මට්ටක්කුලිය හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කූඨ ලේඛන සකස් කළැයි කියන සිද්ධියකට අදාළව මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (09) නියෝග කළාය. 09 November 2017
‘නෙවස්කා ලේඩි‘ නැවෙන් ගෙනා පෙට්‍රල් බෙදා හැරීම ඇරඹෙයි පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අද (09) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ‘ලංකාදීපයට‘ පැවසීය. 09 November 2017
කොළොම්බියාවෙන් කොකේන් ටොන් 12ක් ටොන් 12කට වැඩි කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළොම්බියානු පොලිසිය සමත් වී ඇත. 09 November 2017
මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ගන්නැයි ඉල්ලයි සෑම පාර්ලිමේන්තු මන්ත්රිවරයකුගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට පැෆරල් සංවිධානය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 09 November 2017
විදේශ දුම්වැටි සමඟ චීන්නු පහක් දැලේ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ චිනයේ නිෂ්පාදිත දුම්කොළ මිශ්‍ර දුම්කුඩු කිලෝ 03ක් නීති විරෝධි ලෙස ගෙන ආ බව කියන චීන ජාතිකයින් පස්දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය පවසයි. 09 November 2017
උතුරු- නැගෙනහිර පළාත් වලට තද වැසි දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 November 2017
මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 09 November 2017
හෙරොයින් ළඟ තබාගත් 5 කට සිරදඬුවම් හොරොයින් ග්‍රෑම් 6.5 ක් ළඟ තබා ගත්තැයි චෝදනාවට වරදකරු වු මාළිගාකන්ද පදිංචිකරුවන් 5 දෙනෙක්ට ජිවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (9) නියෝග කළේය. 09 November 2017
‘අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණයි‘ තමන්ට ලැබී ඇති රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණක් ලැබී ඇති බවත් කිසිදු වැඩක් කිරීමට නොහැකිව තමන් දැඩි කළකිරීමට පත්ව ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. 09 November 2017
අයවැයෙන් දෙවැනි තැන අධ්‍යාපනයට අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය. 09 November 2017
‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන්ට සිර දඬුවම් දිය යුතුයි‘ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරු තවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් ඔවුන්ගේ මන්ත්රීභාවය අහෝසි කිරීමෙන් නොනැවතී සිර දඬුවම් දිය යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 09 November 2017
‘මාගම්පුර වරායේ කටයුතු ජනවාරි 18ට පෙර‘ හම්බන්තොට වරායේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන දිනය දෙසැම්බර් අටවැනිදා ප්‍රකාශ කළ හැකි බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 09 November 2017
ගිනි අවියක් සමඟ තුනක් සැකපිට විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවන් තිදෙනකු වැලිමඩ දිවිතොටවෙල ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි. 09 November 2017
පුදුකුඩුරිප්පු බස් අනතුරින් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහලට මුලතිව් පුදුකුඩිඉරිප්පු වට්ටාපලෙයි ප්‍රදේශයේදී අද (9) පෞද්ගලික බස් රථයක් ගසක වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවිකාවන් 24 ක් රෝහල් ගත කළ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 09 November 2017
ගාමිණි සෙනරත් අධිකරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය. 09 November 2017
මාස 10කට පසු පන්ති වර්ජනය අවසන් මාස 10කට අධික කාලයක් පුරා පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය පන්ති වර්ජනය අවසන් කර සඳුදා සිට යළි දේශනවලට යෑමට තීරණය කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාකාරී කමිටුවේ ආරංචි මාර්ග කියයි. 08 November 2017
මාරාන්තික උපවාසය නතර කරයි සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර නතර කරනු ලැබීය. 08 November 2017
තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය. 08 November 2017
බදු අඩු කිරීමෙන් කෝටි 150ක පාඩුවක් අත්‍යාවශ්‍ය ආහාර වර්ග හයක් මත පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමෙන් රජයට මසකට රුපියල් මිලියන 1500 ක පමණ පාඩුවක් සිදුවන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද පැවැසීය. 08 November 2017
ලංකා ඊ නිව්ස් ලංකාවේ නෑ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අද (8) සිට ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට පිවිසිය නොහැකි අයුරින් අවහිර කර (Block) ඇතැයි වාර්තා වේ. 08 November 2017
ඇමැති අනුකමිටු වාර්තාව අඟහරුවාදා කැබිනට්ටුවට ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් සෙවීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. 08 November 2017
තෙල් නැව අද රාත්‍රී කොළඹට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩුබායි රටෙන් ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 40000ක පෙට්‍රල් අඩංගු නැවක් අද මධ්‍යම රාත්‍රියේ කොළඹට ළඟා වීමට නියමිතය. 08 November 2017
සයිටම් උපවාසයට දන්ත වෛද්‍යවරුන්ගේ සහාය සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යය දෙමාපිය සංගමය ආරම්භ කර ඇති උපවාසයට සමාන්තරව හෙට (9) උදෑසන 7.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 08 November 2017
නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී නීල් රොසයිරෝ නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත්කරනු ලැබ සිටී. 08 November 2017
සිවාජලිංගම්ගෙන් ගම්මන්පිලට අභියෝගයක් මෙරට ජාතික ප්රශ්නය ගැන හෝ බලතල බෙදීමේ අවශ්‍යතාව ගැන නිසි අවබෝධයකින් තොරව අදහස් දක්වන පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට තමා හා සාකච්ඡාවකට පැමිණෙන්නැයි අභියෝග කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය. 08 November 2017
යුද හමුදාවෙන් 200 ක් මාලි රටට මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ප්‍රථම වතාවට යුද හමුදා සාමාජිකයන් 200 ක පිරිසක් මාලි දිවයින බලා පිටත්ව යන බව හමුදාව කියයි. මෙම පිරිස අතර නිලධාරීන් හා සෙසු නිලයින් ද සිටින බව හමුදාව ස`දහන් කරයි. 08 November 2017
ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නලු අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් හා අසභ්‍ය ලෙස ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතහොත් රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි වනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 08 November 2017
සිවිල් ආරක්ෂක බළකායේ වංචාවක් ගැන පැමිණිල්ලක් සිවිල් ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 08 November 2017
ගම්පහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක් සමඟ ගම්පහ නගරයේ දී සුභෝපභෝගී මෝටර් රථයක් අතහැර යාමේ සිද්ධියේ එම මෝටර් රථය පැදවු බව කියන රියදුරු අද (8) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 November 2017
සයිටම් අහෝසි කළ බව නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවට කියයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය. 08 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026