ටී.කේ.ජී.කපිල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද (30) අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම පිරිස 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත්ව ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටාර් වල ඉදල එන හන්දා මේ සැරේ රට ඉදි ඔටුවෙකුටවත් කන්න බෑ කියල නාහෙන් අන්න පටන් ගනීවිද දන්නේ නෑ. එයාගේ තරමට දැනෙන්නේ ඔය වගේ දේවල් තමයි ලෝකේ ලොකුම ප්‍රශ්න විදිහට. "කුබියට සුළු දියත් ගංගාවක්" කියනවනේ.
මෙතුමා ලංකාවෙන් යනකොට ඩොලරය රුපියල් 167යි, එනකොට 170යි..
ඇත්ත ..... පොඩ්ඩක් හොයල බැලුවොත් හොඳ නේද අර යනකොට එක්කගිය 63න් දෙනාම ආපහු ආවද කියල...?
ගියපු කට්ටිය ඔක්කොම ආවද ? කී දෙනෙක් ඇමෙරිකාවෙ නැවතුනාද දන්නෙ නෑ.
ආවට පස්සේ කැබිනට් සංශෝධනයක් කරනබවයි ආරංචි. ඊට කලින් නියපොත්තෙන් කඩා දැමිය යුතු "නාමල් කුමාර බිල්ලාගේ ඝාතන සැලැස්ම" තිබේ. ඒගැන අලුත්ම ආරංචිය නාමල් කුමාර නමැත්තා ජනාධිපතිවරයා යටතේ පවතින ‘මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායට’ අනුබද්ධව සේවය කරන පුද්ගලයෙක් බවයි. ඔහු මෑතකදී වරකාපොල නගරයේ වාණිජ බැංකුවකින් ණයක් ඉල්ලා ඇති අතරඑහිදී පුරවන ලද අයැදුම් පත්‍රය අනුව නාමල් කුමාරගේ සේවා ස්ථානය සහ සේවායෝජකයා ලෙසට සඳහන් කොට ඇත්තේ "මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 කියාලු.එහි සඳහන් ඔහුගේ වැටුප් විස්තරය සහතික කරමින් අත්සන් කොට තිබුනේ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි නැමැත්තා බවද තැන් තැන්වල කියවෙයි.දැන් ප්රශ්නය වන්නේ තමා රැකියාව කරන ආයතනයේ ඍජු පාලකයා වන ජනාධිපතිවරයා ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර දැනගත්තා නම් ඒ බව වහාම ජනාධිපතිවරයාට නොකියා මාධ්‍ය හමු තියමින් කෙකර ගෑවේ මන්ද යන කාරණයයි. මෙහෙම ගියොත් ලක්ෂ 62 ට වෙන්නේ ''මගේ අරක්කු මටම ගහනවා''හා සමාන සන්තෑසියකි. එනිසා කරන දෙයක් පරෙස්සමෙන්. තව කී දවසක්ද තියෙන්නේ.
ඔබ ඇමරිකාවේදී කල කතාවෙන් පස්සේ තමයි අපි දන්නේ ඔබතුමා තමයි හැංගි හැංගි ඉඳලා තිස් අවුරුදු යුද්ධය ඉවරකළේ කියලා. ගුවන් යානයෙන් බැස්සගමන් පොලොව ඉඹින්න අමතක කරන්න එපා.
"බල්ලෙකුටවත් කන්න බැරි කජු දුන්නා" කිව්වේ අපේ ජාතික ගුවන් සේවය නිසා.. කටාර් එයාවේස් එකට ඔය චෝදනාව කළානම් නඩුවකුත් වැටිලා වන්දියකුත් ගෙවන්න වෙනවා. ඒ නිසා දීපු දෙයක් සද්ද නැතුව කන්න ඇති...
මට මතක් වෙන්නේ සූරයා චිත්‍රපටයේ සින්දුවක්
ඇති යාන්තම් ඉක්මණට අාවා. රටේ පුරවැසියන් පුදුම සාංකාවකින් හිටියේ... බලාගත් අත බලාගෙන හිටියා සිහිසුන් නැතිව පුරවැසියන් ඔක්කොටම. දැන්නම් ලේ ටිකක් ඇඟට ඉනුවා.. හැබෑවටම අර වන වන හිටිය කඩුව අපහු ගෙනාවද? අමතක වෙලා අාවද දන්නේ නැහැ. නැත්නම් ට්‍රම්ප් මලයට දීලා අාවද දන්නේ නැහැ හොඳට මුවත් තියලා දෙන්න කියලා....