(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සත් දින නිල සංචාරයක් සඳහා බදාදා (3) පෙරවරුවේ නෝර්වේ සහ ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ දී නෝර්වේ රාජ්‍යය අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් , එරට විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් හමුවී ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයාගේ නෝර්වේ සහ ලන්ඩන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ මහත්වරු ද සහභාගී වෙති.
නෝර්වේ සංචාරයෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර සංචාරයක ද නිරතවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රට ගායක්නේ තියෙන්නේ දෙන්නටම..
ජනාධිපති සහ අගමැති අතර විදේශ ගමන් සඳහා තිබෙන තරඟයෙන් කවුරු දිනයිද කියල හිතා ගන්න බැහැ.
අපේ අගමැතිතුමාට රට යනවා හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැනේ... ඉතින් කමක් නැහැ යන්න. රටටත් බරක්නේ හිටියොත්..! ළඟදීම රට සවාරි ගිහිල්ලා ලෝක වාර්තාවක් තියනවා! අපේ ජනාධිපතිතුමා ඊළඟටයි ඉන්නේ. නියම ඩබල !!
දිව්‍යලෝකේ ගියත් කමක් නැහැ තමන්ගේ මුදල් වියදම් කරලා, නමුත් දුප්පත් අපෙන් එකතු කරන බදුමුදල් වලින් නම් යන්නේ මේ මහජන නියෝජිතයා පමණක් නොවේ මහජන නියෝජිතයන් සියල්ලෝම විදේශගත වන්නේ නම් ගිය ගමනේ ප්‍රගතිවාර්තාවක් පොදු මහජනතාවට දැනගැනීමට ක්‍රමවේදයක් තියෙනවා නම් එය වඩාත් ප්‍රායෝගික වන බව අපගේ අදහසයි. මෙයාගේ ඇඳුම් කෑලි ටිකක් ගුවන්තොටුපලේ තියලා තිබුණානම් වඩාත් සුදුසුයි.. මොකද නිතරම උඩු ගුවනේමනේ සැරිසරන්නේ... තව එක් ප්‍රශ්නයක් මෙම මහජන නියෝජිතයාගෙන් ඇසීමට කැමැත්තෙමු.. මහජන මුදල් යහමින් වියදම් කරමින් නොගිය රට කුමක්ද යන්න.... අප විශ්වාස කරනවා. පිළිතුරු වන්නේ "මතු රට, රජරට වැනි රටවල් පමණක් බවයි....
මන්ත්රීලාට, ඇමැතිලාට වාහන ගෙන්වන එක නැවැත්වුවාට වඩා සේවයක් රටට වෙනවා... මෙයා රටයන එක නැවැත්වූවානම්...
රටේ විදේශිය විනිමය අර්බුදය විසදීම සදහා විදේශිය සංචාර අත්හිටුවන්න ගත් තීරණය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වගේ.
අගමැතිතුමනි, හැමදාම රටවල්වල යන එන එකේ, හොඳ නැද්ද මේ පාර යන්නම යන්න ගියානම්. ඔබතුමා මේතාක් කල් රටට කරපු වින්නැහියට එ්වත් නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
රටේ ඩොලර් නැහැ කිව්වට ඔය සංචාර වලටනම් ඕනේ තරම් මුදල් තියෙනවා.
ඔන්න කරනවානම් ඔය වගේ රටකට කියලා අපේ දුම්රිය මාර්ග ටික හදා ගන්න. උඩින් හෝ පොලොව යටින්. ගාන වැඩි උනත් ආයේ ජීවිත කාලෙටම එක පාරයි වියදම. ඔය ඉන්දියාව චීනෙට වඩා.
අරයා එනකොට මෙයා යනවා අපි කොහේ යන්නද?
බලනකොට වත්මන් ජනාධිපති සහ අගමැති කල විදේශ සංචාරවල් මහින්දවත් ඉක්මවා ගිහින්. නමුත් රටට වෙච්ච දෙයක්නම් නැහැ.
රට සංවර්ධනය කරන හැටි උගන්වන්න වෙන්න ඇති
අපි ගොඩක් කැමතියි කී දෙනෙක් ගියාද කියලා දැනගන්න.
මොනව නැතත් රට සවාරි වලනං අඩුවක් නෑ.
එක්කෙනෙක් එනකොට අනිත් කෙනා රට. අනිත් කෙනා එනකොට එක්කෙනෙක් රට. නැවතත්..... නැවතත්....