(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරිම සඳහා පත්කළ ති‍්‍රපුද්ගල කමිටුව අද (28) පොලිස්පතිවරයාගෙන් පැය තුනට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
මෙම ති‍්‍රපුද්ගල කමිටුව කළ කැදවීම අනුව පොලිස්පතිවරයා අද පෙරවරු 9.00 ට පමණ එහි පැමිණ තිබේ. පොලිස්පතිවරයා මෙම කමිටුව හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.
දහවල් 12.00 දක්වා පැය තුනකට ආසන්න කාලයක් කමිටුව පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයිද නියෝජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.
පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චොදනා පිළිබඳ විමර්ශන කිරීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර එම ති‍්‍රපුද්ගල කමිටු සමාජිකයන් අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන මාලා බස්නායක, ඩබ්ලිව් ඒ ධර්මසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ආලෝක බණ්ඩාර, යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
මේ සම්බන්ධ කටයුතු වාර්තාව කඩිනමින් අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතය.
කමිටු වාර්තාව අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිතුමා අල්ලසට රජයේ නිලධාරියෙක් පෙළඹවීම හා අල්ලස් ලබාදීමේ යන වරදට සැකපිට අත්අඩංගුවට ගතයුතුයි කියලයි මම හිතන්නේ....
පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුන් මා දන්නා තරමට, අසා ඇති විදිහට... සංවේදී, නීතිගරුක, අවංක, නිහතමානි, පළපුරුදු, අල්ලස් දූෂණයෙන් තොර, මව්බිමට ආදරේ කරන, පන්සිල් රකින, හොද සිංහල බෞද්ධ රජයේ සේවකයෙක් වගේම මිනිසුන් අතර උතුම් මිනිසෙක් බවයි.
දේශපාලනයට එන්න තියෙන සුදුසුකම් සපුරලා වගේ...
ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ හොඳම පොලිස්පතිතුමා තමයි මේ... දෙයියනේ !!!
ඒ සමගම ඔය කියන මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 202ක මුදලක් උපයාගත් අන්දමද ඒ සඳහා ආදායම් බදු ගෙවා අතිදැයිද යනබව විමසා බැලිය යුතුයි.
පොලිස්පතිවීමට පෙර මෙතුමා ඉතාමත්ම අවංක සහ දක්ෂ නිලධාරියෙක් විදියට රට පුරා සාක්ෂි තිබෙනවා. මේ චෝදනාව කිසිසේත්ම ඔහුට අදාළ නැති බව මගේ විශ්වාසයයි. ඔහුට මුදල් අවශ්‍ය නම් එය කරන්නේ පොලිස්පතිවීමට පෙර වංචාකාරී ව්‍යාපාරිකයන් සමග හවුල් වී කෝටි දෙකක් නොව විශාල මුදල් සම්භාරයකටයි. නමුත් මේ දක්වා ඔහුට සත පහක් අනිසිලෙස ඉපයූවා කියා කොහේවත් සඳහනක් නැත. මෙය බොරුවක් නම් අදාළ පාර්ශවවලට දැඩි දඬුවම් දෙන්න...
මේ පැමිණිල්ල කරන පුද්ගලයා කවුරු වුණත් කාගේ වුවමනාවට වුණත් කොපමණ මුදලකට මේ කොන්ත්‍රාත්තුව මිල නියම කළත් මේ පැමිණිල්ල බොරුවක් නම් පැමිණිලිකරුට දෙන දඬුවම කුමක්ද?
මේ වගේ බොරු චෝදනා කරලා රටේ සිවිල් පරිපාලනය විනාශ කරන්නේ කවුද? මොන පිරිසක්ද? මේක රටට මහා නපුරු කාලයක්...
හොරු හොඳ මිනිස්සු හොරු කරන්න මහජනයා නොමඟ යවන්න කරන විදේශීය කුමන්ත්‍රණයක් වගේ...!!!
රාජපක්ෂලාගේ තවත් වියාපෘතියක් දෝ මේ කියා මට සිතේ...
