රූපලාවන්‍ය ශිල්පිනියක් අභිරහස් ලෙස මියයයි මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර අද (13) එම රූපලාවන්‍යාගාරයේ පුටුවක් මත තිබියදී සොයාගත් බව මීරිගම පොලිසිය කියයි. 13 November 2017
බොරළු කැපු පුද්ගලයෙක් අත්අඩංගුවට පොළොන්නරුව අලිවංගුව ශාන්තිපුර රජයේ රක්ෂිතයේ කිසිදු අවසරකින් තොරව පුද්ගලයකු කලක පටන් මහා පරිමාණයෙන් බොරළු කපන බවත් මෙම පුද්ගලයා කිසිවෙකු අත්අඩංගුවට නොගන්නා බව පවසමින් ප්‍රදේශවාසින් විසින් අරලගංවිල විශේෂ කාර්ය බළකා කඳවුර වෙත දැනුම් දිමෙන් පසු අද (13) කළ වැටලීමකදි ටි්රපර් රථ දෙකක් සහ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය පවසයි. 13 November 2017
අරක්කු 80කින් නගී - බීර 80කින් බහී මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි. 13 November 2017
නියගයෙන් බැටකන ජනතාව වෙනුවෙන් බන්දුල සහන ඉල්ලයි රටේ දිස්ත්‍රික් 25න් 20 කම තවමත් නියඟයෙන් බැට කන ජනතාවට අවම වශයෙන් මසකට රුපියල් 2000ක සහනාධාරයක් දියයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 13 November 2017
බැසිල්ගේ නඩුව වෙනත් උසාවියකට යොමු කිරිමේ තීන්දුව බදාදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා වෙනත් උසාවියකට යොමු කිරීම සම්බන්ධයෙන් වු තීන්දුව බදාදා (15) ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) දැනුම් දුන්නේය. 13 November 2017
ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 332 ක් මිය ගොස් අවම වශයෙන් 2500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි. 13 November 2017
යාපන සරසවිය යළි ඇරේ දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විරෝධතා හේතුවෙන් වසා දමා තිබූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු අද (13) නැවතත් ආරම්භ කැරිණි. 13 November 2017
උදරයෙන් හෙරොයින් මතුවෙයි පාකිස්ථානයේ ලාහෝර් සිට පැමිණි පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. 13 November 2017
ගාමිණි සෙනරත් රිමාන්ඩ් අධිකරණයට බාරවු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 November 2017
පෙට්රල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක් හසුවෙයි ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට අද(13) හැකිවිය. 13 November 2017
සීනි සමාගම ඇමැති දයාට පවරනවාට අමරවීරගෙන් විරෝධය රජයට අයත් සෙවනගල සීනි සමාගම ඇමැති දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික ව්‍යාපාරයකට පවරනවාට තමන් විරුද්ධ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2017
සංරක්ෂිත වනාන්තරයක වගා කරන්න දුන් නියෝගය ගැන පැමිණිල්ලක් වනආඥා පනත උල්ලංඝණය වන ලෙස පොතුවිල් මහේස්ත්‍රාත් එම්.අයි.එම්.වහබ්දීන් මහතා විසින් සිවිල් වැසියන් 17 දෙනෙකුට රදැල්ල සංරක්ෂිතයට ඇතුළු වී කුඹුරු වගා කිරීමට අවසරදීම සම්බන්ධයෙන් විධිමත් 13 November 2017
ලිදුල රෝහලේ වර්ජනයක් ලිඳුල ප්‍රාදේශිය රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් දෙදෙනෙකුට වහාම ස්ථාන මාරුවීම ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් සිව්දෙනෙක් හා සුළු සේවකයින් 12 දෙනෙක් අද (13) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ඇරඹුහ. 13 November 2017
‘යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක පාඩුවක්’ තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 400 ක පාඩුවක් වී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් සඟරාව වාර්තා කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2017
මුන්නේෂ්වරම වැවෙන් පැරණි ගොඩනැගිල්ලක නටඹුන් මතුවෙයි හලාවත-මුන්නේෂ්වරම වැවේ රොන් මඩ ඉවත් කරමින් සිටින විට ගොඩනැගිල්ලක නටඹුන් මතුවී ඇත. 13 November 2017
ප්‍රසන්න රණවීර ඇතුළු 31කට ඇප හම්බන්තොට විරෝධතාවයේ යෙදීම නිසා රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනා ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද(13) නියෝග කළේය. 13 November 2017
