(ඩයනා උදයංගනී)
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා මහාගල්කඩවල කැලෑබැද ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේ එම දෝෂය නිවැරදි කළ ජනිත් දිමන්ත විතානාරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට කැඳවා ඔහු ඇගයීමට එම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (01) කටයුතු කළේය.
දුම්රියේ වායු පීඩක නළයක දෝෂයක් ඇතිවී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් ගුවන්තොටුපළ කරා ගමන් ගත් විදේශිකයින් ඇතුළු මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එම දුම්රියේ ගමන් කළ මෙම සිසුවා ඉදිරිපත් වී එම දෝෂය නිවැරදි කර තිබූ අතර එම අවස්ථාවේ දුම්රියේ ගමන් කළ මගියෙකු ඒ පිළිබඳව මුහුණු පොතට සටහනක් එක්කර තිබිණි.
අනතුරුව එම පුවත ලංකාදීප ඉකුත් 28 වැනිදා පුවත්පතෙහි පළවූ අතර එය දුටු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ජනිත් දිමන්ත සිසුවා ගෙන්වා ඇගයීමට පියවර ගත්තේය.
මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්තගේ පියා වන සුනිල් විතානාරච්චි මහතා ද ඉංජිනේරුවරයෙකු වන අතර ලෝර්ඞ් මාස්ටර් නැමති ට්‍රැක්ටරයක් ඇතුළු නව නිර්මාණ ගණනාවක්ම ඔහු විසින් කර තිබේ.
ඔහුගේ මව වන ධම්මිකා විතානාරච්චි විශ්‍රාමික ගුරුවරියකි.
පවුලේ එකම දරුවා වන ජනිත් පියාගේ අඩි පාරේ යමින් සිටින අතර ඔහු ද මේ වන විට නව නිර්මාණ කිහිපයක්ම කරමින් සිටී. එමෙන්ම ඔහු ජාත්‍යන්තර මට්ටමේ තරඟ කිහිපයකින්ම ජයග්‍රහණ ද ලබා ඇත.
ජනිත් මේ වන විට ජර්මානු කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යාපන කටයුතු අවසන් කර ඇතත් එහිදී ඔහුට සහතිකය ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් ඇති වී ඇති අතර ඒ ගැන සොයා බලා සාධාරණයක් කරදීමට ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.
මෙම අවස්ථාවට දුම්රිය සේවකයින් පිරිසක් ද එක්ව සිටි අතර ජනිත් දුම්රියේ පැවති දෝෂය හා එය නිවැරදි කළ ආකාරය මෙහිදී පැහැදිලි කළේ රූප සටහන් ද යොදා ගනිමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනිත් මෙසේ ද කීවේය.
‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.
මට මේ තුළින් ප්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ නැහැ.
මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’
විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා මහනුවර සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(ඡායාරූප ලහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගයීම් කළාට විතරක් මදි. ඔහු රටේ වස්තුවක් බව අමතක කරන්න එපා.
රටක් වටින පුතෙක්... ඇගයීමත් ඉතා හොඳයි...
පුතා ඔබට ජයෙන් ජය! මාද මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා අද විදේශගතව රැකියාව කරන අතර ඔබගේ මේ ක්‍රියාව ගැන මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ ආදී සිසුවෙකු ලෙස මා ඔබ ගැන ආඩම්බර වෙමි ඔබට ජයෙන් ජය!
පේනවනේ දුමරිය කාර්මිකයන්ගේ හැකියාවේ තරම. එකට උද්ඝෝෂණ කරන්න නම් දෙයියෝ...
ප්‍රංශයේ ඉහල මාලයේ සිටි බිලිඳෙක් ස්පයිඩර් මෑන් ගොස් බේරාගත්තු පුද්ගලයාට ගිනි නිවන හමුදාවේ සේවයට ගත්තා.. ඒ වගේ මෙම දක්ෂ ළමයව ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට.. එහෙම නැත්නම් මොහුගේ සේවය අනාගතයේදී බොහෝවිට පිටරටක් ලබා ගනී...
