තරිඳු ජයවර්ධන
ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලවට (සෙඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය) නියමිත ක්‍රමවේදයට පරිබාහිරව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ශාඛාවේ මළල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරිනියක ලෙස කටයුතු කරන ශ්‍රියානි කුලවංශ මහත්මිය බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම පාඨමාලාව හදාරණ උපාධි අපේකෂකයෝ ඊයේ (29) සහ අද (30) දේශනවලින් ඉවත්වූහ.
ශ්‍රියානි කුලවංශ මහත්මිය උපාධි පාඨමාලාවට බඳවා ගැනීමට විරෝධය දක්වමින් ඔවුන් පෙත්සමක් අත්සන් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ට යවා තිබේ. එහි පිටපත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරියට, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්ට සහ සියලු අධ්‍යාපන වෘත්තීය සමිතිවලට ද යොමු කළ බව එහි ආරංචි මාර්ග කියයි.
2017 නොවැම්බර් 25 වැනිදා ආරම්භ කළ උපාධි පාඨමාලවට ශ්‍රියාණි කුලවංශ මහත්මිය සහභාගී වී ඇත්තේ ඊයේ (29) දින සිට බවත්, මෙම පාඨමාලව සඳහා බඳවා ගැනීම් කරනු ලැබුවේ ගැසට් පත්‍රයක් සහ පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව බවත් උපාධි අපේකෂකයන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට යැවූ පෙත්සමේ සැඳහන් වේ.
මෙම පාඨමාලාව අරඹා වසරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇති බව ද, විභාගය සඳහා පැමිණීම සියයට 80ක්වත් සම්පූර්ණ කිරීමට නොහැකි මූලික සුදුසුකම් සපුරා නැති අයකු පාඨමාලාවට ඇතුළත් කර ගැනීම අධ්‍යාපන ක්ෂේත්රයට කළ අවමානයක් බව ද, එය පාඨමාලාවේ ගුණාත්මක භාවයට හානියක් බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.
ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ශ්‍රියානි කුලවංශගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට අවශ්‍ය නම් ඇයට සම්මානයක් වැනි දෙයක් ප්‍රධානය කළ යුතු බවයි. මෙවැනි උපාධි පාඨමාලාවකට නියමිත ක්‍රමවේදයට පිටින් ඇය ඇතුළත් කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී බව ද ඔහු කීවේය. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ක්‍රීඩා සම්බන්ධයෙන් අධ්‍යාපනවේදී උපාධියක් ලබා දීම ආරම්භ කළේ වසර 22කට පමණ පසු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය මෙසේ කීවාය.
‘‘මේ සම්බන්ධයෙන් මට මේ වෙලාවේ කතා කරන්න පුලුවන්කමක් නෑ. ඇය විශේෂිත පුද්ගලයෙක්. ඇය සහභාගී වීම වැරදියි කියන්නත් බෑ. ඒ වගේ අයට පාඨමාලවලට ඇතුළු වෙන්න ක්‍රමවේදයක් සකස් කර කවුන්සිලයට දාලා තියෙනවා. එය අනුමත වෙලා ආවට පස්සේ මේ ගැටලුවට විසඳුමක් ලැබෙයි. ‘‘ යැයි අධ්යක්ෂ ජනරාල්වරිය කීවාය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ විශේෂිත පුද්ගලයන් සඳහා මෙම පාඨමාලාව හැදෑරීමට ක්‍රමවේදයක් සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ කවුන්සිලයට යොමු කර ඇති බවයි.
