ප්‍රධාන දුම්රිය මගේ ගමන් පමාවෙයි වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර දාරළුව ප්‍රදේශයේ දී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අද(16) උදෑසන ප්‍රධාන මාර්ගයෙහි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබිණි. 16 November 2017
ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයකු (40) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 16 November 2017
යුද හමුදාපතිට නොතීසි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද (15) නියෝග කලේය. 15 November 2017
නවීන රේඩාර් පද්ධතියක් ගුවනට ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද(15) සිදු කෙරිණි. 15 November 2017
ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක් පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 15 November 2017
නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ අතුරුදන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(15) මුද්‍රා තබනු ලැබීය. 15 November 2017
ගුරුවරයාට ඇප නවගත්තේගම පාසලක ගුරුවරියකට හිරිහැර කළැයි අත්අඩංගුවට ගත් ගුරුවරයකු රුපියල් 15000 ක මුදල් සහ ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය. 15 November 2017
හම්බන්තොට විරෝධතාවයේ සිටි හිමිනමක් අත්අඩංගුවට හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර හය වැනිදා පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන කිංචිගුණේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය. 15 November 2017
වැඩ බලන විභාග කොමසාරිස් සනත් පූජිත වැඩබලන විභාග කොමසාරිස් ලෙස සනත් පූජිත මහතා පත්කරනු ලැබ සිටී. 15 November 2017
තට්ටු නිවාස සංකීර්ණවලට ග්‍රාම නිලධාරී කාර්යාලයක් නිවාස සියයකට වැඩි සෑම තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමේදීම ග්‍රාම නිලධාරී කාර්යාලයක් සඳහා ඉඩක් වෙන් කළ යුතු බවට වන නීති සකස් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(15) පැවසීය. 15 November 2017
බැඳුම්කර කොමිසම රහස් පොලිසියේ දෙදෙනකුගෙන් සාක්කි ගන්න යයි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද (16) සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය. 15 November 2017
ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස ගත් රේගු නිලධාරීන් සිව් දෙනාට ඇප මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලදී. 15 November 2017
රජරට රැජිණ පීලී පනී - තැපැල් දුම්රිය 4ක් නවතී මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රිය පරසන්ගස්වැව සහ මැදවච්චිය අතර ඊයේ (14) රාත්‍රී පීලි පැනීමට ලක්වූ අතර ඉන් මැදිරි 4ක් පීලි පැන පෙරළීමෙන් දුම්රිය මාර්ගයට ද දුම්රිය පාලමකට ද විශාල වශයෙන් හානි සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි පවසයි. 15 November 2017
බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 6ක වන්දි සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(15) නියෝග කළේය. 15 November 2017
‘රාජ්‍ය සහ පෞද්ගලික සේවකයා අමතක කළ අයවැයක්’ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය අංශයේ සේවකයා සහ පෞද්ගලික අංශයේ සේවකයා අමතක කළ අවමංගල අයවැයක් බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (15) පැවසීය. 15 November 2017
ස්ථාන මාරු ක්‍රියාත්මක කරන තෙක් මධ්‍යම පළාත් වර්ජනය දිගටම පේරාදෙණිය හා මහනුවර රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය, ස්ථාන මාරු ලබා සිටින එම පළාතේ රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ ස්ථාන මාරු කි‍්‍රයාත්මක කරන තුරු අඛණ්ඩව කරගෙන 15 November 2017
නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය ඉවතට නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 15 November 2017
‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘ සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි. 15 November 2017
විද්‍යා නඩුවෙන් නිදහස් වුණත් ඉන්ද්‍රකුමාර් යළි රිමාන්ඩ් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් යළි නොවැම්බර් 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා ඊයේ (14) නියෝග කළේය. 15 November 2017
IEEE සංවේදක සමුළුවේදී මොරටු සරසවිය තෙවැනි තැනට අන්තර්ජාතික විදුලි හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු ආයතනයේ සංවේදක කවුන්සිලය සංවිධානය කළ ‘2017 IEEE සංවේදක සම්මේලනයේදී ගොඩනැගිලි ස්වයංක්‍රීයකරණ පද්ධතියක් ඉදිරිපත් කළ මොරටුව සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෙවන ස්ථානය හිමි වී තිබේ. 15 November 2017
අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක් අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ. 15 November 2017
ව්‍යාජ ඇමරිකා ඩොලර් මිලියනය අලෙවි කිරීමට ගිය අයෙක් කොටුවෙයි ඇමැරිකා ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නොට්ටුවක් රුපියල් ලක්ෂ 10 මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු කින්යා මාන්චෝලෙච්චනෙයි ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකා කැලෑ පුලියන්කුලම කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 15 November 2017
සීදූව ව්‍යාපාරිකයකුගේ රියට වෙඩි සීදුව ව්‍යාපාරිකයකු (49) කල්පිටියේ ව්‍යාපාරික කටයුත්තකට ගොස් සිය ජිප් රියෙන් ආපසු එමින් සිටියදී සීදුව ඊරියගහළිඳ පාර අසලදී තවත් මෝටර් රියකින් පැමිණි අයකු ඔහුගේ රියට වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 November 2017
සෙවණගල දයාට නෑ ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 15 November 2017
ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 15 November 2017
යාපනයේ කඩු කිනිසි ගත් කල්ලියක් 8 ක් කපා පළා යති යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් අඟහරුවාදා (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පළා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හට ගෙන ඇත. 15 November 2017
මහාධිකරණ විනිසුරුවරුන් වැඩි කෙරේ මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව තවත් 35 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය කියයි. 15 November 2017
වෙන්නපුවේදී සිසුවෙක් මුහුදේ ගිලී අතුරුදන් වෙන්නප්පුව - සින්දාත්‍රිය ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතරින් එක් සිසුවකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 15 November 2017
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ. 15 November 2017
විරෝධතාවයෙන් පසු පාර හදන්න මුදල් වෙන් කෙරේ මහන්තේගම මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා කොළඹ නුවර පාර මාවනැල්ලෙන් අවහිර කරමින් පැවති විරෝධතාවයෙන් අනතුරුව එම මාර්ගය සැදීම සදහා රුපියල් ලක්ෂ 86ක් වෙන් කර ඇති බව රඹුක්කන විධායක ඉංජිනේරු රොෂාන් වික්‍රමසිංහ මහතා අද (15) මාධ්‍යයට පැවසිය. 15 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026