(අජන්ත කුමාර අගලකඩ)
පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමන් සහ අගමැතිවරයා බවද සඳහන් කර ඇත.
පොලිසියේ ඇතැමුන්ගේ විනයන් පිරිහි , හික්මීමත් පිරිහී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය වහා නිවැරදි කළ යුතුව ඇතැයි පවසා ඇත.
අපරාධ අඩුවී ඇති බවට ඇතැමුන් කරනා ප්‍රකාශ පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටුවේ පිහිටි පොලිසියට අයත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් අතරතුරදී පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
එහිදී අදහසක් දක්වා ඇති ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රටතුළ අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ යැයි පවසා ඇත.
ඊට පිළිතුරු දී ඇති පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් පැහැදිලිව තිබෙන බවත් සිදුව ඇත්තේ මාධ්‍ය වලින් අපරාධ හුවා දැක්වීම බවත් ප්‍රකාශ කර තිබේ.
මංගල සමරවීර ඇමැතිවරයා ද අදහස් දක්වමින් රට තුළ අපරාධ විශාල වශයෙන් අඩුවී ඇතැයි ප්‍රකාශ කර ඇත.අපරාධ වැඩි වී ඇති බව පවසන්නේ මාධ්‍ය වලින් බවද පවසා ඇත.මාධ්‍ය සංදර්ශන වල අරමුණ රට අස්ථාවර කිරීම බව මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කවුරු කුමක් කිවේද පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැහැදීමක් නැති බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එල්ලුම්ගහ ගෙනාව වගේ තියෙයි ඉතින්... අද කියන දේ හෙට මතක නෑ... අනිද්දට තව අලුත් කතාවක්.
කාගේ කාගෙත් ක්‍රියාකලාපය ගැන මේරටේ බහුතරයක් ජනතාවගේ පැහැදීමක් සතුටක් හෝ විශ්වාසයක් නැතිබව ඔය හැමෝම මතක තියා ගත්තොත් හොදා.
01. අපරාධ අඩුවී ඇති බවට ඇතැමුන් කරනා ප්‍රකාශ පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02. එහිදී අදහසක් දක්වා ඇති ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රටතුළ අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ යැයි පවසා ඇත. 03. ඊට පිළිතුරු දී ඇති පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් පැහැදිලිව තිබෙන බවත් සිදුව ඇත්තේ මාධ්‍ය වලින් අපරාධ හුවා දැක්වීම බවත් ප්‍රකාශ කර තිබේ. 04. මංගල සමරවීර ඇමැතිවරයා ද අදහස් දක්වමින් රට තුළ අපරාධ විශාල වශයෙන් අඩුවී ඇතැයි ප්‍රකාශ කර ඇත. මේක නම් හරිම විජ්ජුම්බරයක් - අපි කොහොමද තීරණය කරන්නේ කොයි දෙන්නද සත්‍යපාලල/ අසත්‍යපාලල කියල - මොකක්ද තියන නිර්ණායකය?
මෙය ඉක්මනින් සිදුවෙනවා නම් රටට යහපතක් වේවි. හොද තීරණයක්.!
පොලිසියකට සාමාන්‍ය කෙනෙකු ලෙස ගියොත් එදා මෙන් නොව මහජනයාට සැලකීමේ විශාල ගෞරවාන්විත වෙනසක් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ තත්වය හාත්පසින්ම වෙනස්ය. ඒ පොලිසියේ වරදකින් නොවෙයි නේද අපේ ජනාධිපති තුමා.... ප්‍රතිසංවිධානය පටන් ගත යුත්තේ කොතනින්ද යන්න පැහැදිලි මදිද මන්දා.
රෝමය ගිනි ගනිද්දී වයලින් ගහන, රට නන්නාතර කරපු හැටියක්.
කවුරුන් කුමක් කීවත් පැහැදීම නම් අඩුවෙිගනයි යන්නේ.කියා කියා මගේ ගේ තුල ගිනී එලියට දී දී ඉමි!