‘ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය ගත්තේ අපි නෙමෙයි. ඇය මේ පාඨමාලාව හැදෑරීමට ඉල්ලීමක් කළා. අලුත් වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළ විෂයන් සියල්ලම අසමත් වුණත් වෙනත් විෂය ධාරා යටතේ උසස් පෙළ හදාරා උපාධිය වෙනකම් යන්න පුලුවන්. ඉතින් මේවගේ රටට කීර්තියක් ගෙනාපු කෙනකුට මේ පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ ගැටලුව මොකක්ද? ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යැව්වා. ඒ අනුමැතිය ලැබිලා තියෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම හොද දෙයක් උනත් හොද විදියට මෙන්ම නරක විදියටත් කරන්න පූලුවන්.දැන් මෙතන වෙලා තියෙන්නෙත් ඒවගේ වැඩක් ශ්‍රියාණි කුලවටශට මේ උපාධිය ලබා දීමට ඇයවත්අනිත් ශිෂ්‍යාවන් සමඟ එකට බදවා ගැනීම සිදු කරන්න තිබුණා.මොකක් හරි හේතුවක් නිසා එය කර ගන්න බැරි උනා නම් ඊළග කණ්ඩායම සමඟ බදවා ගැනීමට තිබුණා. එසේ නොකර උපාධි පාඨමාලාවේ මැද හරියෙදී අලුත් ශිෂයාවක් පාඨමාලාවක් සදහා යොමුවන විට අනෙක් ශිෂශිෂයාවන් කළබලවීම සාමාන්‍ය දෙයක්.
විශේෂිත පුද්ගලයකුට වුනත් නීතිය සමාන විය යුතුයි.
කොහේ ගියත් ඉරිසියාකාරයෝ....
අප විශ්ව විද්‍යාලයක සහභාගී වූ ප්‍රථම දේශනයේදී එක්තරා මහාචාර්යවරයෙකු පැවසුවේ 'අප විශ්ව විද්‍යාලයකට පැමිණ බොහෝවිට ඉගෙන ගන්නේ බොහෝවිට විශ්ව විද්‍යාලයට නොගිය අය සොයාගත් දේයි' යනුවෙනුයි. සමහර උපාධිධාරීන්ට වඩා නිර්මාණශීලී ගුණයෙන් හෙබි ප්‍රතිභාපූර්ණ දෙනා සිටිනවා. වැඩි උගත්කමක් නැතිව කිසියම් ක්ෂේත්රයක විශේෂිත පුද්ගලයින්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. මන්දයත් ඔවුන් සතුව පවතින නිර්මාණශීලි අසාමාන්‍ය ගතිය උපාධියක් ලත් පමණින් ලද නොහේ. අතිශයින් දියුණු රටවල නිර්මාණශීලී මිනිසුන් හට පවතිනුයේ දැඩි ඉල්ලුමකි. අවාසනාවකට මෙන් අප රටේ නැත්තේද එයයි. මා දන්නා ජාත්‍යන්තරයේ පරසිඳු එක්තරා විද්වතෙකු හට ඔහුගේ උගත් විදෙස් මිතුරියක් වරක් පැවසුවේ ' ඔබගේ රටේ මිනිසුන් කසල ගොඩට දැමු මැණිකක් අප රටේ අය එම මැණික ඔපදමා සිංහාසනයේ තැබුවා' යනුවෙනි...
එයා දක්ෂයෙක්. එයාට මේ පාඨමාලාව හදාරන්න දුන්නා කියලා වරදක් නෑ. ලංකාව දියුණු වෙන්නේ නැත්තෙ මේ වගේ දේවල් වලට කෑගහන මෝඩයන් නිසා.
මා මිත්‍ර ජෝෂප් ස්ටාලින් ඇතුළු කණ්ඩායම් වල විරෝධය ගැන කණගාටුයි. ඔවුන් ලෝකය ගැන දකින්නේ ඉතාමත් කුහක විදිහටයි වගේ. මා ජීවත් වන බ්‍රිතාන්‍යයේ තිබෙන ලෝක මට්ටමේ හොඳම 10 තුල සිටින විශ්ව විද්‍යාල පවා මූලික උපාධියක් නොමැති නමුත් යම් ක්ෂේත්රයක වසර 8 කට වැඩි නිපුණතාවයක් දක්වා තිබෙන අයට ඒ විෂය ක්ෂේත්රයට අදාලව 'පශ්චාත් උපාධි' සඳහා ඉගෙන ගැනීමට බඳවා ගන්නවා, කිසිදු දේශපාලන පෙළැඹවීමක් නැතිව වුවත්. ඒ නිසා ශ්‍රියානි කුලවංශ වැනි වසර ගණනාවක් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාවේ යෙදුනු අයෙකුට මූලික උපාධියක් ලබා ගැනීමට අනුමත කිරීම වරදක් නොවෙයි. ගෝත්‍රික කුහක ආකල්ප වලින් මිදිය යුතු කාලය ඇවිත් තිබෙන බව ස්ටාලින් සහෝදරයා ඇතුළු පිරිස් වටහා ගත යුතුයි.
