නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බව පැවසෙන අයකු ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අත්අඩංගුවට පත්වීම සිදුව ඇත්තේ පසුගිය සතියේ වන අතර ඉතාලි මාධ්‍යය කිහිපයක්ම ඒ බව වාර්තා කර තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන අත්අඩංගුවට ගත් පනස් හැවිරිදි පුද්ගලයා දෝහා සිට ඔහුගේ බිරිඳ සහ තරුණියන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු සමඟ ඉතාලියට පැමිණ ඇත. එම තරුණ තරුණියන් සිවුදෙනා අවුරුදු 20ට ආසන්න බව පැවසේ.
ආගමන විගමන නිලධාරීන්ට තමන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස හඳුන්වා දී ඇති අත්අඩංගුවට ගත් පුද්ගලයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇතැයි පැවසේ. එමෙන්ම ඔහුගේ බිරිඳ සතුව ද රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් තිබී ඇතැයි වාර්තා වේ. ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික අධිකාරිය නිකුත් කළ ෂෙනගන් වීසා සටහන් ද එම ගමන් බලපත්‍රවල සටහන් වී තිබී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් එහිදි තරුණ තරුණියන් සිවුදෙනාගේ ගමන් බලපත්‍රවල සත්‍ය අසත්‍ය බව පිළිබඳව සැකයක් මතුව වී ඇත.
තරුණියන් දෙදෙනා තම දියණියන් දෙදෙනා බවත් තරුණයන් දෙදෙනා තම බැණනුවන් දෙදෙනා බවත් රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන පුද්ගලයා මෙහිදි ඉතාලි දේශසීමා/ගුවන් තොටුපොළ පොලිසියට පවසා ඇත.
මෙහිදි මොවුන් සියලු දෙනා කැඳවා ගුවන් තොටුපොළ පොලිසිය විශේෂඥයන්ගේ සහාය ඇතිව විශේෂ විමර්ශනයක් කර ඇත. තරුණයන් දෙදෙනාගේ සහ තරුණියන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බව එහිදි අනාවරණය වී ඇත.
මෙම අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියගේ ගමන් මල්ලේ තිබූ තරුණ තරුණියන් සිවුදෙනාගේ සත්‍ය ගමන් බලපත්‍ර හමු වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටවී ඇත්තේ එම ගමන් බලපත්‍ර භාවිත කරමින් යැයි ද ඉතාලියේ වරීස්ප්රෙස් වාර්තා කර තිබිණි.
ඬේලිමිරර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ බොහෝ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල වගේම ඉතාලි තානාපති කාර්යාලයද ඉස්සර කාලේ පහල සිට ඉහල දක්වාම දේශපාලන පත්වීම්වලින් පුරවලයි තිබුනේ. එහෙම එක්කෙනෙක්ද දන්නේ නැහැ.
කවුද මේ රාජතාන්ත්‍රිකයා?
සියලු දෙනාම රට ඇතුලේ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ දේට ලොකු දඬුවමක් ලැබෙන්නෙත් නැහැ. ඉතාලි නීතියට අනුව මේ අයව ඩිපොර්ට් කරන්න තරම් වරදක් වෙලත් නැහැ. තව අවුරුදු කීපයකින් තවත් අලුත් ශ්‍රී ලාංකික කෝටිපතියන් හතර දෙනෙක් ලංකාවට යයි නිවාඩුවක් ගත කරන්න...
පිටිගල මේ අය ගුවන්තොටුපළෙන් එළියට ඇවිත් නෑ. මෝඩ කතා කියන්න එපා.
මේ අයව ගුවන්තොටුපළෙන් පොලීසියටත්, ඉන්පසු තාවකාලික රිමාන්ඩ් භාරයේ තබා විනිශ්චයකාරයෙක් වෙතට පත් කරනවා. ත්‍රස්ත ක්‍රියා සහ මිනීමැරුම් හෝ ඉතා බරපතල අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු නැත්නම් නැවත උසාවි එන දිනයක් දන්වා රට තුළට නිදහස් කරනවා. උසාවි පැමිණියාම ඉතාලියෙන් පැය හතලිස් අටක් තුළ පිටවෙන ලෙස දන්වා තීන්දුවක් දෙනවා. ඉන්පසු එම ලියවිල්ලත් අරගෙන උසාවියෙන් පිටවනවා.
ඔබතුමා ඉතාලියේ අලුත් නීති ගැන යාවත්කාලින උනොත් හොදා.........
මොන දේ කරන්නත් නීත්‍යනුකුල විදිහට රටකට ඇතුළු වෙනවා නම් තමයි හොද... නීතිවිරෝධී ලෙස රටකට ඇතුළු වෙන එක හොද වැඩක් නෙමේ....