(රන්ජන් කස්තුරි)
ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 10කින් අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ආනයනික රෙදි පිළි මත පනවා තිබූ සියයට 15 වැට් බද්ද අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා අඩු කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
රෙදි පිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා වැට් බද්ද පහත දමන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් අමාත්‍යාංශයේ ඉන්න හොරුරැළ තමන්ට ලැබෙන ලාභ ප්රයෝජනවලට අනුව රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගනිමින් ඉන්නා බව ප්‍රකට කරුණක්... රටේ සාමාන්‍ය ජනතාව ආර්ථිකමය වශයෙන් දැඩි අපහසුතාවයකින් පෙළෙන මොහොතක රෙදිපිළි කර්මාන්තයට විශේෂ බදු සහන ලබා දෙන්නේ කුසගින්නේ පෙළෙන ජනතාවට ජැන්ඩියට ඇඳ පැළඳගෙන කනත්තට යැවීමට විය යුතුය...
අඩුකලේ නැතිනම් ඒ ගොල්ලන්ගේ රෙදි ගැළවෙන බව දැනගෙන වෙන්න ඇති....
යහපාලනය රජය පත්කළේ පොඩි මිනිහට උදව් කරන්නයි කියලා. මෙයාලාද පොඩි මිනිස්සු? ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට තමා බදු සහන. ළඟදී පුද්ගලික රෝහල් ගාස්තුවත් බදුවලින් නිදහස් කලා. ඩීසල් බද්ද අඩුකරානං, රටේ හැම පන්තියේ ජනයාටත් සහන.
එක පත්තරයක කියනවා 5% අඩුකලා කියල අනික් පත්තරයෙන් කියනවා 10% අඩු කළා කියලා. කෝකද හරි අපිට තේරුම් ගන්න තිබෙන්නේ ආනයනික රෙදිපිළි මත වැට් බද්ද පහළට කියන එක විතරයි.
1977 ට පෙර ලංකාවේ අත්යන්ත්‍ර හා බලවේග කම්හල් මගින් රෙදිපිළි නිපදවා මදි ප්‍රමානයන් විදේශ වලින් ගෙන්නුවා. මෙම නිශ්පාදන නිසා ඉතා විශාල පිරිසකට රැකියාත් ලැබුනා. විජය ලංකාවට එන්න පෙරත් මෙම රට රෙදි නිපදවූ බව ඉතිහාසයේ දැක්වෙනවා. (1970-1977 කාලයේ අපි පෝලින්වල සිට කමිස රෙදි ගත්තේ. පාසල් ඇදුමට රෙදි ගත්තේ එහෙමමයි. අනෙක් ඇඳුම් ගත්තෙත් එහෙමයි.) 1977 න් පස්සෙ විවෘත ආර්ථිකය නිසා සියලු දේශීය ඇඟලුම් කම්හල් වැසීගියා. රටේ නිශ්පාදන ආර්ථිකය අඩපනවුනා. එහි ප්‍රතිඵල ලෙස වර්තමානයේ රුපියල අවප්රමාන වෙනවා . තීන්දු තීරණ ගන්නා උගතුන් යයි කියා ගන්නා අය රට ගැන බලන බවක් පේන්නෙ නැහැ හරිම කණගාටුයි.