සිරංගිකා ලොකුකරවිට
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
අද(30) නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
මේ අනුව මිලිලීටර් 350 සිට මිලිලීටර් 499 දක්වා ජල බෝතල් සඳහා රුපියල් 26.00ක් ද මිලිලීටර් 500 සිට මිලිලීටර් 749දක්වා ජල බෝතල් සඳහා රුපියල් 35.00ක් ද ලීටර් එකේ සිට ලීටර් 1.490ක ජල බෝතල් සඳහා රුපියල් 50.00ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද, කාලෝචිත දෙයක් කරලා තියෙන්නෙ
කිරි වලටත් වැඩිය පානීය ජල බෝතල්වල මිල වැඩි යුගයක ඒ සදහා පාලන මිලක් දැමීම කාලෝචිතයි. නමුත් මේ සදහා දක්වා ඇති ඒකක පරාසය නම් අනුචිත බවයි අපගේ අදහස. උදාහරණයක් ලෙස මිලි ලීටර් 350 සිට 499 දක්වා රුපියල් 26 ක් ලෙස දැක්විම මගින් ඉදිරියේදි රුපියල් 26 විකුණන වතුර බෝතලයක ඇති ජල පරිමාව මිලි ලීටර් තුන්සිය පනහක් වනු ඇත. ඒ වෙනුවට එය මිලි ලීටර් 450 සිට 500 දක්වා ලෙස සටහන් කලේ නම් පාරිබෝගිකයාට මිලි ලීටර් 500ක් හෝ ඊට ආසන්න ජල පරිමාවක් රූපියල් 26 කට මිලදී ගැනිමට හැකිවනු ඇත.
ප්ලාස්ටික් බෝතල් ටික එකතු කරන්නත් නීති දාන්න. නැතිනම් බීලා ඉවරවෙලා පාරේ දාලායන්නේ ආණ්ඩුවෙන් පිරිසිදු කරනවා කියලා හිතාගෙන... අන්තිමට නතර වෙන්නේ ගඟකට, මුහුදට වැටිලා පරිසරය විනාශ කරගෙන...
වැඩේ හොඳයි. ඒත් කඩවල තියෙන වතුර බෝතලේ ලේබලයේ තියෙන්නේ මිලි ලීටර 500, 750. ලී.1 හා ලී 1.5 ආදී වශයෙන්... මිලි ලීටර 499 රු 25.00. මිලිලීටර 500 සිට මිලි ලීටර 749 රු 35.00 එතකොට මිලිලීටර 750 එක? තෙල් මිල සුත්තරේත් මේ වගේ එකක්ද?
රවින් ඉස්කෝලේ ගියාට ගණන් ෆේල් බව සාක්ෂි ඇතුවම ඔප්පුකරලා තියනවා...
හිස් බෝතලේක මිලත් මේ වගේම තමයි.
කවුද මේක හැදුවේ...? තියෙන මිලේ වෙනසක් නොවන විදියට. ඔය 499, 749 සහ 1499 වේගේ ගණන් දැම්මහම එක මිලිලීටරයක් වැඩි කරලා.., ඊළඟ මිලට අලෙවි කරනවා...