ඉරාන- ඉරාක භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානි නෑ ඉරාන හා ඉරාක දේශ සීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 13 November 2017
දෙමළ ජනතාව වෙනුවෙන් පොදු ලකුණක් දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත් සියලු දේශපාලන කටයුතු වලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය. 13 November 2017
සෙවනගල යළිත් දයා ගමගේට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ. 12 November 2017
දිවුලපිටියේ කඩ අටක් ගින්නට බිලි දිවුලපිටිය නගරයේ ඔර්ලෝසු කණුව වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි අද 12 රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නකින් කඩ කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ අතර රාති‍්‍ර 9.00 පමණ වනවිට ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබිණි. 12 November 2017
අයියා වෙනුවට මල්ලි පරීක්ෂණයට ඇවිත් රජයේ පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයට සිය වැඩිමල් සොයුරා වෙනුවට පෙනී සිටි බාල සොයුරකු හෝමාගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 12 November 2017
තිසා වැවේ දිය නෑමට අවසර දෙන්න’යි අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිට කියති තිසාවැවේ ජලය ලබාගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නොමැතිවී ඇතිබවත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පැවසූහ. 12 November 2017
ඉමදූවේ අනතුරින් අයෙක් මරුට ගාල්ල දෙනියාය මාර්ගයේ ඉමදුව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි තුනක් ගාල්ල සිට ඉමදුව දෙසට ධාවනය කරමින් තිබූ කැන්ටර් ට්‍රක් රථයක ඉමදුව අධිවේගි මාර්ග පිවිසුම අසලදී ගැටීමෙන් වූ අනතුරින් එක් අයෙක් මියගිය බවත් සිව්දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද බවත් ඉමදුව පොලීසිය කියයි. 12 November 2017
ජෝන් සෙනෙවිරත්න තවමත් දෙලොවක් අතර ඉදිරි පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඉදිරිපත් වුවහොත් තමන් ගනු ලබන ස්ථාවරය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුවන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 12 November 2017
නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව රෝහණ සංඝ සභාව කියයි රටේ දැනට පවතින තත්වය තුළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට රජය කිසිදු අයුරකින් ක්‍රියා නොකළ යුතු බවට ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභාව ඒකමතිකව තීන්දු කළේය. 12 November 2017
‘ගනුදෙනු ජනතාව සමග පමණයි‘ තමා රනිල් හෝ මෛත්‍රී සමග ඩීල් එකක් නැති බවත් තමාගේ ගනුදෙනුව ඇත්තේ ජනතාව සමග පමණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(12) අනුරාධපුරයේ දී පැවසීය. 12 November 2017
පාසල් සිසුවිය ටිපර් රියට බිලි හුංගම, කොටවායේ දී ටිපර් රියකට යටවී 14 හැවිරිදි සිසුවියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 November 2017
බිම්මල් විසවී තිදෙනෙක් රෝහලේ දිවා ආහාරය සමග ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත් බිම් මල් වර්ගයක් විස වීමෙන් කන්දකැටිය බුදුගේකන්ද ගම්මානයේ තිදෙනෙක් රෝගීව අද (12) කන්දකැටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 12 November 2017
කබැල්ලෑ පොතු බවට සැක මලු හතරක් පොලිස් දැලේ මිලියන 52කට ආසන්න වටිනාකමකින් යුත් කබල්ලෑවා නම් අධි සුරක්ෂිත සතුන්ගේ පොතු යැයි කියන පොහොර උර 4ක් කල්පිටිය තිල්අඩිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 12 November 2017
වවුනියා ව්‍යාපාරිකයා පැහැරගැනීමේ තැත වරදී වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගැනීමට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් තිදෙනකු අද(12) වවුනියාවේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 12 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026