ඔබ නීතිය හා සාමය සරත් ෆොන්සේකාට නුදුන් එකේ විපාක මුළු රටටම දැන් අභියෝගයක් වෙලා. ජනවාරි 8 අපි ඔබ පත් කලේ රට යහ මගට හැරවීමට විනා රට විනාශ මුඛයට ගෙන යාමට නොවේ. ඔබ නොදන්නා දෙය වැඩ කල හැකි බුද්ධිමත් අයට දෙන්න. ඔබ බොහෝ දෙය නොදන්නා බව පිළිගන්න.
පොලිස් දෙපාර්තමේන්තුවේ උඩ ඉදලා පහලට ඉන්න බොහොම දෙනෙක් හදන්න උත්සහ කලත් මොවූන් හදන්න අමාරු කරුණක් විතරක් නොවෙයි මොවූන් කෙලෙහි ගුණ නොදන්නා පිරිසක් බවට පත් වී ඇත.
කථාව නම් ඇත්ත. ඔහොම්මම ජනාධිපති තුමයි, අගමැති තුමයි ප්‍රතිසංවිධානය වුනොත් ගොඩක් හොඳයි.
පොලිසියට පමණක් දොස් තැබීම වැරදියි. පොලිසිය එම තත්වයට පත්වීමට දේශපාලුවන්ගේ බලපෑමත් විමර්ශනය කලොත් දැනගැනීමට ලැබේවි මුල කොතනද කියලා. මේ රටේ වැරදි වැඩ වලින් 75% පමණ හෝ ඊට වැඩි ප්‍රමාණයක් කරන්නේ දේශපාලුවන් හා ඔවුන්ගේ හෙන්චයියලා.
ජනාධිපතිවරයාගේ සිට ග්‍රාමසේවක දක්වා මුළු රටම ප්‍රතිසංවිධාන විය යුතුයි
ඉතින් ඔය තිබෙන විධායක බලතල පාවිච්චි කරලා ඕක කරලා දමන්න, නැත්නම් ජනාධිපතිවරයාගේ සිට ප්‍රති සංවිධානය කිරීමට ජනතාව විසින් කරනු ඇත.
ඔබ තුමා ගන්න ක්‍රියා මාර්ග ගැන අපි හරි අවධානයෙන් ඉන්නවා.
ඔය කියන ප්‍රතිසංවිධානය ජනාධිපති ධුරයෙන්ම පටන් ගත්තොත් නරකද?
පොලිස්පති, පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නොවේ ජනාධිපති, අගමැති සහ මුළු ආණ්ඩුවම වෙනස් වෙන්න ඕනේ අපිට තේරෙන විධියට.
හරි ජනාධිපතිපතිතුමනි අපි ඉක්මනින්ම ප්‍රතිසංවිධානය කරලා තියන්නම්. එතෙක් සුවෙන් ඉන්න.
මෙයා මේ පුද්ගලික කෝන්තරයක් පිරිමහන්න හදන්නේ.
අවුරුදු 3කට පස්සෙ තමයි වෑඩේ තේරිලා පත්තරේ කියවලා තියෙන්නේ.
කියා කියා ඉන්න. මෙතෙක් මොනවද කරලා තිබෙන්නේ? රංචු පිටින් රට සවාරි යන එකේ නම් ඉවරයක් නැහැ. රටේ ජනතාව නන්නත්තාර වෙලා. ඒ මදිවට ගොනාටත් අන්දනවා. සේරම තීරු බදු පර්මිට් අරගෙන, දැන් බයිලා කියනවා. පුළුවන් කෙනෙකුට රට කරන්න භාර දෙන්න.
ඔච්චර බලවත් විධායක බලයකුත් තියාගෙන කටින් බතල කොළ හිටව හිටවා ඉන්නවා. ඔබතුමාට වැඩි ජනතා සේවයක් අර නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමත් කරනවා. අඩුම තරමේ ඔහු යමක් කිව්වොත් හරි හෝ වැරදි හෝ වේවා එක කරන්න බලනවා. එ්කට ඔබතුමා ලබනපාර ඡන්දෙ ඉල්ලුවොත් ඡන්ද ලක්ෂ 10 ගන්නත් අමාරුවෙනවා.