සුවිශේෂි දක්ෂයින්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමය. උසස් පෙළ සමත් විය යුතුයි, විශ්ව විද්‍යාලයට ගියේ නැතිනම් උපාධි ගන්න බෑ... යන ජවිපේ කියන මෝඩයින්ගේ හා වෛද්‍ය සංගමය කියන උද්දච්ඡයින්ගේ තර්ක නිසා රටක් අධ්‍යාපනයෙන් ආපස්සට ගියා හොඳටම ඇති.. දක්ෂතා ඇති අයට විවිධ ක්‍රමවේද සැකසිය යුතුයි. විභාග ජය ගෙන නියමිත සුදුසුකම් ලබන්න.. මෙහෙ අයට තමයි බැරි..
ඒසී කාමරවල ඉඳලා විභාග ලියනකොට අධ්‍යාපනඥයින් ජෝෂප් ස්ටාලින්ලා කොහේද හිටියේ..? යන්නෙම නැතිව ලෝගු දාගත්තේ කිසිදු සුදුසුකමක්, දක්ෂතාවක් නැතිව, ශ්‍රියානි වැනි විශිෂ්ඨයෙක් ගත්තාම මොනවා වෙනවද..? ඒ අයට දෙන්න ඕනෑ..
සාමාන්‍ය පෙළ විෂයයන් සියල්ල අසමත් වුණත් උපාධියක් ගන්න වැඩ පිළිවෙලක් හදන්නේ නැතුව.., සාමාන්‍ය පෙළ සමත්වෙන්න බැරි ඇයි කියලා හොයලා බලලා ළමයින්ට දරන්න පුළුවන් විභාග ක්‍රමයක් හැදුවොත් හොඳ නැද්ද?
ශ්‍රියානි කුලවංස කියන්නේ කවුද කියලවත් ඔය ළමයි දන්නේ නැතුව..., ඒ ළමයි කරලා තියෙන්නේ හරි පහත් වැඩක්. බේබිලා ලෝගුව දාගත්තේ කොහොමද? ඒවාට කට්ටිය සද්ද නැහැ. අැයි ඒ කාලේ බයින්නේ? අද කට ඇරියොත් හෙට සුදු වෑන්....
මේක හරියට කිලෝමීටර් 42 මැරතන් එක අනික් කට්ටිය කිලෝමීටර් 10ක් දිව්වට පස්සේ ශ්‍රියානිට ඒ කට්ටිය එක්ක දුවන්න දෙනවා වගේ තුච්ඡ වැඩක්...
මෙතන තිබෙන්නේ සුදුසුකම්වලට වඩා වෙන ප්‍රශ්නයක්... සෑහෙන කාලයකට පසුව ඇවිත් කොහොමද උපාධියක් කරන්නේ සහ බඳවා ගැනීමේ කාලය පහුවෙලා බොහෝ කල් ගොහින් තිබෙද්දී කෙනෙක් කොහොමද ගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් කියලයි මම හිතන්නේ. ඒත් ඇමැති කියන විදියට අනුමත ක්‍රමවේදයකට අනුව ගත්තා නම් මේ විදියට වෙනත් අයටත් සාමාන්‍ය පෙළ විෂයයන් සියල්ලම අසමත් වුණත් උපාධි ගත හැකියි. එහෙම නම් ප්‍රශ්නයක් නැහැ.
