(ඩයනා උදයංගනී)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දිගින් දිගටම සිදුවන ශ‍්‍රී ලංකා රුපියලේ අවප‍්‍රමාණයවීම පාලනය කිරීම සඳහා මෙම වසරේ ගත වූ කාලයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 184 ක් වැය කර තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.
රාජ්‍ය සුරැකුම්පත් මත විදේශිකයන් සිදුකර ඇති ආයෝජන අහිමිවීම හේතුවෙන් ජනවාරි සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 467ක් රටේ ආර්ථිකයෙන් පිටට ඇදී ගොස් ඇතැයි ද අධිපතිවරයා සඳහන් කළේය.
එම කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 9.7 කින් අවප‍්‍රමාණය වී ඇති බව ද අධිපතිවරයා සඳහන් කළේය.
එය තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමේ අරමුණින් රථවාහන ඇතුළු යම් යම් දේ ආනයන සීමා කිරීම සඳහා පසුගිය 29 වැනිදා සිට ගත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට එහි යම් ස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීවේය.
රුපියල ආරක්ෂා කරගැනීම සඳහා රජය 2015 දී ඩොලර් බිලියන 3.2 ක් වියදම් කළ බව කී කුමාරස්වාමි මහතා එහිදී සියයට 10 ට ආසන්න ප‍්‍රමාණයකින් රුපියල අවප‍්‍රමාණය වූ බව ද කියා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි කලාපයේ අනෙකුත් රටවල් ඩොලරයට සාපේක්‍ෂව සිය විනිමය අවප‍්‍රමාණය වීම වැළැක්වීම සඳහා ප‍්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු කර ඇතත් එම රටවලට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තිය මේ වන විටත් දැඩි කර තිබෙන නිසා ශ්‍රී ලංකාවට එසේ කළ නොහැකි බව ද අධිපතිවරයා සඳහන් කළේය.
එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පොළී අනුපාතිකය දැනට පවතින මට්ටමින්ම පවත්වාගෙන යාමට ඊයේ (1) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ද කුමාරස්වාමි මහතා ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තැන්පත් කර ඇති ඩොලර් වලට අත තියන්න එපා. රටට මොනවා උනත් අපිට කමක් නැහැ. 62 කොරපු පව් වලට අපි ගෙවන්න ඕනේ නැහැ. පිටරට ඉන්න අපේ ළමයින්ට ඒ සල්ලි යවන්න අපි ලැහැස්තී.
මේවා මංගලගේ බුද්ධියට තේරන්න නැද්ද? එයා කියනවනේ ඩොලරය වැඩිවුණාට රටේ ආර්ථිකය කඩා වැටිල නැහැ කියලා. මේතුමා යතාර්ථය පැහිදිලි කරනවනේ රටේ ආර්ථිකයට විශාල පාඩුවක් බව.
ඔබතුමාට ඕක පාලනය කරන්න බැරි බව අපි දන්නවා ඒත් අර අපිව බලාගන්න 225 එකතුවෙලා විසදුමක් දුන්නේ නැත්නම් අපි ඉවරයි කියලා නම් දන්නවා. මොකද රටේ සංචිත වලින් මේක කරන්න අමාරුයි.
බමුණට පිස්සුද? උපතින් හැටිද? ගෙදර බිරිඳ ඔයාගෙ පඩිය කන්ට්‍රෝල් කරනවා වගේ රටේ ආර්ථිකය ගෙනියන්න බෑ හලෝ. ඔයා තාම ඉන්ධන, ගෑස් ගන්නේ රජාගෙ කාලෙ ගණන් වලටද?