කැබ් රථ අනතුරින් සිසුවෙක් මරුට රාජගිරිය සිල්වා පටුමග ආසන්නයේ දී අද(12) කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු මියගොස් තවත් සිසුන් සිසුන් 7 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින බව පොලිසිය කියයි. 12 November 2017
දෘශ්‍යාබාධිත උපාධිධරයෝ රැකියා ඉල්ලති ‘‘ආබාධිත බව ප්‍රශ්නයක් කර නොගෙන උපාධිය ගත්තු අපි රස්සාවක් නැතිව විඳින දුක දැකලා අපට අනුකම්පාව එපා සහයෝගය ලබා දෙන්න‘‘ යැයි රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරි එකමුතුවේ සංවිධායක රංග ප්‍රියදර්ශන මහතා පැවසීය. 12 November 2017
අධ්‍යාපන සමූපකාරයේ කෝටි 200ක් අවභාවිත කරලා හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 12 November 2017
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වෙයන් අද (12) වවුනියාව පෞද්ගලික හෝටලයකදි ආරම්භ වී තිබේ. 12 November 2017
ඇමෙරිකා-රුසියා සබඳතා ඇති විය යුතුයි ඇමෙරිකාව සහ රුසියාව අතර තවදුරටත් ද්විපාර්ශවීය වශයෙන් සාකච්ඡා හා සබඳතා ඇතිවිය යුතු යැයි රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කරයි. 12 November 2017
වඩුකෝඩෙයි මුල් පුටුවට සීතල යුද්ධයක් යාපනය වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සහායකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ. 12 November 2017
ඌව මහඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි “මංගල මහත්තයා බියර් මිල අඩු කරපු එක හොදයි.හැබැයි ඒ සුද්දන්නට.අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් රා බොන්න පහසුකම් ලබාදිය යුතුයි“ යැයි ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි. 12 November 2017
‘හෑන්ස්‘ මත් පැකට් සමග අයෙක් දැලේ පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ බව කියන හෑන්ස් නම් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සමග පුද්ගලයකු අද (12) අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 12 November 2017
ව්‍යාජ ගුවන්ගමන් බලපතක් සමග ශ්‍රී ලාංකිකයෙක් කොටුවෙයි ව්‍යාජ මැලේසියා ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අද(12) අත්අඩංගුවට ගනු ලැබීය. 12 November 2017
කේරළ ගංජා කිලෝ 100ක් බස් රථයක රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 ක් යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ අධිසුඛෝපභෝගි බස් රථයක තිබී අද (12) අත්අඩංගුවට ගත් බවට කනගරායන්කුලම් පොලිසිය කියයි. 12 November 2017
අතුරුදන් වූ දරුවාගේ සිරුර ඇළෙන් හමුවෙයි දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවකුගේ මළසිරුර අද (12) බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි සොයාගත් බව දිඹුල පොලිසිය පවසයි. 12 November 2017
කොග්ගල්ලේ දී පොලිස් වෙඩි පහරකින් තරුණයෙක් මරුට අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්‍රදේශයේ දි සිදු කළ මෙහෙයුමක දී පොලිස් අණ නොතකා පලා ගිය කුඩා ලොරි රථයකට පොලිසිය වෙඩි තැබීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 November 2017
විමර්ශන තොරතුරු ඇතුළත් වාර්තාවක් සඳුදා පාර්ලිමේන්තුවට - ලසන්ත රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කළ යුතු සියලුම ආයතනවල විමර්ශන තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉතිහාසයේ පළමු වරට ලබන සඳුදා (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 11 November 2017
බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 November 2017
හැටන් - කොළඹ මාර්ගයේදී පෙට්‍රල් බවුසරයක් පෙරළෙයි මුතුරාජවෙල සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් සංකිර්ණයට පෙට්‍රල් ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැනිමෙන් අද (10) අනතුරට පත්ව තිබේ. 10 November 2017
ගිනි අවිය ක්‍රියාත්මකවී බැංකු ආරක්ෂකයා රෝහලේ මාවනැල්ල නගරයේ ඇති රාජ්‍ය බැංකුවක බැංකු ආරක්ෂකයකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතළ තුවාල ලබා අද (10) රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. 10 November 2017
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස තුනක කාලයක් ඇතුළත කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 10 November 2017
පාතාලේ දෙන්නෙක් තලවතුගොඩදී කොටුවෙති තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය පවසයි. 10 November 2017
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම් විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද (10 ) සිට තහනම් කර ඇත . ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි . 10 November 2017
ටී 56 ගිනි අවියක් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම් ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (10) නියම කළේය. 10 November 2017
හොරෙන් සල්ලි රට පන්නන්න හැදු 4 ක් අත්අඩංගුවට නිතීරෝධීව රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂ තිස්පන්දහසක් වටිනා ඇමෙරිකා ඩොලර් 208,000ක් මෙරටින් රැගෙන යාමට උත්සහ කළ මැලේසියානු ජාතිකයන් 4 දෙනෙක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 10 November 2017
කොළඹ-නුවර මග ඉලුක්වත්තෙන් අවහිර කරති අඹගස්තැන්න මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් එහි ප්‍රදේශවාසීහු පිරිසක් මහනුවර කොළඹ මාර්ගය ඉලුක්වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ. 10 November 2017
වැරදිකරු වී අධිකරණයේදී වස බොයි මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරියේදී වස පානය කළේය. 10 November 2017
තොරතුරු කොමිසමට මාසයක් තිස්සේ සතයක්වත් නෑ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර පළමු වැනි දා සිට කිසිදු මුදලක් ලබා දී නැතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 10 November 2017
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා උසාවියට බාරවීම ප්‍රතික්ෂේප කරති හම්බන්තොට හයට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා 10 November 2017
ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ වළකට වැටී දරුවෙක් මරුට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කණින ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් බෙලිඅත්ත මහා විද්‍යාලයේ 07 වැනි වසරේ සිසුවකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 10 November 2017
බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි වටවල දුම්රිය ස්ථානයේ බඹර කුඩුවක් ඇවිස්සීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පොඩි මැණිකේ සහ උඩරට මැණීකේ දුම්රිය තරමක් ප්‍රමාද කළ බව වටවල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය. 10 November 2017
දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු අද (9) රාත්‍රියේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 09 November 2017
නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන තිබේ. 09 November 2017
රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති ‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026