මේ දරුවාගේ අනාගතය වරින්වර සොයා බලන්න මැතිතුමනි...
රටක් හැටියට සතුටු වන්න කිසිවක් නොමැති අපට නුබ රටේ අනාගතයට බලාපොරොත්තු ගේනවා පුතා. ගොම රිටේ අතර නුඹ රටට මැණිකක්...
දක්ෂකම වගේම හොඳ දරුවෙක්. දෙමව්පියන්ට ගෞරවයක්...
අැගැයීමක් කළා වගේම ඔවුන්ගේ අලුත් නිර්මාණ රටපුරා භාවිතයට ගන්න අවශ්‍ය කටයුතු සලසන්න. උපාලි විජේවර්ධන මහත්තයා අපේ රටේ කාර් නිෂ්පාදනය කරන්න හැදුවේ 70 දශකයේ... එ්ත් අවශ්‍ය සහාය ලැබුනේ නැහැ. විජේවර්ධන මහත්තයා හදපු ලෑන්ඩ් මාස්ටරේට සහය ලැබුනේ නැහැ. ඔහු තාක්ෂණය පිටරටට විකුණලා දැම්මා. අපි දැන් පිටරටින් ඒ ලෑන්ඩ් මාස්ටර් වැඩිපුර සල්ලි දීලා ගේනවා. අපේ සල්ලි වැඩිපුරම පිටරටට යන්නේ වාහන ගෙන්වන්න. ඒ වගේ මෝඩ වැඩ කරපු නිසා අද ඩොලරය රුපියල් 170ත් පසු කරලා... දැන්වත් අපේ දේ රටේ භාවිතයට ගන්න කටයුතු කරන්න...
නුවණ නැති ඇමතියන් සියයක් ලදුවත් නිසරූ නුවණැති පුතෙක් ඇතිවීමය ඉතා ගරූ
ඉක්මනට යන්න පුතේ වෙන කොහේ හරි රටකට ලංකාවේ ඉඳලා නම් සුගතියක් වෙන්නේ නැහැ, දේශපාලුවන්ට හැරෙන්න ඔබලා වගේ අයට රටේ ඉදලා තේරුමක් නැහැ
එකක් දෙකක් නෙමයි බොහෝ දේවල් අපේ තරුණ පිරිස් නිර්මාණය කලා. මට මතකයි ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු පවා කව්රු හරි නිර්මාණය කරා. ඒවාට මොකද වුනේ?
මෙන්න නියම කොල්ලෝ. නියම තරුවක්.
තමන්ට නිවැරදි කිරීමට නොහැකිවූ ඒ දෝෂය නිවැරදි කිරීමට මෙම දරුවාටත් අවස්තාවක් දීමට තරම් නිහතමානී වූ දුම්රිය දෙපාර්තමේතුවේ කාර්මික ශිල්පීන්ටත් මගේ ස්තූතිය.
සුදුසු තැනක් දිය යුතුයි.
හරිම ආඩම්බරයි පුතේ.
මෙහි ඉගෙනගත හැකි පාඩම් කිහිපයක්ම තියෙනවා... තැන නොතැන නොබලා, කළහැකි, කළ යුතු නිවැරදි දේ මේ දරුවා කරලා තියෙනවා ... ඒ සඳහා පළපුරුදු දුම්රිය කාර්මික ශිල්පීන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ යහපත් ක්‍රියාව ඇගයීමට ලක් වෙලා තියෙනවා. ඔබට ජයෙන් ජයම ලැබේවා පුතා...!
