(මනෝප්රිය ගුණසේකර)
මහනුවර පොල්ගොල්ලේදී මගී ප්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු කොටි සාමාජිකයින් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (02) නියම කළේය.
විත්තිකරුවන් මෙම සිද්ධියට අදාළව වසර 10කට අධික කාලයක් තිස්සේ රිමානඞ් බාරයේ පසුවන බව කියමින් නීතීඥ ලක්ෂමන් පෙරේරා සහ නීතීඥ අසිත විපුලනායක යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් කාලය වසර 05ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියම කළේය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ විශ්වනාදන් රමේෂ් කුමාර් හෙවත් ඉබ්බන්, කාලිඅම්මන් මනෝහරන් හෙවත් මනෝ, වේලූ යෝගරාජ් හෙවත් සුදා සහ රාමනාදන් නදුදීපන් හෙවත් දීපන් නමැත්තන්ටය.
2008 ජුනි මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර පොල්ගොල්ලේදී මගී ප්‍රවාහන බස් රථයකට බෝම්බයක් තබා එහි ගමන් ගත් මඟීන් තිදෙනෙකු ඝාතනය කොට තවත් විශාල පිරිසකට තුවාල සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවට නීතීපතිවරයා මෙම විත්තිකරුවන් සිව් දෙනා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම විත්තිකරුවන් සිව්දෙනා පමණක් අත්අඩංගුවට ගෙන සිටි අතර මුත්තුසාමි රාජ්කුමාර් හෙවත් කන්නා සහ නඩරාජා වසන්ත කුමාර් හෙවත් දයාලන් නමැති විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනා නොමැතිව මෙම නඩුව කැඳවන ලදී.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අදාළ චෝදනාවන්ට තමන් වරද පිළගන්නා බව දැනුම් දුන්හ.
ඒ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්ෂමන් පෙරේරා සහ නීතීඥ අසිත විපුලනායක යන මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චත්තාප වන බවත් ඔවුන් මෙම සිද්ධියට අදාළව වසර 10ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවන හෙයින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කොට එය වසර 05ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුවක්ද මේ..!? මිනිස්සු තුන් දෙනෙක් මරලා අවුරුදු පහයිද සිර දඩුවම?!
අපිත් මිනිස්සු තුන් දෙනෙක් මරලා වරද පිළිගත්තොත් වසර 5ද හිරේ යන්නේ? එක්කෙනෙක් මැරුවොත් අවුරුදු එකහමාරක්. එහෙමද?
මේ වගේ නඩු තීන්දු ජාත්‍යන්තරයට පෙන්වන්න, කොටින්ගේ හැටි තේරුම් ගන්න.
මිනීමැරීමට දඩුවම වසර 10ක් ද ? බස් එකක සෙනග මැරීමට තැත් කිරීම ?
තුන් දෙනෙක් මරපු විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරපු බස් රථයකට අලාබහානි කරපු කොටින්ට අවුරුදු 10 ක් සිර දඬුවම්. රටට හානි කරපු කොටි යුද්ධයේදී මරපු වීර රණ විරුවන්ට මරණ දඬුවම්? මේවා පුදුම නීති. අහන්නත් කණගාටුයි.
දැන් අර කොටියට නිදහස දුන්නා කියලා අදහස් දාපු කට්ටිය මේ වගේ එකකට කිසිම ප්‍රතිචාරයක් නැහැ නේ.