මෙතුමිය ජීවිතයේ වැඩිකලක් ක්‍රීඩාවට කැපවී සිටි මෙම රටට කීර්තියක් දුනන අයෙක් මෙතුමියට වර්තමානයේ උපාධිධාරීන්ට වැඩි දැනුමක් තියෙනවා.වර්තමාන යේ උපාධිධාරීන් සිතාසිටින්නේ විශ්ව විද්‍යාලයේ සිටින අවුරුදු 4 ක කාලයේ සියලුම දැනීම් ලැබෙනවා කියල.මෙම විරුද්ධත්වය එ්නිසා. මෙතුමියගේ දැනුමට අනුව ආචාර්ය උපාධියක් දෙන්න බැරිද
විශේෂිත පුද්ගලයන් ඒ ක්ෂේත්රයේ විශේෂ අැගයීමක් කල යුතුයි... ක්‍රීඩා ක්ෂේත්රයේ ඇය විශේෂ දක්ෂතා දක්වා ඇත. ඒ පිළිබද වැඩි දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසිය යුතුයි. ඔබ මහාචාර්ය කුලසිංහ පිළිබද දන්නවා නම්, ඔහුට විශ්ව විද්‍යාල උපාධියක් නැහැ, නමුත් ඔහු ලොව පිළිගත් වරලත් ඉංජිනේරුවරයෙක්. ඔහුගේ සොයාගැනීම් අද විශ්ව විද්‍යාල සිසුන්ට උගන්වනවා. ඔහුට ලංකාවේ පිළිගැනීමක් තිබුනේ නැහැ. නමුත් වෙනත් රටවල ඔහුට විශේෂ පිළිගැනීමක් තිබුණ. අපේ මිනිසුන්ගේ වැඩිපුර තියෙන්නේ කුහකකම මොනවා කරන්නද, මීහරක් පාලනය කරන රටේ ඔයිට වැඩියමක් බලාපොරොත්තුවිය නොහැක
අෑත කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර පළාතකින් මලල ක්‍රීඩාවට අැවිත් රටටම කීර්තියක් අත්කර දීලා ක්‍රීඩාවට විශාල සේවයක් කරපු කෙනෙක්. මර්වින් සිල්වාට අාචාර්ය උපාධි දෙනකොට මේ අය හිටියේ හැංගිලා. දැන් නම් වීරයින් වෙලා..
බඳවා ගැනීමේ පරිපාටියක් හදන්නේ මෙවැනි දේ නොවීමටයි. උපාධියක් නැති අයට එම සුදුසුකමට සරිලන තනතුරු වලට පත් කරලා. හෙයලා බැලින්නම් අමාත්‍ය මණ්ඩල තීර්ණයක්ලු. නැතිනම් දේශපාලන පලිගැනීමක්ලු. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේවා ගැන මීට වඩා සැළකිලිමත් වියයුතුයි. විශේෂයෙන් පළාත් සභා සම්බන්ධයෙන්.
ඇයි අපේ මිනිස්සු මේ තරම් කුහක? ඇය රට වෙනුවෙන් කළ කැපවීම, දැක්දවූ දක්ෂතාව ඔය කෑගසන කිසිවකු සිදුකර තිබෙනවාද?
ශ්‍රියානි විතරක් නෙමෙයි සුසන්තිකා, සුගත් වගේ අයත් අනිවාර්යයෙන් ඕකට ගත්තා නම් හොඳයි. එයාලට ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙයි. අපේ දරුවන්ගේ මානසිකත්වය නිවැරැදි කරන්න සුදුස්සන් ඉදිරිපත් වෙන්න ඕන කාලය මේක කියලා මම හිතනවා...
මෙයා විශේෂ කෙනෙක් නම් මෙයාටත් විශේෂ විදිහට සලකලා කිසිඳු විභාගයක් නැතිව උපාධිය දෙන්න. එ්ක වෙනම දෙයක්... මෙයා දක්ෂ එක අංශයකට නමුත් අවුරුදු ගණනක් අධ්‍යාපනය වෙනුවෙන් දුක්විඳලා දක්ෂතා පෙන්නපු අය අතරට නොමිලේම ගිහින් ඔලුව දාලා දෙගොල්ලන්ගේම දක්ෂතා හෑල්ලු කරන්න එපා.
ලංකාවේ අම්මල මේකට හේතුව කුඩා කල සිටම මේක දුවගේ පුතාගේ කෝප්පේ අල්ලන්න එපා හා හා මේකට පුරුදු වෙන දරුවා කිනම් හෝ හේතුවක් මුල් කරගෙන මේක මට පමණයි කියනවා කරනවා ඉතින් තැනකට ගියාට පස්සේ අනෙක් ය අඑතන අකැප වෙනවා මේ කෝප්ප ය අපේ රටේ දාර්ශනිකයන් බිහි වීම වැලක් වෙනවා හැම කෙනෙකුටම දැනුම කිනම් හෝ මාර්ගයකින් ලබා ගැනීමට අය්තිය ඇත ලෝකයේ අනෙක් රටවල් එහෙමය