(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘‘ලංකාදිපයට‘‘පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විවිධ විමර්ශන අංශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද සම්බන්ධ කරගෙන පවත්වන මෙම සුවිශේෂි පුවත්පත් සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පොලිසියේ ඉදිරි සැලසුම් ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
අපරාධ මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හා අපරාධ මර්දනය සම්බන්ධයෙන් විශේෂ ඉදිරි සැලසුම් යනාදිය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් තොරතුරු අනාවරණය කෙරෙන බව කී පූජිත් ජයසුන්දර මහතා පොලිසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පවසා ගැටලු නිරාකරණය කර ගැනීමටද අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළේය.
පොලිසියේ දියුණුව සඳහා මාධ්‍යවේදින්ගේ යෝජනා ඇත්නම් ඒවා ගැනීමට ද මෙහිදී කටයුතු කරන බව ඔහු කීය.
තමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු විවිධ වැඩසටහන් නිසා රටේ අපරාධ මර්දනයේ ලොකු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මරු වැඩේ හරියට කළොත් ස්කොට්ලන්ඩ්යාඩ් යන්න පුළුවනි..........
මෙයාගෙ සාකච්ඡා හැම එකක්ම ආන්දෝලාත්මකයි!
මේ කියන්නේ ජනාධිපති බලපෑම් කරාට මම අයින් වෙන්නේ නෑ කියන එක නේද ? අනේ රටක නායකයෙකුට ගිය කල. පොඩි එකෙක්වත් කියන දේ අහන්නේ නෑ. එයත් හිතන්නේ ඕනේ නින්දාවක් මට මොකද. මම තනතුරේ ඉදිමින් ඒකෙ තිබෙන සැප බුක්ති විදලා පැන්ෂන් එකත් එක්ක ගෙදර යනවා කියලා.
දේශපාලනය මේ රට තව තවත් අගාදයට පත් කරනවා.
පොලිස් පති තුමා වටේ යනවා.. වගේ.. නැත්නම් මහජනතාව වටේ යවන්නද හදන්නේ.. තිබෙන තත්ත්වය හා සංසන්දනාත්මකව බැලුවහම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සහ ඉදිරි වැඩ පිළිවෙලක් ගැන කතා කරනවා මිසක් වර්තමානේ පොලිස්පතිතුමා මුහුණ දීල තියන ප්‍රශ්න ගැන සදහනක් නැහැනේ...
මෙයාට අමු කැවිලද කොහෙද????
බලන්න රටේ දවස ගානේ වෙන අපරාද.
සාකඡ්චා පැවත්තුවට පසු අපිට පුළුවන් පිළිතුරු දෙන්න
මේක ආණ්ඩුවට කරන වක්‍ර තර්ජනයක්, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට ප්‍රතිචාර දැක්වීමක් තමයි මේ කරලා තියෙන්නේ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික හරි තියන නිසා සමර විට ආණ්ඩුවේ පාරම් බාපු නායකයෝ අඩියක් පස්සට තියයි. එතකොට පොලිස්පතිවරයා යහතින් ඉදිවී. ඒක බලාගන්න පුළුවන් ලබන මාසේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනවාද නැද්ද කියන කාරණය උඩ. මාධ්‍ය සාකච්ඡාව ඔය කියන විදියට පැවැත්තුවේ නැත්නම් කට්ටියම එකම මල්ලේ ලුණු කාලා තියන විත්තිය රටට හිතා ගින්න පුළුවන් වේවි.
ඔබතුමා යටතේ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රගතියක් ලබා ගෙන තියෙනවා කියන්නේම ආන්දෝලනාත්මක පුවතක් තමයි
ඔන්න තවත් මෙගා නාටකයක්.
ඊට ඉස්සර්වෙලා නීතිය හෑමෝටම එක වාගේ ක්‍රියාත්මක කරලා ඉන්න.
ඔබතුමා හරි වාසනාවන්තයි මේ රජය යටතේ මේ වගේ කතා කියන්න ලෑබුනට. ගිය ආන්ඩුවෙ කාලෙ කිව්වනම්, මෙලාකටත් ඉස්පිරිතාලෙ.
සාකච්චාවට අපිත් එනවා. හැබැයි අඬන්න ඔට්ටු නෑ ඔන්න.
සාකච්ඡාවට අජිත් එනවා කිව්වේ පැරිස් අජිත්ද?
මේවා තමයි ටෙලි නාට්ටි කියන්නේ...
මොනවා වුණත් මෙයා එඩිතර හොඳ සිංහල, බෞද්ධයෙක්...!!!
මෙතුමා අනාගතේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවේවිදෝ මන්දා.. ඒවගේ හඬක් තමයි මට පේන්නේ...
අන්න හරි. මොන දේ කළත්... සද්දෙට බෙර ගහලා කරන්න ඕනෑ. බෙරේ සද්දේ වැඩිවුණු තරමට තමයි තොයිලේ ගුණ දෙන්නේ...