(ඉන්දිකා රාමනායක)
පැපිලියාන, වික්‍රමරත්න මාවතේදී පසුගිය 30 වැනිදා අලුයම පොලිස් පරීක්ෂකවරයකුට මරුකැඳවූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය මත්පැන් බී සිටි බවට නඩු පැවරීමට පොලිසියෙන් සිදුකළ ස්වසන වායු පරීක්ෂණය ප්‍රමාණවත්යැයි රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අනතුර සිදුවූ දින එම වෛද්‍යවරිය පොලිසිය විසින් ස්වසන වායු පරීක්ෂණයකට භාජන කළ අවස්ථාවේ ඇය බීමතින් සිටි බව හෙළි වූ බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්වසන වායු පරීක්ෂණ වාර්තා ඇයට එරෙහිව නඩු පැවරීමට යොදාගන්නා බවද කියා සිටියේය.
ස්වසන වායු පරීක්ෂණය සඳහා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද අතිවිශේෂ බැලුනයේ කහ පැහැති පටියක් ඇති බවත් බීමතින් සිටින පුද්ගලයකු එය පුම්බන විට එම පටිය කොළ පැහැයක් ගන්නා බවත් ඔහු කීය.
අනතුර සිදුවූ දින වෛද්‍යවරිය එම බැලුනය පිම්බූ අවස්ථාවේ එය කොළපාට පැහැයක් ගත් බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම වෛද්‍යවරිය පරීක්ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කළද එය ප්‍රමාණවත් නොවන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අනතුර සිදුවීමට කලින් මෙම වෛද්‍යවරිය සාදයකට සහභාගි වී ඇති අතර එම ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන ඇතුළු සාක්කි පොලිසිය සතුව ඇති බවත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
අජිත් රෝහණ මහතා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැප්පුනේ පොලිසියේ කෙනෙක් බව නම් ඇත්ත තමයි. හැබැයි ඉතින් බිව්වා කියල කියන්නෙත් පොලිසියේ කට්ටියමනෙ. ඉතින් කාටද ඔය බොරු විස්වාස කරන්න පුළුවන්. අද වෙද්දී මුළු පොලිස් සේවයම විහිළුවක් වෙලානෙ තියෙන්නෙ දේශපාලකයොන්ට කඩේ ගිහිල්ලයි, පතාලෙන් කප්පම් අරගෙයි, මිනිස්සු බොරු නඩු වලට පටලවල (වෛද්‍ය මහත්මිය ගැන නෙමෙයි මම සඳහන් කලේ) හිරේ යවලයි. ඉතින් මේ වෛද්‍ය මහත්මිය බිව්ව කියන එක කාට විස්වාස කරන්න පුලුවන්ද? ඔය බොරු හොඳයි කොන්ඩෙ බැඳපු චිනුන්ටයි, ඔය බොරු විස්වාස කරන ගම් කබරයින්ටයි. පක්ෂය මොක උනත් දේශපාලකයන්ට කඩේ යන මොලේ කලඳක් නැති මී හරක් කුලයේ එවුන්ටත් මේ බොරු හොඳයි.
තද කොළ පැහැ වුනේ නැත්ද?
විද්‍යා පාදෙණිය දැන් මොකද කියන්නේ...?
මේ සිද්ධිය වුන දවස මේ පිටුවේ කිහිප දෙනක් අදහස් පල කරලා තිබුණා, වෛද්‍ය සංගමය මෙයාව ආරක්ෂා කරන්න කටයුතු කරාවි කියල. දැන් කොහොමද?
දැන් කියාවිද දන්නේ නැහැ , මේ වෛද්‍ය වෘත්තීය රටේ වැදගත්ම වෘත්තීය නිසා ඉඳහිට ටිකක් බීලා මනුස්සයෙක් දෙන්නෙක් යට කරගෙන වාහන පැදෙව්වට කමක් නැහැ කියලා.
