(ප්‍රින්ස් රත්නායක)
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ තිරිවානාකැටිය ප්‍රදේශයේ මාර්ගයේ එක් කොටසත් ගිලා බැස තිබේ.
ඇඹිලිපිටිය දෙසින් රත්නපුර දෙසට පැමිණෙන විට වම්පස මාර්ගයේ පාලම සහිත කොටස මෙසේ ගිලාබැසීමට ලක්ව ඇත.
අධික වර්ෂාව හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුව ඇති අතර එම ප්‍රදේශයේ ගිලාබැස ඇති කොටස මාර්ග බාධක එක්කිරීමෙන් ගමන් මග අවහිර කර තිබේ.
බදුල්ල හා ඇඹිලිපිටිය දෙසට පොදු මාර්ගයක් ලෙස පවතින මෙම ප්‍රධාන මාර්ගයේ මෙසේ එක් පසක් අවහිරවීම නිසා වාහන හිමියන්ට බොහෝ වෙලාවක් මග රැඳීසිටීමට සිදුවීමෙන් මහජනතාවට අපහසුතා රැසකට මුහුණා පෑමට සිදුව ඇත. එමෙන්ම එම ප්‍රදේශය අනතුරු බහුල ප්‍රදේශයක්ව පවතී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටම ගිලා බහින වෙලාව. බේරෙන්න නම් රටින් පිට පනින්න... නැතිනම් ඉවරෙටම ඉවරයි.
මේක කලින් රජයෙන් බාලෙට කරපු වැඩ හොරකම් කරන එකමනේ කලේ.