, බෙදුම්වාදී අරගල ඇතිවෙනවා. දැම්ම ගහ නියපොත්තෙන් කඩා දැම්මේ නැතිනම් පසුව පොරවෙන්වත් කපන්න බැරිවෙනවා.
කොපමණ කාලෙකින් පිණ්ඩපාතයේ වැඩියේ නැතිද?
"මුසාවාදා වේරමනී සික්ඛාපදං සමාදියාමී" ඔබ වහන්සේ යලි ඉපදුනාවත්ද? ජනාදිපතිගේ පරණ කතා යලි බලන්න...
ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැති මනුස්සයෙක්... ඉස්සරවෙලාම ඒජාපය පත්කළ මන්ත්‍රීකමෙන් අයින්වෙලා ජනාධිපතිගේ පක්ෂයෙන් මන්ත්‍රීකමක් අරගෙන, ඊටපස්සෙ කතාකරන්න.
ත්‍රිපිටකය ගැන දන්නෙ නැතිවුනාට, ආණ්ඩුක්‍රම විශාරදයෙක් වගෙයි කතාව...
ලංකාවේ තිබෙන සියලුම ආගම් විදේශයන්ගෙන් ආනයනය කරන ලද ආගම්. පැරණිම ආගම මීට අවුරුදු 2200 කට පෙර අසෝක අධිරාජයාගෙන් ලැබුණු ත්‍යාගයක්. දැන් අපේ රට පාලනය වෙන්නේ ප්රජාතන්ත්රවාදය යනුවෙන් හඳුන්වන - මිනිසා විසින් මිනිසා සඳහා මිනිසාගේම - රාජ්‍ය ක්‍රමයකට අනුවයි. කිසිම ආගමික නායකයකු හෝ වේත්‍රධාරියකු වැටුපක් සහ අනෙකුත් වරදාන ලබන පාර්ලිමේන්තුවට පත් නොකිරීම ජනතාව සතු යුතුකමකි. පත්කළ මන්ත්‍රී ධුරයකට වත් පත් නොකළ යුතුයි.
අපේ අභිලාෂ ඉටුකරන කෙනෙක් නෑ. ඔක්කොම ඒ අයගේ අභිලාෂ ඉෂ්ට කරන අය තමයි.
1994 සිට පැවති සේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකවරු පොරුන්දු වුනේ මේ විධායක ජනාධිපති ධුරය අහෝසිකරන බවයි. එ්කට 2/3 ටත් එහා ජනවරමුත් නොකඩවා ලැබුණා. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකම ගත්තු ඡන්ද ප්‍රතිශතය බැලුවත්. දෙගොල්ලන්ගේ පොරුන්දු එකයි. ඒ නිසා අමුතුවෙන් ජනවරමක් අවශ්‍ය නැහැ. පවතින විධායක ධුරයත්, පළාත් සභාවත් විශාල මුදල් නාස්තිය හැර රටට කිසිසේත්ම ප්‍රයෝජන නැත. සමහරු කියනවා යුද්ධය දිනන්න විධායක ධුරය අවශ්‍ය වූ බව. නමුත් යුද්ධය දිනන්නත්, විධායක ධූරයටත් කිසිම සම්බන්ධතාවක් නැහැ. මොකද යුද්ධය දිනන්න හදිසි නීතිය සම්මත කිරීම සහ මුදල් වෙන්කිරීම වුනෙත් පාර්ලිමේන්තුවෙන්.
පහුගිය දවස්වල බැරිදේවල් ඕනෑතරම් කලේ. මේ පාරත් බැරිවෙන එකක් නැහැ කීයක් හරි පාත්තරේට වැටුණොත්...
අනේ හාමුදුරුවනේ, ධර්මය හරියට තේරුම් ගන්න. පේන කියන එකත් නවත්තලා සසරෙන් එතෙරවෙන්න බලන්න.
චීවරයේ වටිනාකම නැතිකරන පාර්ලිමේන්තු රිංගාගෙන ඉන්නේ මේ කණ්ඩායම...
අපි විරුද්ද වෙන්නම් ඔයාල කරගෙන යන්න... ඔහොමනේ කලින් කතාවුණේ.