(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (1) පැවසීය.
හිටපු ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය බාරගැනීමට දැන් කාලය උදාවී තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද කීය.
යම් හෙයකින් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව සකස්කිරීම අවසන් අදියරේ පවතින බවත් ඊට අමතරව තරුණ පෙරමුණු ව්‍යවස්ථාව, කාන්තා පෙරමුණු ව්‍යවස්ථාව ද සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.
පක්‍ෂය පිහිටුවා මාස 16ක් ඇතුළතදී පළාත් පාලන මැතිවරණය ජයගත්බවත් එහි ගෞරවය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාට හිමිවිය යුතු බවද පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(ඡායාරූපය- ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි. කකුල් දෙක දෙපැත්තක තියාගෙන ඉන්නවාට වඩා එක පැත්තක තියාගෙන යන ගමන යන්න. කාටකාටත් ජය එතකොට...
මේක.. දැන් "කාසියේ වාසිය" හොයනවා වගේ වෙලා..
අනේ හොඳයි... රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිරිසිදුව තියෙන්න එපෑයැ..
ඕක කලින්ම කීවනම් ඉවරනේ. කාටද කොළ කඩා පාන්නේ අපි නොදන්න මේගොල්ලෝ
කොහොමද ඒක, මුට්ටිය දාලා බැලුවා වැඩේ සාර්ථක නිසා දැන් ඔලුවම දාන්න යනවා.
කොහොමත් නායකත්වය දැරුවේ ඔහුනේ. අපිට නම් ඉතින් කිසි වෙනසක් නැහැ.
මහින්ද මහත්තයා ආපහු බලය අල්ල ගන්න පුදුම සටනක් දෙන්නේ. ආපහු රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න විශාල වෑයමක් දරනවා...
මේකටද මේ මහා ජනතාවට බොරු කරන්නේ...? නියම නායකයා මහින්ද බව ලෝකෙම දන්නවා. අනිත් වැඩත් ඔය වගේ තමයි මෙයාලට ඔන්න පුතේ ඡන්දෙ දෙන්නේ බලාගෙනයි... පටන් ගත්තෙම කොකා පෙන්නලා පස්සේ මොක්කු පෙන්නයිද බලමු...
රටම දන්නා මොනරතැන්න... ඔන්න බබෝ බිල්ලෝ....
පළමුව පොහොට්ටුව බාර ගන්න. තව ටික දවසකින් යහපාලකයෝම කරගන්න බැරිව රට භාර දේවි එකත් බාර ගන්න. අපි හොඳටම දන්නවා මේගොල්ලෝ වගේ අරක නෑ මේක නෑ කියා කියා ඔබතුමා කියන්නේ නැතිව රට ගෙනියන බව.
අපි නොදන්නවයි කව්ද නායකයා කියලා
කතා විතරයි වැඩ නැත
වෙන කෙනෙක් නායකත්වය දැරුවට කොහොමත් නියම නායකයා හිටපු ජනාධිපති තුමානේ.
අපිට නම් ඔබතුමා කෙසේ වෙතත් පුතාව නම් අරහන්. එම නිසා පුතාලාව ඉස්සර කර ගන්නේ නැතිව පොහොට්ටුව බැරි නම් මල් පොකුරක් වුනත් භාර ගන්න. වයස යන්න යන්න සමහර දේශපාලක දරුවන්ගේ පරිනතබව අඩු වෙලා වාචාල කතා කියවනවා මිසක් කිසිම දේශපාලන සුදුසු කමක් නැහැ .
Uditha - London එක නියම සිංහලකම. දිනන තුරු සටන ගෙනියනවා. මුළු ඉතිහාසය පුරාම සිංහලය කලේ ඕකයි. නැතිනම් මේවනවිට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්. හැබැයි දිනන්න බැරි උනාමයි ඇඟ බේරාගෙන බලයේ ඉන්න ඕනේ උනාම බන්දේසියක තියලා රට සතුරාට බාර දෙනමිනිස්සුත් මේ සිංහල රටේ සිංහල නමින් ඉන්න බවත් මතක තියා ගන්න.
අදාල නෑනේ......
කව්රු නායකත්වයට ආවත් මොන ඡන්දය තිබ්බත් මේ ආණ්ඩුවට නම් අබ සරණයි..
කොහොමත් එයා තමයි ඕකේ නායකයා. ආයේ අලුතෙන් දෙන්න කියලා දෙයක් නෑ.
පක්ෂේ විතරක් නෙමේ රටේම නායකත්වය බාර අරගෙන මගේ රට මේ වලෙන් ගොඩ අරන් දෙන්න මැතිදුනි.
දැන් උගත් තරුණයන්ට රට බාරදෙන්න කාලේ හරි ඊලග ඡන්දෙවන් මිනිස්සුන්ට මොලේ පැදුනොත් ඇති
ඔලුව කොහෙහරි වැදුණද?
දැන් උගත් තරුණයන්ට? නම් කරන්නකෝ ඔය රට බාර දෙන්න පුළුවන් තරුණයින් කවූද කියලා.