පළවෙනි නාඩගම අර දෙන්නා ගේ කතාව... මේක දෙවැනි නාඩගම කියලයි මට හිතන්න වෙන්නේ. එළිවෙන ජාමෙටලු හොඳ හොද සෙල්ලම්...
මේ සිද්ධිය බොරුවක් නම් පැමිණිලිකරුට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ වගේ දේවල් පුම්බන අයටත් දඬුවම් කළ යුතුයි. එවිට කවුරු කවුරුත් වගකීම් තේරුම් ගනීවි .
මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පති වෙස්සන්තරද? ඔච්චර ලොකු මුදලක් දෙන්න එයාට එතරම් ලොකු මුදලක් කොහෙන්ද? රුපියල් දෙදාහක් ඉල්ලගන්නත් කීප දෙනෙකුට වඳින්න ඕන කාලේ මේ සා විශාල මුදලක් තියාගත්තට විදුහල්පතිව ප්‍රශ්න නොකර පාලනය කරන රටක්...
මෙය ඉතාම හොද දෙයක්. නීතිය පොලිස්පතිටත් සමානයි කිකන .. මොහුගේ මත කාලීන හැසිරීම් ඉතාම කණගාටු දායකයි. මොහු හාමුදුරුවරුන්ට කතාකරන්න දන්නේ නැ. මොහුගේ තනතුරට ගැලපෙන විදියට නෙමේ හැසිරෙන්නේ. කොහොමහරි නීතිය නවන්න ගිහින් අන්තිමට තමන්ටම නැවිල තියෙන්නේ. සියලු රාජ්‍ය සේවකයන් දැනගන්න ඕනේ දෙයක් තමයි. කිසිම දේශපාලකයෙක්ගේ අතකොළුවක් නොවෙන්න. මොකද ඔවුන් තමන්ගෙන් වැඩේ කරගෙන පාවාදීල ඔවුන් බේරෙනවා. එකතමා අපිට ඉතිහාසය පුරාවට දකින්න තියෙන්නේ. තමන් නිවැරදි දේ විතරක් කලානම් මෙහෙම වෙන්නේ නැ. ඔක්කොම දේශපාලකයෝ එකට ඉන්නේ. පොලිස්පති දේශපලකන්ට ඕනේ විදියට නීතිය නවන්න ගිහින් නිකන් අමාරුවේ වැටිලා. නීතිය හරියට සැමට සාධාරණ විදියට කලානම් වැදගත් විදියට ගෙදර යන්න තිබුණා. එහෙනම් ඔවුන් වෙනුවෙන් ජනතාව ඉන්නවා..
පොලිස්පතිතුමා මේ තනතුර ලැබෙන්නට පෙර කාගේත් පැසසුමට ලක්වුණා. පසුව නොයෙක් විවේචනවලට ලක්වුනා. කතාවේදී කිවුවා," මට ලබන්න දෙයක් නැහැ" කියලා. නමුත් ලොකු තනතුරක ඉන්නකොට නැතිවෙන්න දෙයක් තියෙන බව දැනගෙන කතාකළොත් හොඳයි. (අල්ලස් චෝදනාව බොරුවක් නම්, චෝදනා කළඅයට නඩු දැමිය යුතුයි.)
පොලිස් කොමිසමෙන් දුන්නු තීන්දු හේතු සහිතව ඉෂ්ට නොකිරීම නිසා උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටි එම දූෂිත නිලධාරීන් විසින් සූක්ෂම ලෙස සැලසුම් කරපු දෙයක් ලෙසටයි මා නම් මෙය දකින්නේ...
මෙයාට මතක ඇති නේද?
ඔය ඉහත කමෙන්ට් දාපු කට්ටිය හරියට දැනගෙන අදහස් දැම්මොත් හොඳයි. ඒ විදුහල්පතිවරයාට ලැබෙන්නේ ඩයස්පෝරාවේ මුදල්... ඔහු යුද සමයේ මඩකලපුව ප්‍රදේශයේ සිටිනවා එම විදුහලේ ආදී ශිෂ්‍යයකු වන මෙම සිද්ධිය හෙලිකල ඉංජිනේරු මහතා දැක තිබෙනවා. ඒ කෙසේවෙතත් අර නාමල් කුමාර කිව්ව විදියට ඕනෑම සැර රල පහරකට නොතෙමී යන්න මේ කට්ටිය ඉතා හොඳින් දන්නවා...
