අංජුල මහික වීරරත්න
ෆේස් බුක්,සමාජ ජාල වෙබ් අඩවි වලින් ළමා පරපුරට වන හානිය නතර කිරිම සඳහා ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කොළඹ දී අද (1) කීවාය.
දරුවන් අන්තර්ජාලයට පිවිසිමේ දී අවශ්‍ය දේ පමණක් නැරඹීමට හැකි ක්‍රමවේද බොහෝ රටවල් අනුගමනය කරන බව කී අමාත්‍යවරිය ශ්‍රී ලංකාවටත් ඉදිරියේ දී එවැනි තීරණ ගැනීමට සිදුවනු ඇතැයි පැවසුවාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය මේ බව පැවසුවේ ලෝක ළමා දින ජාතික උත්සවයේ දේශණය පැවැත්විණි.
‘දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය දෙන්න’ යන තේමාවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විශ්වාස කරනවා මෙය හොඳ තීරණයක් බවට... හැකි ඉක්මණින් ක්‍රියාත්මක වෙන තරමට හොඳ බවත් කිව යුතුයි. මක්නිසාදයත් මේ විනාශ වෙන්නේ ඔබේ, අපේ දරුවන් බැවින්ය...
සමාජ ජාලවලින් කෙසේ වෙතත් රටට, ජනතාවට ආදරයක් නැති පල් හොරු රටේ නායකයින් වුණාම අනාගත ළමා පරපුරට දෙයියන්ගේම පිහිටයි...
කොල්ලෝ කුරුට්ටෝන් ගේ හම්බ වෙන ඡන්ද ටිකත් නැති කර ගන්න හදන්නේ
සමාජජාල වලින් ළමා පරපුරට වන හානිය නතර කරන්න තීරණ ගන්නවා කියන කතාවේ තේරුම මොකද්ද? චීනයේ වගේ කරන්නද යන්නේ?
කටින් බතල කොළ හිටව හිටවා ඉන්නේ නැතුව කෙරුවා නම් තමයි හොඳ. ඔක්කොම කියවිල්ල විතරයි වැඩ නෑ. මේවා ඒ තරම් අමාරු දේවල් නෙමෙයි... අවංකවම ළමයින්ට ආදරේ නම් කරන්න පුළුවන්..
ගරු අගමැතිතුමනි, අද ලෝක ළමාදිනය හින්දනේ මෙහෙම කියන්නේ. නමුත් අපේ බාල පරපුර සීඝ්රයෙන් අගාධයට ඇදී යන බවයි අපට පෙනෙන්නේ.. අන්තර්ජාලය පමණක් නොවෙයි, රූපවාහිනී මාධ්‍ය ඊට කෙළින්ම බලපානවා. දරුවන් හමුවේ දරුශනය නොවිය යුතු හා නොකිය යුතු බොහෝ දේවල් රූපවාහිනිය මගින් දරුවන්ගේ ඉදිරියට ගෙනයන මාර්ග අවහිර කිරීමේ බලය ඔබතුමාලා සතුව තිබියදීත් එසේ නොකරන්නේ ඇයිද යනු අපට විශාල ප්රශ්නයකි.
මේ ආණ්ඩුව ආදා පටන් කරන්නේ තීරණ ගැනීම පමණයි. ඒත් කරපු වැඩක් නම් පෙනෙන්නට නැහැ.
හැම තීරණයක්ම ගන්නේ අශ්වයා ගියාට පසුවයි.
ඇයි ලෝකෙට අණබෙර ගගහ කියව කියවා ඉන්නේ? කරන්නනේ තියෙන්නේ.. මේවට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. අනිත් එක කරනවා නම් මේක මහා ලොකු වැඩකුත් නෙමෙයි.
ඔය කියෙව්වට ඕව කවදාවත් කෙරෙන්නේ නෑ. මීට ඉස්සරත් ඕව කිව්වා කෝ කෙරුනද...? කියවනවා විතරයි. මේගොල්ලට කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ. අපි බලා ඉමු මොකද වෙන්නේ කියලා.
ලංකාවේ ළමා අයිතිවාසිකම් නමට විතරයි. රාජ්‍ය ආයතන මන්දගාමියි.