බිඟුන් මේනක ගමගේ
දෙස් විදෙස් සංචාරකයන්ට මෙරට සංස්කෘතික උරුමයන් හා ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීමටත් එම ස්ථාන නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමටත් හැකි ජංගම දුරකථන යෙදවුමක් (මොබයිල් ඇප්) එළිදැක්වීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව කටයුතු කර ඇත.
සංචාරකයන්ට බාහිර පාර්ශවයක ආධාර නොමැතිව පුරාවිද්‍යාත්මක ස්ථාන හා ඒවා පිළිබඳ ඓතිහාසික තොරතුරු මෙමගින් ලබාගැනීමට හැකි බවත් ඒවා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා හරහා බෙදාගැනීමේ පහසුව ඇති බවත් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
ලෝකයේ ප්‍රධාන භාෂා 16 කට වැඩි සංඛ්‍යාවකින් මෙම තොරතුරු ලබාගත හැකි බවත් QR කේත හරහා හඬ පට මගින් විස්තර ශ්‍රවණය කළ හැකි බවත් එම නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක මග පෙන්වන්නන්ට මොකද වෙන්නේ ?
හොඳ අදහසක්.