(වන්නි රොමේෂ් මධුෂංඛ)
නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු දිනය සැමරීම සඳහා කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සොහොන පිරිසිදු කිරීම කල්තියාම ආරම්භ කර ඇත.
මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් සංවිධානය කරන මහවිරු සැමරුම් වැඩසටහන නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.
මේ වනවිට කනගපුරම් මහවිරු සොහොන් ප්‍රදේශය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදුකෙරෙන අතර මේ අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටී. කුරුකුලරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. පසුපතිපිල්ලේ, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්. සුරෙන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ප්‍රදේශවාසීන් ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ කැළෑව කපා සොහොන් භූමිය පවිත්‍ර කිරීම් සිදුකෙරේ.
මියගිය කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත්වල කැබලි එක්කොට පසුගිය වසරේදී මෙම සොහොන් භූමියේ ස්මාරකයක් ද ඉදිකර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය රජයට අයිති ඉඩමක් නම් මේ අය කොහොමද ඒ කැළෑව එලිකරන්නේ? ඉඩම් බලතල දීලා නැහැනේද?