(හසිත රංග ගුණතිලක)
නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද කාරියප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (4) පත්කර තිබේ.
මාස දෙකකට අධික කාලයක් පුරප්පාඩුව පැවැති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බලනු ලැබුවේ දහම් පාසල් කොමසාරිස් එච්.එච්.කුමාරි මහත්මිය විසිනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුනන්ද මහතා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙසත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ලෙසත් කටයුතු කර පරිපාලන සේවයේ බොහෝ කාලයක් සේවය කළ අද්දැකීම් බහුල නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමට පමණක්ද දන්නේ නැහැ.....????
සාදුචර්යා පුස්තකය ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරු අපහසුතාවට පත්ව ඇත. සරලව හා පහසුවෙන් පරිහරණය කළ හැකි පොතක් ලෙස මා එහි කරුණු අඩංගු කර පොතක් නිර්මාණය කර ඇත. එහි ඇති කරුණු ගැනීම වරදක් දැයි දැන ගැනීමට කැමතියි.
අරණායක ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් මැල්ලගල ප්‍රදේශයේ අවුරුදු ගණනාවක සිට දහම් පාසලක් නැත. අදාල ශාසනාරක්ෂක බලමණ්ඩලයටද මේ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කොට ඇත. එහෙත් කිසිඳු නිලධාරියෙකුගෙන් හෝ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගෙන් හෝ මේ ගැන යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මැල්ලගල ප්‍රදේශයේ සියලු දරුවන් හට දහම්පාසල් අධ්‍යාපන නොලැබ ඉරිදා දින නිවසට වී සිටීමට සිදුව ඇත. වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමි...