පෙට්‍රල් අර්බුදයට තෙල් සංස්ථාව වගකිව යුතුයි පෙට්‍රල් අර්බුදයට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 08 November 2017
මීතොටමුල්ලේ අවතැන් වුවන්ට නිවාස මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වු ජනතාව වෙනුවෙන් ඉදිවූ කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ තෙවැනි අදියරේ නිවාස ඒකක 396 ක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (8) ජනතා අයිතියට පත්කෙරිණි. 08 November 2017
ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුවෙයි අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු හා හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(8) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 08 November 2017
ත්‍රී රෝද රිය ගලඔයට වැටෙයි බිබිල බදුල්ලගම්මන ප්‍රදේශයේ පාලමකින් වැටුණු ත්‍රී රෝද රථයක් ගල ඔයේ ගසාගෙන ගොස් ඇති බව බිබිල පොලිසිය කියයි 08 November 2017
ගලේවෙල අනතුරකින් අයෙක් මරුට ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේ අද(8) ගුවන් හමුදාවට අයත් කැබ් රථයක් පා පැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇති බව පොලීසිය කියයි. 08 November 2017
නාලන්දාවේ රකිඳු ලක්මව රිදියෙන් සරසයි නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති හයවැනි ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේදී බකිනි ගසේ පලතුරු මදයෙන් ගර්භාෂ බිත්ති පිළිකා ප්‍රභේදයක් විනාශ කළ හැකි බව ඉදිරිපත් කළ කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික්‍රමරත්න ජීව විද්‍යා අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. 08 November 2017
ලංගම බසයට බෝම්බ ගැසූ කොටියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ඉලක්ක කොට ‘ක්ලේමෝ’ බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට 30දෙනකු ඝාතනය කොට තවත් 42කට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද(8) නියම කළේය. 08 November 2017
දුම්රිය වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරු අද(8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි. 08 November 2017
වැව් බැම්මෙන් ටී56 උණ්ඩ මතු වෙයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල්පර අතර තිබී ටී.56 ජීව උණ්ඩ 126 ක් අද (08) සොයාගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 08 November 2017
පොලිසියේ මැදිහත්වීමෙන් සිසුන් පාසලෙන් ඉවතට කිසිදු පූර්ව දැනුම්දීමකින් හා හේතු දැක්වීමකින් තොරව ඌරුබොක්ක ජාතික පාසලේ 12වන ශ්‍රේණිවලට නිවාඩු දී ඇති බවත් අද (08) පාසලට ගිය 12 වැනි ශ්‍රේණියේ දරුවන් පොලීසියේ මැදිහත්වීමෙන් විදුහල් පරිශ්‍රයෙන් ඉවත්කළ බවත් දෙමාපියෝ කියති. 08 November 2017
බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා‘ - ජනපති මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය. 08 November 2017
හිටපු ඇමැතිවරයකුගේ බලපෑමට බස්නාහිර සබේට වාහන 19 ක් කුලියට අරන් බස්නාහිර පළාත් සභාවට කුලී පදනම යටතේ වාහන දහනවයක් ගැනීම සඳහා කෝටි දහනවයක් ගෙවන්නට සිදුව ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභාවේදී පැවැසීය. 08 November 2017
ව්‍යවස්ථා සංශෝධනයට නොව රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතුයි මේ අවස්ථාවේදී ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොව රට හමුවේ ඇති ප්‍රශ්න විසඳීමට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියා සිටී. 08 November 2017
බගවන්තලාව නිවසක මළ සිරුරක් බගවන්තලාව ටින්සින් වතුයායේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි තිදරු මවකගේ(63) මළ සිරුරක් අද (08) සොයාගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 08 November 2017
වෙල්ලමුල්ලිවයික්කාල් ඉඩමකින් බෝම්බ හමුවෙයි මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියකු වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බව මුලතිව් පොලීසිය පවසයි. 08 November 2017