ආණ්ඩුව හොරු සමග හෙළුවෙන්...
තමන්ගේ මතයට වඳිනවා නම්, විරුද්ධ මතයට ගරු කිරීමට තරම් මනස කාරුණික නැතිනම් සමහරක් දෙනා සත්‍ය පෙන්වා දෙන අයට කියන්නේ කඩේ යනවා කියාය. ඒ කෙසේ වෙතත්, මේ ප්‍රශ්න මීට වඩා පෙර කාලයේ බොහෝ තිබුණා. ඒත් ඒවා අපූරු විදිහට යට ගියා... දැන් එහෙම නොවෙයි. මොනම දෙයක්වත් හංගන්න බැහැ. එළියට එනවා. අනුර සේනානායක වගේ පොලීසියේ අය අපරාධ කරමින් මහා ඉහළින් වැජඹුණු හැටි දන්නෝ දනිති. ඒ අතින් බලනවිට මේ පොලිස්පතිතුමා කොතරම් හොඳද? වැරදි අඩුපාඩු ඇති. ඒත් ඔහුගෙන් වන සේවයද අගය කළ යුතුයි. ඔහු ගැන වැරදි ඔප්පුවෙනතුරු අපි මේ දෙස මැදිහත් සිතින් විමසිලිමත්ව අන්තයට නොයා බලා සිටිමු.
ශ්රී ලංකා පොලිසියේ ඉතිහාසයේ මෙතෙක් ජනතාවගේ අවධානයට හා අවමානයට පාත්‍රවූ වෙන පොලිස්පති වරයෙක් නැති තරම්... විවිධ චෝදනා හා අපවාදවලට ලක්වූ මොහු සමහරකුගේ වීරයෙක් වෙන්නේ පොරවන්න ඉන්න සිංහල බෞද්ධහම නිසාය.
ඇත්ත, බොරු කෙසේවෙතත් මේ සිද්ධිය ගැන දීර්ඝ ලිපියක් පල වුනා. මේ පැමිණිල්ල යම් යම් සාක්ෂි සමග ඉදිරිපත් කල පුද්ගලයා ගැන විස්තරත් සමග... මේ මුදල ගිහිල්ලා තියෙන්නේ විද්‍යාලයීය අරමුදල් වලින්. පොලිසීයේ ඉන්න අය ගැන නම් සහතික දෙන්න බැහැ. මතුගම සදීප ලක්ෂාන් කප්පම් සිද්දියේදී මිනීමරුවන් ඉතා ඉක්මණින් අල්ලපු එවකට මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැසසුමට ලක්වුණා. පසුකාලේ බලනකොට එයා මංකොල්ලෙකට අහුවෙලා හිරේ. කුණු මාළු ගොඩේ තියෙන හොඳ මාළුවලට වෙන්නෙත් කුණු වෙන එකයි.
ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා ඊලඟ මැතිවරණ එන්න කලින් දැන් ඉන්න පොලිස්පතිව එළියට දාගන්න.. මන්ද පූජිත ජයසුන්දර කියන පුද්ගලයා මැකෝ වගේම බය නැති මිනිසෙක් නිසා. රනිල් අගමැතිකමේ හිටියත් රාජපක්ෂලාට ඕනේ විදියට තමයි වැඩ... ඔහු මේ අමුඩ ගහගෙන පාර කපන්නේ රාජපක්ෂලාට නැවත බලය ලබාදෙන්නයි. එවිට මහින්දලා මහබැංකු වංචාව ගැන හුස්මක් හෙලන්නේ නැතුව ඉඳීවි...
අසත්‍යපාල අසත්‍ය තොරතුරු පලකල වගයි.
පොලිස් පතිතුමාට තුනුරුවන්ගේ දළදා හාමුදුරුවන්ගේ සරණයි.