සයිටම් විරෝධයට පාසල් සිසුන් යොදාගෙනලු සයිටම් ව්රෝධී උද්ගෝෂණවලට දින කිහිපයක සිට පාසල් සිසුන් යොදා ගන්නා බවට දෙමාපියෝ චෝදනා කරති. ගම්පහ, හලාවත සහ අනුරාධපුර ආදි පෙදෙස් කිහිපයක එලෙස සිසුන් යොදාගෙන තිබේ. 07 November 2017
සාකච්ඡා අසාර්ථකයි - උපවාසය දිගටම රජයත් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සයිටම් විරෝධී උපවාසය අඛණ්ඩව පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි. 07 November 2017
පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් යළි රිමාන්ඩ් ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු සැකකරුවන් 8ක් ලබන 21දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(7) නියෝග කළාය. 07 November 2017
තෙල් ගැටලුවටත් කමිටුවක් පවතින ඉන්ධන ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය මඟින් අමාත්‍යවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. 07 November 2017
ගණිකා නිවාසවලින් ඇල්ලූ කතුන් 10ක් රිමාන්ඩ් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 16ක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් 10දෙනකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය. 07 November 2017
කූට ලියවිලි හැදු පුද්ගලයෙක් අත්ඩංගුවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පුද්ගලයකු බව පවසා පුද්ගලයින් 60 දෙනෙකුගෙන් පමණ මුදල් ගරා කාර්යාලයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකු ව්‍යාජ වෛද්‍ය සහතික,ඡායාරූප ,උප්පැන්න සහතික සහ තවත් ලිය කියවිලි තොගයක් සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි. 07 November 2017
යුද හමුදාව හැරගිය 5412ක් බාර වෙති යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත් වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුළ හමුදාව හැරගොස් සිටි 5412 දෙනකු සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත බාර වු බව හමුදාව කියයි. 07 November 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරු හෙට(8) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි. 07 November 2017
මාවනැල්ලේ කාණුවකින් මළ සිරුරක් මාවනැල්ල ලංගම බස් ඩිපෝව අසල කාණුවෙහි තිබී මළ සිරුරක් සොයා ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 07 November 2017
හොර පාරෙන් පෙට්‍රල් විකිණූ අයෙක් දැලේ වෙන්නප්පුව ඩිපෝ හන්දියේ සමූපකාර තෙල් පිරවුම්හලේ පෙට්‍රල් අලෙවියට නොමැති අතර ඊට මීටර් 100 ක් පමණ දුරින් නීති විරෝධි ආකාරයෙන් වැඩි මිලට තෙල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අද(7) සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශය පවසයි. 07 November 2017
උතුරු පළාත් මන්ත්‍රීවරු - හමුදාව කිලිනොච්චියේදී වචන හුවමාරුවක කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ. 07 November 2017
මදුරන්කුලි අනතුරේ බස් රියදුරු රිමාන්ඩ් හත් දෙනෙකුට මරු කැදවූ 40 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කළ මදුරන්කුලියේ බස් රථ අනතුරේ බස් රථයේ රියදුරු ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් බණ්ඩාර රාජකරුණා මහතා නියෝග කළේය. 07 November 2017
බදුල්ල - මහියංගන පාරට ගල් පෙරළෙයි ඇද හැලුණූ වර්ෂාවත් සමග බදුල්ල මහියංගන ප්‍රධන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් සහ ගල් පෙරළීයාමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත. 07 November 2017
බෝතල්වලට පෙට්‍රල් නෑ - යතුරුපැදි සංගමයෙන් විරෝධය ඇතිවී තිබෙන පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. 07 November 2017
හොර සල්ලි අච්චු ගැසූ යුවළක් අත්අඩංගුවට යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් විසිඑක් ලක්ෂ හැටඅට දහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 07 November 2017
මාරාන්තික උපවාසය ආරම්භ කරයි මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේය. 06 November 2017
මොරගහකන්ද ජල මට්ටම ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම තවත් මීටර් හතරක් ඉහළ ගියහොත් විදුලි උප්පාදන යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව ව්‍යාපෘති මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා පැවැසීය. 06 November 2017
ජනපතිගේ කමිටුවට සයිටම් නියෝජනයක් ඉල්ලයි සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පත් කළ නව කමිටුවට සයිටම් ආයතනයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද, ඒ සඳහා පත් කළ නිරීක්ෂණ කමිටුවට සයිටම් දෙමාපිය සංසදයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 06 November 2017
බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - ඇමැති අර්ජුන ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 06 November 2017
මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. 06 November 2017
අල්ලස් ගත් සැරයන්ට වසර 24ක සිර දඬුවමක් රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 23,000/-ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු කැකිරාව පොලිසියේ සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 06 November 2017
ඇමැති පාඨලී තෙල් මාෆියාව ගැන හෙළි කරයි ඛණිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 06 November 2017
වර්ණ සංඥා නොතකා යතුරු පැදිය ධාවනය කළ ලාංකිකයා මරුට කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙක් (31) මාර්ග නීති උල්ලංඝණය කරමින් පදවා ගෙන ගිය යතුරුපැදියක් අනතුරට ලක් විමෙන් මියගොස් ඇතැයි එරට තානාපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි. 06 November 2017
තුවාලකරුවන් ගෙනෙද්දී ශල්‍ය වෛද්‍යවරුන් රෝහලේ නෑ මදුරන්කුලිය බස් රථ අනතුර සිදුවී රෝගීන් පුත්තලම මූලික රෝහලට ගෙන යන විට එහි ශෛල්‍යය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සේවයේ නොසිටී බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 06 November 2017
මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක් නිරාහාරව පාසල් පැමිණ සිටියදී වමනය කිරීම නිසා, ගැබ් ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කරන ලද කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ සිසුවිය අද (6) සිට අනුරාධපුර නගරයේ ජාතික පාසලක් වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබී තිබේ. 06 November 2017
උඩුවේ හිමිගේ නඩුව ජනවාරි 05 සිට පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමය තුළ අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පීඩාවක් ඇතිවන බවට චෝදනා ලැබ සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 05 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (06) තීරණය කළාය. 06 November 2017
අයවැයට ශ්‍රීලනිප යෝජනා බාරදෙයි ලබන වසරේ අයවැය ලේඛනය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත බාරදුන් බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 November 2017
විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට නව විදුහල්පතිවරයකු ඉල්ලා අද (06) එම පාසලේ සිසුන්ගේ දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. 06 November 2017
ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි. 06 November 2017
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රස පරික්ෂක වාර්තාවක් ඉල්ලයි උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පරිගණකය ඇතුළු නඩු භාණ්ඩ 11 ක් සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ අධ්‍යක්ෂකවරයාට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (6) නියම කෙරිණි. 06 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026