‘ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියගේ සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරිමට විරෝධය’ මදුරන්කුලිය පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී ගුරුවරියකට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු පොලිස් ඇප මත මුදා හැර එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කිරීමට පුත්තලම පොලීසිය ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන බවත් 17 November 2017
කොළඹ හිටපු නාගරික මන්ත්‍රීට දඩ 2010 - 2015 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ වසර 6කට අදාළව නීති බලධාරියාට ඉදිරිපත් නොකළැයි වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන මහතාට රුපියල් 6000ක් දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය. 17 November 2017
සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක් මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය. 17 November 2017
පිලිපින් ජාතිකයා අද යළි තායිලන්තයට දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි පිලිපීන ජාතිකයක් (34) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 17 November 2017
ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. 17 November 2017
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය. 17 November 2017
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි. 17 November 2017
උතුරේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි උතුරේ ස්ථාන කිහිපයකදී සැමරෙන මහවිරු දිනයන් හා යාපනයේ පසුගිය දිනවල තියුණු ආයුධ වලින් පහරදීම් හා සමාජ විරෝධී ක්‍රියා වාර්තාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා නියෝග කොට ඇත. 17 November 2017
ආවා කල්ලියේ හයදෙනෙකු අත්අඩංගුවට යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇතැයි උතුරේ උසස් පොලිස් නිලදාරියෙක් පවසයි. 16 November 2017
මාවා සමඟ පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනකු මාවා නැමැති තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටියදි අද (16) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. 16 November 2017
නිධන් සෙවූ 10කට ලක්ෂ 11ක් දඩ හබරණ තූම්බිකුලම පුරාවිද්‍යා රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී නිධන් සෙවීම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීමේ චෝදනා වලට වරද පිළිගත් විත්තිකරුවන් 10 දෙනෙකුට රුපියල් 1,10 000 බැගින් දඩ නියම කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 16 November 2017
මංගල නිවැරදි බව ඇමැති අමුණුගම කියයි අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරදි නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. 16 November 2017
අයවැය දෙවැනිවර කියැවීම සම්මතයි අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 151ක් හා විපක්ෂව ඡන්ද 58ක් ලැබිණි. 16 November 2017
සංඥා දෝෂයක් නිසා දුම්රිය ප්‍රමාදයි සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ වන සියලු දුම්රියන් ප්‍රමාධ වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය කියයි. 16 November 2017
දුම්රිය ආපදා රථයත් ආපදාවට උතුරු දුම්රිය මාර්ගයේ පරසන්ගස්වැව හා මැදවච්චිය අතර පීලි පැනීමට ලක්වූ රජරට රැජින දුම්රිය මැදිර පීලිගත කිරීම සඳහා කොළඹ සිට ගිය දුම්රිය ආපදා රථය අද(15) කාර්මික දෝෂයට ලක්වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 16 November 2017
‘බලයට එන්න සිම්බාබ්වේ විපක්ෂයේ සූදානමක්‘ ජනාධිපති රොබට් මුගාබේ මහතා තවමත් නිවාස අඩස්සියේ බවත් ඔහුගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් වාර්තා වෙයි. 16 November 2017
සුකී නිහඬ නැති බව කියයි රොහින්ග්‍යා අර්බුදයේදී තමන් නිහඬව නොසිටි බව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ප්‍රකාශ කරයි. 16 November 2017
පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය. 16 November 2017
පුතුට පහරදුන් පියා රිමාන්ඩ් මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පුතුට පහරදී යකඩ හැන්දකින් රත්කර පිළිස්සීමේ චෝදනාවට සැකකාර පියා හෙට(17) තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය. කොපිවත්තේ පදිංචි සිව්දරු පියකු වන මොහොමඩ් යදුර්දීන් (66) එසේ රිමාන්ඩ් කෙරිණි. 16 November 2017
වැටුප් ප්රශ්නය විසඳන්නැයි කළු පටි බඳිති සේවකයන්ගේ වැටුප් ප්රශ්නය විසඳීමට ක්‍රියාකරන්නැයි ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ අද (16) කළු පටි බැඳ සංකේත විරෝධතාවක් පැවැත්වූහ. 16 November 2017
අගමැති සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත. 16 November 2017
‘සීමා නිර්ණයේ සියයට 95ක් වෙනස් වෙලා නෑ‘ කළින් රජය සිදුකර තිබු පළාත් පාලන බලප්‍රදේශ පිළිබඳ සීමා නිර්ණ කටයුතු වත්මන් රජය නැවත සිදු කළත් කලින් කර තිබු සිමා නිර්ණ සියයට අනූ පහක්ම වෙනස් වූයේ නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. 16 November 2017
ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය නතර කරන ලෙස ඇමැති අනු කමිටුවෙන් යෝජනා රාජ්‍ය ආයතන මගින් සිදුකරන ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය නතර කරන ලෙස පසුගියදා ඇතිවූ තෙල් අර්බුදය පිළිබඳ සොයා බැලීමේ අමාත්‍ය අනු කමිටුව රජයට යෝජනා කර ඇත. 16 November 2017
කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය. 16 November 2017
බැකෝවෙන් පස් කපද්දී බෝම්බ මතුවෙයි වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පස් කපන යන්ත්‍රයකින් බොරලු කපමින් සිටියදී පොළව යට වළදමා තිබූ අත් බෝම්බ 2ක් අද (16) සොයා ගත් බව වව්නියාව පොලීසිය කියයි. 16 November 2017
වනජීවී නිලධාරීන් 15ක් නිවාස අඩස්සියේ ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ අලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරීන් 15 දෙනකු අද(16) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නිවාස අඩස්සියට ගනු ලැබූහ. 16 November 2017
‘නොරොච්චෝලේ අළු කන්දත් මීතොටමුල්ල වගේ‘ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග්‍ර පාරිසරික සහ සමාජීය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. 16 November 2017
මූල්‍ය වංචා කළැයි සමෘද්ධියේ අටකට නඩු මූල්‍ය වංචා සහ දූෂණ කළ බවට චෝදනා එල්ල වී තිබෙන සමෘද්ධි නිලධාරීන් අට දෙනකුට එරෙහිව කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇතැයි යාපනය දිසා ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි. 16 November 2017
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද 2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. 16 November 2017
ත්‍රී රෝද - ලොරි අනතුරින් අයෙක් මරුට මින්නේරිය හිගුරක්ගොඩ මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේ අද(16) ලොරි රථයක් සහ ති‍්‍රරෝද රියක් එකිනෙක ගැටීම හෙතුවෙන් ති‍්‍රරෝද රථ රියදුරු එහි සිටි දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. 16 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026