පුතේ ඔබ ඉපදුණු මාතෘ භූමියට අවංකව සේවය කිරීමට ඔබට හැකිවේවා...!!! ඒ දෝෂය නිවැරදි කිරීමට මෙම දරුවාටත් අවස්තාවක් දීමට තරම් නිහතමානී වූ දුම්රිය දෙපාර්තමේතුවේ කාර්මික ශිල්පීන්ටත් මාගේ ස්තූතිය, රටක් වටින පුතෙක්. ඇගයීමත් ඉතා හොඳයි.
මට බැරි නිසා උඹටත් බැහැ කියන සංකල්පයෙන් මිදී එහෙනම් පුතා ට්‍රයි එකක් දීපන් කියන්න පෙළඹීමත් ට්‍රයි එක සාර්ථක උනාම එය ලෝකයට පෙන්වීමත් දියුණුවේ හොඳ ලක්ෂණයක්. එත් බොහෝ කුහක සිංහලයෝ සාර්ථකවූ ට්‍රයි ගැන කතා කොරන්නේ නැත.
දිරිය පුතෙක් , සුබ අනාගතයක් ඔබහට , ආදර්ශයක් සැමටම.
පුතේ මටනම් මොකුත්ම ලියාගන්න බැහැ, මගේ කදුළු මට නතරකරගන්න බැහැ රත්තරන් පුතේ, උඹට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.!
දියුණු රටවල් මෙය දන්නවනම් මෙම ළමයට පුරවැසිකම දෙවි එම රටේ.
මැති ඇමතිවරු කොමිස් ගන්න ඕන නිසා මේ වගේ තරුණයො කී දෙනෙක් කරපු නව නිර්මාණ නොසලකා හැර තිබෙනවාද. අපේ රටේ දක්ෂ තරුණ මොළගෙඩි අව්වට වේලෙනවා අපි හැමදේම පිටරටින් ගෙනත් කකා ඩොලරයට දත නියවනවා. මේ දරුවෝ අගයල පැත්තකට කරනවාට වඩා මොවුන්ගේ නිර්මාණ අපේ රටේ නිෂ්පාදන ක්ෂේත්රය දියුණු කරන්න යොදා ගැනීමටයි නියම ඇගයීම විය යුතුතේ. නැත්නම් හෙට අනිද්දට කොහේහරි රටකින් මේ ළමයට කථා කරයි ඉහල වැටුපකට. ඔබට ජයෙන් ජය පුතා
ලංකාවට මේ දරුවා අහිමි වෙනවා. පිටරටකින් ශිෂ්‍යත්වයක් දීලා ගන්නවා. වහාම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යත්වයක් දෙන්න.
ප්‍රශංසා විතරක් මදි. දරුවා හට උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදලක් දුන්නේ නැද්ද .
රටක් වටිනා පුතෙක්. ඔබගේ හැකියාවෙන් අපේ මවුබිමට සේවයකිරීමට අවස්ථාව ලැබේවා!
"දරුවා හට උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදලක් දුන්නේ නැද්ද" . මම හිතන්නේ නැහැ ඒ දරුවා ඒ තත්වයට වැටෙයි කියලා. පියා ඉංජිනේරුවෙක් මව ගුරුවරියක්.
තමුන්ලා තමයි ජාතියට වින කරන්නේ දේශ ද්‍රෝහියෝ
එතකොට ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න ඉංජිනේරු මහත්වරු ගැන අපට හිතා ගන්න පුළුවන්. මුකුත් නොදන්නා අය තමයි බඳවාගෙන ඉන්නේ. පින් පඩි ගෙවනවා. ඔය දරුවට හොද තත්වයක් දෙන්න ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේම. ජයවේවා පුතේ
සුබ අනාගතයක් පුතා අපේ රටට ඔබ අගනා වස්තුවක්. ඔබගේ මවුපියන්ට ගොඩක් පින් ඔබ වැනි දරුවෙක් රටට දායාද කලාට.
ඔය ළමයි දුම්රියේ කාර්මික ශිල්පියයි අතර ඇති වූ දුරකථන සංවාදයක් දැන් පිටවුණා. කව්රුත් එක අහන්න