මාතර පෙට්ට්‍රල් ජාවාරමක් ඉන්ධන පිරවුම්හල්වලට පෝලිමේ ගොස් පෙට්‍රල් ලබා ගෙන ඒවා පිටතට රැගෙනවිත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත. 08 November 2017
අයවැයට පෙර ආණ්ඩුවෙන් සහන පැකේජයක් විශේෂ සහන පැකේජයක් හෙට (08) දිනයේ රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 November 2017
තෙල් නැතිව ඇමැති මණ්ඩලය ඇවිලෙයි ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් අද දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත. 07 November 2017
වාහන වලට පමණක් පෙට්‍රල් ගැසීමේ නීතිය ඉවතට වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කර තිබූ නියෝගය ඉවත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි. 07 November 2017
පාගමනක් ගියැයි කුලියාපිටිය සිසුවකු අස්කරලා ආදර සම්බන්ධතාවක් ඇතැයි කියමින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පාසලෙන් අස් කර ඇතැයි කියමින් කුලියාපිටියේ පාසලක 13 ශ්‍රේණියේ සිසුවකු පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 07 November 2017
මන්ත්‍රී රවීගෙන් නීතිපති නිලධාරියකුට අභියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය. 07 November 2017
විදේශීය චිත්‍රපට - ටෙලිනාට්‍ය - වාණිජ වැඩසටහන් බද්ද ඉහළ දමයි පිටරටින් ආනයනය කර හඬකවා ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය ,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරන ගාස්තුව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 90000 සිට 150 000 දක්වා වැඩිකර තිබේ. 07 November 2017
සිසුවාට පහරදීමේ සිද්ධියේ විදුහල්පතිට ඇප පාසල් ශිෂ්‍යයකුට පහරදීමේ චෝදනා මත රිමාන්ඞ්භාරයේ සිටි ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පති ප්‍රියන්ත කුමාරසිරි මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මොරවක මහේස්ත්‍රාත් ජනක සමරසිංහ මහතා අද (07) නියෝග කළේය. 07 November 2017
යාපන සරසවිය 13 දා යළි අරියි දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පංති වර්ජනය කිරීම හේතුවෙන් වසා දැමුනු යාපනය සරසවියේ සියලු පීඨයන්හි අධ්‍යාපනික කටයුතු ලබන 13 වැනි දා සිට ආරම්භ කරන බව යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා නිවේදනයකින් දැනුම් දී ඇත. 07 November 2017
ගාල්ල නව මන්ත්‍රී පියසේනගමගේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේනගමගේ මහතාගේ නම හෙට (08) ගැසට් පත්‍රයේ පළකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 07 November 2017
අල්ලස් ගත් රේගු අධිකාරිවරු සිව් දෙනාට සිතාසි මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරු සිව්දෙනාට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (7) සිතාසි නිකුත් කළේය. 07 November 2017
මාඋස්සාගොල්ල වත්තේ බඹර ප්‍රහාරයකින් 10 ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්වීම නිසා හපුතලේ දඹේතැන්න මාඋස්සාගොල්ල වතුයායේ වතු කම්කරුවන් දස දෙනෙකු අද (7) දඹේතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හපුතලේ දිසා රෝහලට මාරුකර යැවු බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 07 November 2017
සයිටම් විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් 9 වැනිදා සයිටම් අහෝසි සයිටම් අහෝසි කරන ලෙසට රජයට බලකරමින් සයිටම් විරෝධී සිසු ජනපවුර ලබන 9වැනිදා කොළඹ දී දැවැත්ත විරෝධතාවක් කි‍්‍රයාත්මක කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අද(7) ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 07 November 2017
බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය පාසල හිස් බිමක් වෙයි බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසල අද (7) එකම හිස්බිමක් බවට පත්ව තිබුණි. පාසල් පැමිණි සිසුන් සංඛ්‍යාව 100 කට ආසන්න වු බව වාර්තා වේ. 07 November 2017
ඉන්ධන නැව හෙට කොළඹ වරයාට ඉන්ධන මෙටි්රක් ටොන් 40 000 ක් රැගත් ලේඩි නෙවරස්කා නෞකාව හෙට (8) රාත්‍රි 11.00ට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. 07 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026