මුවින් මත්පැන් ගඳ වහනය වෙනවද බලන්න දොස්තර කෙනෙක් ඕනෙද? a දොස්තර මහත්තය කරලා තියන්නේ ඉව නැති බල්ලෙක්ගෙ වැඩක්
තාම වෛද්‍ය සංගමය මුකුත් කිව්වේ නැනේ
මේකටත් අරගොල්ලෝ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරයිද දන්නේ නැහැ. එලකිරි උනුකරලා සුදු රෙද්දෙන් පෙරලා බොන වෛද්‍ය කණ්ඩායම තවම නිහඬ මොකද දන්නේ නැහැ. බැරි වෙලාවත් මෙම සිදුවීම පොහොට්ටුවේ නොවන කෙනෙකු අතින් දොස්තර වරයකුට උනානම් මෙලහකටත් මාධ්‍ය සාකච්චා, උද්ඝෝෂන, වැඩවර්ජන තර්ජන, ලෙඩ්ඩු අපහසු තාවයට පත් කිරීම්, ජන ජිවිතය කඩාකප්පල් කිරිම් වගේ දේවල් බලන්න තිබ්බා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන හැටි. අනේ අපොයි රටකට ගිය කලක්.
ඉතා නිවැරදි නීත්‍යනුකූල තීරණයක්, හැබැයි අනතුරට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නොවූයේ නම් මේ තීරණය වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් ඉදිරි වෛද්‍ය වැඩ වර්ජනයකට පෙර සූදානම් වීම රජයේ වගකීමක්.
ඔය ප්‍රවෘත්තිය අහපු ගමන් මම ලිව්වේ මෙයා බේරා ගන්න යහළුවෝ ඉදිරිපත් වේවි කියලා. දැන් වෛද්‍ය රපොර්තුව ගණන් නොගෙන අර උන්දැට නඩු දැම්මාට දොස්තරලා උද්ඝෝෂණ කරාවිද දන්නේ නැත... කොහොම වුනත් මේ අවස්ථාවේ වෛද්‍ය රපොර්තුව ගණන් නොගෙන පොලිස් රපොර්තුව ක්‍රියාත්මක වීම ගැන සතුටුයි. දොස්තරලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ මට්ටු කරන්න කාටවත් බැහැ කියලා.
මගේ පවුලේ කෙනෙකුට නම් මේදේ වුනේ.. මෙයා බේරුණත් මගේ වාහනයට මෙයා යටවෙනවා වෙනවාමයි...
වෛද්‍යවරියක හෝ කම්කරුවෙකු වේවා රටේ නීතිය පොදුවිය යුතුමය. නිදහස් උසස් අධ්‍යාපනය ලැබුවා විතරක් මදි. රටේ සිවිල් නීතියත් දැනගත යුතුයි. අද කාලයේ මව්පියන්ට ඕනෑ අධ්‍යාපන රේස් එකේ ළමයින් යවා උසස් යයි සමාජ සම්මත වෘත්තියකට තල්ලු කිරීමයි. අඩු ගානේ පාරේ යද්දී මාර්ග නීති මේවායැයි යනුවෙන් දරුවන්ට කියාදෙන දෙමව්පියන් ඉන්නවා නම් බොහොම හොඳයි. පාරේ වම් පැත්තෙන් ගොනෙකු සේ ශිෂ්‍යත්ව පන්තියට ඇදන් ගිය දරුවා නවතින්නේ දකුණු පැත්තෙන් වාහනය එලවමින් දිලන්ත මාලගමුව පරාද කරන්න මහපාරේ රේසින් කාර් යාමෙනි. මේවා සමහර මව්පියන් තේරුම් ගන්නා විට දරුවා උගත් සමාජ විරෝධියෙකු ලෙස හංවඩු ගැසී අවසානයි.
"මෙම වෛද්‍යවරිය පරීක්ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කිරීම" හොරාගේ අම්මගෙන් පෙන ඇසීමක් වැනිය.