ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා අත්අඩංගුවට ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි. 15 November 2017
සිවු පුද්ගල කමිටුවෙන් තෙල් සංස්ථාවට දොස් ඉන්ධන හිඟයක අනතුරක් එන බව දැනගෙන සිටියද ඛනිජ තෙල් සංස්ථාව ඊට මුහුණ දීමට අවශ්‍ය පියවරක් ගෙන නොතිබූ බව ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ සිවු පුද්ගල ඇමැති අනුකමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ. 14 November 2017
අයවැය යෝජනා ගැන කැබිනට් රැස්වීමේදී විරෝධය නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරිත්වය කෙරෙහි ඇති සීමා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණයට අද පැවැති කැබිනට් රැස්වීමේදී අමැතිවරුන් කිහිප දෙනකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 14 November 2017
නිළධාරින් නැතිව එම්.අාර්.අයි ඒකකය නතර වෙයි නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මහනුවර මහ රෝහලේ එම්.අාර්.අයි ඒකකය අද (14) සම්පුර්ණයෙන්ම නතර වී තිබු බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 14 November 2017
පුංචි ඡන්දයට ඒකාබද්ධය වෙනම ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 14 November 2017
ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප වැඩිවේ 2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2017
බියර් අඩු කිරිමේ තින්දුවේ වෙනසක් නැ බියර් හා වයින් සඳහා බදු අඩු කිරිමේ තින්දුවේ වෙනසක් සිදු නොවනු ඇතැයි මුදල් අමාත්‍යවරයා කියයි. 14 November 2017
තානාපති සේවයට යන්නේ විවේක ගන්නයි - ජනපති වර්තමානයේ තානාපති සේවාවන්වල යෙදී සිටින බොහෝ දෙනා එම සේවාව යොදා ගෙන ඇත්තේ විශ්‍රාම දිවිය විවේකයෙන් ගත කිරීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මේ නිසාම තානාපති සේවාවන්වලට විශාල තරඟයත් ඇති වී ඇතැයි ද ජනාධිපතිවරයා කීය. 14 November 2017
අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සමථයකට පත් කිරීමට කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ලබා ගත්යැයි කියන පොලිස් සැරයන්වරයකු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) නියෝග කළේය. 14 November 2017
තෙල් අර්බුදයේ වාර්තාව ජනපතිට නොබෝදා ඇතිවූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (14) දහවල් බාර දෙනු ලැබීය. 14 November 2017
විභාග කොමසාරිස් ඉවතට විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ. 14 November 2017
බීර මිල වැඩිකළ යුතු බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණ කියයි මෙවර අයවැයෙන් බියර් මිල අඩුකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරන බව එහි සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. 14 November 2017
‘මෙවර මැතිවරණයේ ශ්‍රිලනිපෙ නාමයෝජනා කටයුතු අවසන්’ - අමරවීර මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා කටයුතු සියයට අනූ නවයකින් අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 14 November 2017
‘ඊපීආර්එල්එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් බලපෑමක් නෑ’ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සන්ධානයෙන් ඉවත් වීමෙන් හෝ සන්ධානය හා එක්ව මැතිවරණවලට තරග නොකිරීමෙන් දෙමළ ජාතික සන්ධානයට කිසිදු බලපෑමක් හෝ පාඩුවක් සිදු නොවන බව එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් මහතා පැවසීය. 14 November 2017
යුද හමුදා සාමාජිකයන්ට දෙන පොදු සමාකාලය දිර්ඝ වෙයි යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය මෙම 22 දින දක්වා තවදුරටත් දීර්ඝ කළ බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය. 14 November 2017
රාජගිිරිය අනතුරට සම්බන්ධ සිසුන් දෙදෙනාට ඇප අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්‍රියතම පිරිමි විදුහලක 18 හැවිරිදි සිසුන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(14) නියෝග කළේය. 14 November 2017
අධ්‍යාපන අමාත්‍යංශයේ ගැටුම ගැන පරීක්ෂණයක් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු අමාත්‍යංශ සේවකයකුට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 14 November 2017
විදෙස් මත්පැන් ගෙනා අයකුට දඩ තීරු බදු නොගෙවා ඉන්දියාවේ සිට මෙරටට විදේශීය මත්පැන් බෝතල් 8ක් සහ විදේශීය දුම්වැටි 200ක් රැගෙන විත් සන්තකයේ තබාගැනීම සහ යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය රුපියල් 25000ක දඩයක් නියම කළාය. 14 November 2017
උ’මැද විදුහල්පතිවරු 100ක් හිටිහැටියේ මාරු උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් එම පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් 100කට අධික පිරිසක් හිටි හැටියේම නීති විරෝධී ලෙස හා දේශපාලන අවශ්‍යතාවන් මත ස්ථාන මාරු කිරීමට එරෙහිව තම සංගමය දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 14 November 2017
ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා ගැන විමර්ශන ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසිය කියයි. 14 November 2017
ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය. 14 November 2017
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. 14 November 2017
යාපන සරසවි සිසුවෝ වීදි බසිති රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් යාපනය සරසවි සිසුහූ පිරිසක් අද (14) විරෝධතා පාගමනක් පැවැත්වූහ. 14 November 2017
ලංගම රියට යටවී කතක් මරුට අම්පාර සෙනරත් සෝමරතන කි්රඩාංගණය අසල දී අද (14) ලංගම බස් රථයකට යටවී කාන්තාවක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 14 November 2017
නුවර - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක් ගනේතැන්න - ගම්පොල මාර්ගය හදා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය ගනේතැන්නෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. 14 November 2017
විවාහක යුවළකගේ සිරුරු මිල්ලනිය නිවසකින් සොයා ගැනේ පරගස්දෙණිය, මිල්ලනිය වත්තේ නිවසක තිබී විවාහක යුවළකගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. 14 November 2017
මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ වැඩ වරන්න සැරසෙති පුත්තලම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් ලබන 16 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 14 November 2017
මුම්බායි ගිය ශ්‍රී ලන්කන් යානය ආපසු කටුනායකට මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ආපසු හරවා පැමිණ තිබේ. 14 November 2017
ඒකාබද්ධය සමඟ සාකච්ඡා සාර්ථකයි - ටී. බී මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා අද (13) පැවසීය. 13 November 2017
භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400ක් ඉරාන ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරටේ ආරංචි මාර්ග සඳහන් කරයි. 13 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026