සුජිත් හේවාජුලිගේ
රටේ ප්‍රශ්නවලට එරෙහිව ලබන 9 වැනි දා පාර්ලිමේන්තු රැස්වීමේ දී ලොකු විරෝධතාවයක් මතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
රටේ ආර්ථික අර්බුදය මැතිවරණ කල්දැමීම,ප්‍රභූවරුන් ඝාතනය කිරිමේ සැලසුම් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය ඇතුළු කරුණූ ගණනාවක් පිළිබඳව මෙහිදී විරෝධතාව මතුකරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි ප්‍රශ්න කිරිමට ද කටයුතු කරන බව වීරවංශ මහතා කීවේය.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ කමිටුව ඒ සඳහා කැබිනට් විසඳුමක් දෙනවා වෙනුවට මැතිවරණය කල් දැමීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉදිරියේ දී රටපුරා විරෝධතා සංවිධාන කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රධාන අරමුණ රටේ එදිනෙදා වැඩකටයුතු කඩාකප්පල් කර ජනජීවිතය අවුල් කර ආණ්ඩු බලය ඇල්ලීමයි. දැන් ආයේ ඕන කරන්නේ ආයේ සුපුරුදු පරිදි තමන්ගේ පවුල් වලට බලය සහ සැප සම්පත් ලබා දීමයි.
හිර ගෙවල්වල ගාල් කරන්න ඕනේ හොරු, මිනීමරුවෝ මැරයෝ හා දූෂිතයෝ... මේ මෝඩ පාලකයින් නිසා අද බඩපිනුම් ගහනවා. රටේ එදිනෙදා කටයුතු අඩාල කර රට අරාජික කර ආණ්ඩුබලය සියතට ගන්න නටන මේ නෙයියාඩගම්වලට නිසි උත්තර ජනතාව ඉදිරියේදී ලබා දෙනු ඇත.
සෑහෙන කාලෙකට පස්සේ. කොහෙද මෙතුවක්කල් ගිහින් හිටියේ?