ඉන්දිකා රාමනායක
ආවා කල්ලිවල තරුණ දරුවන් මර්දනය කිරීමට යුද හමුදාව භාවිතා කළ හොත් එය ලෝකයට වැරදි පණිවිඩයක් දෙන කරුණක් වන බවත් හමුදා නීතිය රට තුළට ගෙන ඒමට කිසිදු උවමනාවක් නොමැති බවත් රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය.
ආවා කල්ලි සාමාජිකයන් මර්දනයට හමුදාවට බාරදෙන ලෙසට හමුදාව කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආවා කල්ලි සාමාජිකයන් මර්දනය පොලිසියට කළ හැකි දෙයක් බවත් මෙය කිසි ලෙසකින් උඩු දිවීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
එසේම මත්ද්‍රව්‍ය මැඩලීම් හා පාතාල මර්දන කටයුතු සඳහා හමුදාවේ සහය ඉදිරියේ ලබා ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙට ඕන විදිහට කටයුතු කරන්න ගියානම් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නැහැ. රටේ නීතියට පිටින් ගිහින් ජනතාවගේ ජීවිතවල තර්ජනයක් නම් මර්ධනය කල යුතුය. ආවා කල්ලිය පටන් අරගෙන සැහෙන කාලයක් ගියා පොලිසිය කල දෙයක් නැහැ.ආණ්ඩුව කල් මරමින් මෙම සංවිධාන පෝෂණය වීමට සලස්වනවා. මේ ඇමතිවරුන්ගේ කතාවනම් තියෙනවා වැඩනම් නැහැ.
එහෙනමි ටීඑන්ඒ එක සතුටු කරන්නයි, ජාත්‍යන්තරය දිනා ගන්නයි කියලා හිතලා කට වහගෙන ඉන්නේ නැතුව නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ මේක ඉවර කරලා දාන එක හොඳයි... නැත්නම් එල්ටීටීඊ එක දොරේ අප්පා මරලා ඊළාම් යුද්දෙ පටන් ගත්තා වගේ... මෙයාලත් හෙට, අනිද්දා විදේශ ආධාර ඇතුව කළඑළි බහීවි..
මම දන්න විදියට ඔය විදියටම තමයි UNP එක LTTE ඇති කරලා යුද්ධය ඇතිකෙරුවේ...
ඇයි භයද? රටට ජනතාවට යහපතක් වෙනවානම් මොන නීතියෙන් රට පාලනය උනත් කමක් නැත.